සුදු පිරියම් කරාපු කාමරේ පුරාවට තියෙන්නෙ මං ඇදපු හිත නිවෙන සිත්තම්.මෙවිභූ මට එවාපු රිදී පතුරු සිලි සිලිය කාමරේ ජනෙල් කවුලුව ගාව ඉඳන් සුළං කෝඩෙට තාල අල්ලනවා.
"ඔය ලී පතුර එවන්න වස්තුව"
මෙවිභූ එයා ළඟ තිවුන ලී කෑල්ල තොටිල්ල හදන ගමන් උන්න මයෙ ගාවට උඩු ගුවනෙන් එවද්දි මං අත් දෙක උස්සලා අල්ල ගත්තා.
"ඔයා කොහොමද කියන්නෙ දුවෙක්මය කියලා??"
"මං නැකැත් චක්‍ර හැදුවෙ දුවෙක් ලැබෙන්නනෙ"
"එව්වා කරෙත් නැකතටද?"
"මම කීවනේ~ වන්ෂොට් හයේ පාරක් ගහනවා කියලා"
මහතැන බක පන්ඩිත පාටට හිනා වෙද්දි මං ඔලුව දෙපැත්තට කරලා ඇණේ ගහන්න ගත්තෙ හිනාවෙවී.පිස්සෙක් මහා.
"ඔයා සතුටින්ද?"
"සතුටුදත් අහනවා"
"ගොඩක්??"
"ගොඩා~රියක්!"
බිත්තියට හේත්තු වෙලා මොනාදෝ ලිය ලියා උන්න මෙවිභූ මා දිහා බලා උන්නෙ දිලිහෙන කලු ඇස්වලින්.
"මොනාද ලියන්නෙ?"
"බබාට නමක්!"
"ඉපදුනාම වෙලාව බලලා නෙවේද නම දාන්නෙ?"
"උපන් වෙලාව කියලා අපි හරිනම් ගන්න ඕන විඤ්ඤාණය කුසට ඇතුල් උන වෙලාව.ඒක හොයාගන්න බැරි හන්දා තමා මව් කුසෙන් බිහි උන වෙලාව ගන්නෙ....
මං දන්නවනෙ අපේ දරුවා පිළිසිඳ ගත්ත මොහොත.ඉතිං මම නැකැත් චක්‍ර හදන්නෙ ඒ උපන් වෙලාවට.."
හිස පහළට බර කරගෙන මෙවිභූ ආයෙම ලියන්න ගත්තා.ඇත්තටම සමහර වෙලාවට මෙයා එක්ක ඉන්නකොට මට හිතෙනවා මං මහා මෝඩයෙක් කියලා.මූ නොදන්න දෙයක් නෑ අප්පා.දන්නවා වැඩි වෙලා ඉන්නෙ.
"අධ්‍යාශ්!"
"ම්ම්ම්??"
"අ,ස,ධ,ත,ම තමා හොඳම අක්ෂර.ඔයා දාන්න නම"
"මම නම් දාන්න දන්නෑ මෙවිභූ.ඔයා ලස්සන තේරුමක් තියෙන නමක් දාන්න"
"අපිට දරුවෙක් ලැබෙන්න යනවා කියන දේ දැන ගත්තම ඔයාට දැනුනෙ කොහොමද?"
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)