_01_

2.5K 142 101
                                    

" කොහෙද ඉන්නෙ..? "

" නානගෙ කඩේ ඉස්සරහ "

අදාල දේ විතරක් අහලා එහා පැත්තෙන් කෝල් එක කට් වෙද්දි මඩ පාටින් වැහිලා තිබ්බ කිරි සුදු යුනිෆෝම් එකක් ඇදන් හිටිය රූපය පිටින් දැක්ක ගමන් කියන්න පුලුවන් මූ බරපන්තියෙ පාසල් ගැටවරයෙක් කියලා. ලේ පිරිච්ච වම් කම්මුල එක අතකින් අල්ලගෙන තොල කොනක කැටි ගැහුනු ලේ ටික දිවෙන් පිහිදාලා සුදු හුණු ගාපු බිත්තියට පිට දීලා කොල්ලා කෙලින් වුනෙ ලග ලගම ඇහෙන බයික් එකේ සද්දෙ අදුරගෙන.

" ආධීර්.. "

ඒ හිටියෙත් මඩ පාටට හිටිය ගැටවරයා ගෙ වගේ ම පාසල් යුනිෆෝම් එකක් ඇදන් හිටිය කොල්ලෙක්. ෆුල්ෆේස් හෙල්මට් එකෙ ඉස්සරහ ස්ක්‍රීන් එක විතරක් කලු පාට ග්ලව්ස් දාපු අතකින් උස්සලා දාද්දි ඒ ඇම්බර් පාට ඇස් දෙක එක එල්ලෙ එලියෙ හිටන් ඉන්න ආධීර් ගෙ උඩ ඉදන් යටට එක පාරක් ගියා.

" කවුද..? "

" තෝමස් එකෙ උන් "

" උබට සිංහලෙන් කිව්වා ඊයේ උන්ව අවුස්සලා දාලා අද තනියෙන් පාරවල් ගානෙ යන්න එපා කියලා.. ඔය ඒක ඇහුව හැටිද උබ "

" උන් පහක් හිටියා යකෝ.. මන් තනියෙන්.
උබලා ක්ලාස් ද හිටියෙ..? "

" ඔව් උබ නිසා මේ මාසෙට තුන් වෙනි වතාව මේ ක්ලාස් එකෙන් පැන්න "

සෝනාක්ෂ ආධීර් අන්ද්‍රෙව්...
සෝනු කිව්ව ගමන් මේ වයසෙ කොල්ලොන් ගෙ නම් ඔලුවට කෙලින්ම එන්නෙ දැන් සති දෙක තුනකට කලින් ඇමති පුතෙක් ගෙ ඔලුව පලලා ඒකට නඩුත් කාලා යන්තම් බේරුනු අහවල් බෝයි ස්කූල් එකෙ කැඩෙට් බෑන්ඩ් ලීඩර් කියලා. කොහොමත් කොල්ලගෙ තාත්තා ලෝයර් නිසා ඔයින් ගියා මදැයි..
තද කලු කොන්ඩෙට කැපෙන්නම අක්බබරු ගැහුනු කොන්ඩෙ කැරලි එක්ක මී පැණි පාට හමක් තියෙන කොලු පරානයක්.

" මේහ්...ක්ලාස් පාරෙන් දාලා එහෙම්ම අපේ ගෙදරට ඇදපන්. රවිදු වගෙ අයි ඩී එක මගේ අතේ "

" තෝත් එකයි ඌත් එකයි. අනිත් දවසෙනම් උබ මැරිලා කියලා ආරන්චි වුනත් මගේ වැඩේ කරන්න මිසක් එන්නෑ "

ඔය කිව්වට මොකද මූ පටන්ගන්න හැම වලියකම අවසානය සනිටුවහන් වෙන්නෙ ආයුෂ් අභිමන්ත්‍ර කියන චරිතෙ අතින්.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now