_07_

613 93 81
                                    

" ගුඩ් මෝනින් සෝනු "

පාරෙ එහා කොනේ ඉදන් පන කඩාගෙන දුවන් එන සෝනු දැක දැකම නිල් පාට ස්කූල් ගේට් එක බාගයක්ම වහන ගමන් හිටිය අහමඩ් ගෙ මූනෙ තිබ්බෙ දෙපැත්තට වැනි වැනි දුවන් එන සෝනු ගෙ රූපෙ දැකලා ඇදුනු හිනාවක්.

" උබ මන් එනවා දැක දැකම නේහ් ගේට් එක වහන්න හැදුවෙ. කැම්‍රි වැඩ අහමඩයො ඕවා"

" උබ එන්න කලින් ගේට් එක වැහුවා කියලා ගාථා ඉවර වෙලා ආයිත් අරිද්දි මොකො උබ ඔතන ඉන්නවද නෑනෙ. හැමදාම වගේ අදත් වැහුනනම් උබ මල්වත්ත පාරෙන් ගිහින් ඇතුලට පනිනවනෙ "

" අඩෝ උබ දන්නවද ඒක "

සෝනු කට ඕ අකුරට ඇරගත්තෙ මෙච්චර කල් තමන් විතරක් දන්නවා කියලා හිතන් හිටිය රහස හෙඩ් ප්‍රිෆෙක්ට් වුනු අහමඩ් කිසි ගානක් නැතුව සෝනු ගෙ මූනට ම කියලා දාද්දි.

" උබ ප්‍රින්සිපල් සර්ගෙ ක්වාටස් එක උඩින් ඉස්කෝලෙට පනිනවා කියන එක ප්‍රිෆෙක්ට්ස් ලා අතරේ ප්‍රසිද්ධ රහසක් "

" හත්තික්කෙ.. ඔන්න ඕකනෙ මන් අපේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙ උන්ට මෙච්චර ආදරේ "

" අපිට ආදරේ වුනාට කමක් නෑ දැන් දුවපන් ක්ලාස් එකට බෙල් එකත් ගහලා ඉවරයි "

වෙනදට තාත්තා එක්ක කාර් එකෙ ඇවිල්ලා කෙලින්ම ඉස්කෝලෙ ගේට් එක ලගින් ම බහින සෝනු ට අද වුනෙ පරක්කු වෙලා ඇහැරිලා අම්මා අයන් කරලා දාලා තිබ්බ යුනිෆෝම් එකක් ඇදගෙන එලියට බැහැලා තව බස් දෙකකම නැගලා ඉස්කෝලෙ ගාවින් බහින්න. තදවෙලා තෙරපිලා උදේට බස් ගමන කියන්නෙ සෝනු ට එපාම වෙච්ච දෙයක්. අදත් තව විනාඩියක් හරි පරක්කු වුණානම් වෙන්නෙ සුපුරුදු විදියටම ප්‍රින්සිපල් ගෙම ගෙදර උඩින් ඉස්කෝලෙට පනින්න තමයි.
ඉස්කෝලෙ ඇතුළෙ තිබ්බ බෝධිය ගාව උදේ පූජාව කරන ක්ලාස් එකක පොඩි උන් ටිකක් කලබලෙන් එහාට මෙහාට යද්දි සෝනු අඩියට දෙකට දිව්වෙ ඉස්කෝලෙ කොනේම තිබ්බ මැත්ස් සෙක්ෂන් එකට.

" කොහේ ගියත් කොනක්මයි සෙට් වෙන්නෙ. එක්කො උදේට පිටිපස්සෙ ගේට් එක අරින්න ඕන. බස් වලත් තැලිලා ඇවිත් අර කොනේ ඉදන් මේ කොනටත් බඩගාලා දැන් නැගපන්කො තව තට්ටු දෙකක් උඩට "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now