_49_

5.5K 510 740
                                    

සාමාන්‍ය විදියට ගෙවීගෙන ගියපු තවත් එක මාසයක අග කාර්තුවක් මේ විදියට පටන් ගනිද්දි පහල සාලේ බිත්ති ඔරලෝසුවෙ වෙලාව හතයි හතලිහ සනිටුහන් වෙද්දි ලී වලින් වැඩ දාපු පඩිපෙලෙ පඩියෙන් පඩිය අඩ මානෙට සෑහෙන අමාරුවෙන් විවර කරගත්ත ඇස් වලින් බැහැන් එන තමන් ගෙ පුතන්ඩියව දැකලා සාලේ සෝපා එකක වාඩිවෙලා හැමදාම පුරුද්දක් විදියට බලන උදේ පත්තරේට ඇස් දාගෙන හිටිය ලෝයර් මහත්තයගෙ මූනට හිනාවක් ආවා.
සුදු පාට මේඝනා ගෙ ලිනන් රෙද්දක් පිට වටේ දාගෙන උඩ කොන් දෙක එකට එකතු කරලා බෙල්ල ඉස්සරහින් ගැට ගහගෙන අර බැට් මෑන් ගෙ පිටිපස්සෙන් එල්ලෙන රෙද්ද වගේ ඒකත් එල්ලගෙන පඩිපෙල බැහැන් එන හිච්චි බෑට් මෑන් නිදිමරගාතෙම අන්තිම පඩිය පැටලිලා වැටෙන්නත් ගියා.

" ගුඩ් මෝනින් සුදූ "

" මෝනින්..."

නතරවීමක් නැතුවම සෝනු ලෝයර් මහත්තයාව පාස් කරන් යන්න හැරුනෙ කුස්සිය පැත්තට. ඕක ඉතින් කොහොමත් සාමාන්‍ය දෙයක් උදේ නැගිට්ට ගමන් මොන ජනාධිපති සාලේ හිටියත් කොල්ලා මුලින්ම හොයන් යන්නෙ මේඝනා ව ඇයි ඉතින් තවත් ෆුල් පැය විසි හතරකටම හරියන්න ඒ හග් එකකින් කොල්ලව චාර්ජ් කරගන්න එපැයි.

" මොකද සුදූ ඔය "

කුස්සිය ඇතුළෙ ඉදන් එළියෙ තිබ්බ දෙහි ගහෙන් දෙහි ගෙඩියක් කඩාගන්න බංකුවක් උඩට නැගන් හිටිය මේඝනා පිටිපස්ස හැරුනෙ රෙද්දකුත් පිටේ බැදගෙන ඒකත් බිම ගාවගෙන ඇවිදන් එන සෝනු දිහාවට.

" අරූ මගේ කොට්ට දෙකම උස්සලා ඊයෙ රෑ මේ රෙද්ද උඩ මන් නිදාගත්තෙ "

සෝනු පුරුදු විදියටම අත් දෙක මේඝනා ගෙ පිට වටෙන් දාගෙන ඒ බද උඩින් එකතු කරන් ඒ පිටට මූන තියාගෙන ආයිත් වතාවක් ඇස් දෙක පියාගත්තා.

" කෝ ඒ දරුවා නැගිට්ටෙ නෑ "

මේඝනා ඒ ඇහුවෙ දැන් දවස් දෙක තුනක ඉදන් මේ ගෙදරට අලුතින් බැහැපු අලුත් සමාජිකයා ගැන.
එකෝමත් එක හවසක අත් දෙක වන වන ආව අයාන් සෝනු ගෙ කාමරේ ට බැහැලා දැන් දවස් ගානක් වෙනවා. ඒ කාලේ ඇතුලත දවසට දෙතුන් පාරක්වත් උඩ තට්ටුවෙන් ඇහෙන ගාලගෝට්ටි බඩු පෙරලෙන සද්ද ගෙදර දෙක වෙන ඇහෙන වීඩියෝ ගේම් ප්ලේ කරන සද්ද රෑට, එලි වෙනකම් පත්තු වෙන උඩ තට්ටුවෙ ලයිට්, වෙනදට සෝනු ගෙ ගිරිය යටින් කෑගහන සින්දු වල පද පේලි වලටම දැන් අයාන්ගෙ කටහඩත් එකතු වෙලා ගිහිල්ලා.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now