හවහ වෙනකොට අහස වැහිබර උන හන්දා අපේ මහතැනට ඕන උනා කිරි කෝපි එකක් බිබී මයෙ අස්සට වෙලා පොතක් කියවන ගමන් ජීවිතේ විඳින්න.කිරි සම්බන්ධ දෙයක් කොතනද සංසකයියා එතන.වලව්වෙ සේරමල්ලා ඇබ්බැහි වෙලා ඉන්නෙ මයෙ කිරි ඇසුරුකරගත් පාන වර්ගවලට.
"ඉක්මන්ට හදපන්කො!!!"
"ඉදපං ඉතිං කිරි රත් වෙනකන්"
සීතම්මා රත් වෙන්න තියාපු කිරි මුට්ටියට තව ගින්දර ඩිංගක් දාන්න නැවුනෙ මියුරු ගර්ජනා ඉහළ කුස්සිය පුරා දෝංකාර දෙන හන්දා.
"හැබැයි ජීවිතේ විඳින්න කලියෙන් වැස්ස නතර වුනොත් කෝපි එක හලනවා ඔලුවෙ!"
"තරහා ගන්න එපා.කෙස් පැහෙනවා විගහට"
"එහෙම වෙන එක මයෙ දැනුමෙ හැටියට තාත්වික නෑ.අනික එහෙනම් ඉතිං මයෙ අම්මගෙ මේ වෙද්දි-"
කියලා කට ගන්න තියා වාක්‍ය අහවර කරගන්න හම්බුනේ නෑ අක්කණ්ඩි කුස්සියේ.
"අප්පටසිරි! මෙන්න නිලමෙ කිරි කෝපි හදනවා!!!! මටත් ඕන."
කිරියා දුවගෙන ඇවිදින් මයෙ කරවටේ අත දා ගත්තෙ වලව්වටම පණිවිඩේ දීලා.දැන් ඉතිං වලව්වෙ ඉන්න සේරෝටම එකින් එක වෙනස් රස පරාසවල කිරිකෝපි හදපන්කො.විඳිමු ජීවිතේ~
"අද රෑ කෑම සූරියබණ්ඩාර නිළමෙ අතින්ලු ඔන්න."
"මොකක්!!"
අක්කණ්ඩි ඇරුනම මමත් ඇතුළුව කුස්සියේ උන්න සේරෝමලා බෙරිහන් දුන්නෙ වහලෙ උලු අහසට යන තරම් සද්දෙන්.
"චැහ්! දවල්ටත් හරියට කෑවෙ නෑ.රෑට කන්ඩත් නෑනෙ දැන් ඉතිං!"
"මන්දෝදරීලයෙ දිහාට පලයං"
කුස්සි කණ්ඩිය උඩ ඉඳගෙන උන්න මෙවිභූ කිරියා දිහාවට බලු හිනාවක් දාද්දි මයෙ පරම්පරාවේ අනාගතේ මා දිහා බැලුවෙ අසරණ විදියට.
"මගෙ මිත්‍රයවත් තරහ කරපංකො!"
"මේක නම් සිරාවටම,බොක්කෙන්ම කරන්නෙ.සත්තයි!දෙයියම්පල්ලා! බුදුන් පල්ලා! ජේසු පල්ලා! විශ්වාස කරත් එකයි මට නැතත් එකයි"
"සංසකයියෙ මූ මන්දෝදරීලගෙ දිහා යන්නෙ ඒකි බලන්න නෙ-"
කිරියා දුවගෙන ගිහින් මෙවිභූගෙ කට වැහුවම මහතැන කිරියගෙ කනෙන් අල්ලගත්තෙ මිරිකලා.ඔය වෙලේම නැන්දම්මා ඇවිදින් මයෙ කොණ්ඩ කුරුල්ලගෙ දැවටිලා තිවුන පිදුරු ගහක් අරගෙන ඉහළට කරලා බැලුවෙ ඇස් හීන් කරගෙන.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)