_22_

603 108 99
                                    

ගෙවුනු දවස් ටික ගතවුනෙ හරිම ඒකාකාරී විදියට වෙද්දි සෝනු මේ දවස් ටික ගතකරේ ගෙදර සාලෙ එල්ලලා තියෙන බිත්ති ඔරලෝසුවෙ කැරකැවෙන තත්පර කට්ටටත් රවන ගමන්. ඉස්කෝලෙ ගමන ටිකක් අඩුකරපු කොල්ලා මේ සති දෙකක කාලෙ ගතකරේ මේඝනා එක්ක ගෙදර ට වෙලා. ඒක වුනෙ සෝනු ගෙ උවමනාවට මද කියන්න සෝනු දන්නෙ නෑ. කොච්චර නිස්කලංක විදියට ගෙදර ඇතුලට වෙලා ඉද්දි කාලෙ ගත වුනත් මොකක්මහරි සංකීර්ණ දෙයක් ගෙදර ඇතුලෙ පටලැවිලා කියන්න සෝනු ට ඉදලා හිටලා වෙන අමුතු සිද්ධීන් එක්ක තේරුනා.
කවදාවත් නැති විදියට ගෙදර ට සිකියුරිටි එකක් වැටෙද්දි ලෝයර් මහත්තයා දැන් ගෙදරින් එලියට අඩියක් තියන්නෙත් පොලිස් යුනිෆෝම් ඇදගත්ත තුවක්කු එල්ලගත්ත දෙතුන් දෙනෙක් එක්ක. වෙනදටත් ගෙදරට ඉදලා හිටලා ඔහොම පොලිසියෙ අය ඇවිත් දවස් ගනන් ගාර්ඩ් කරලා යන එක සාමාන්‍ය වුනාට. මෙදා සැරේ ගෙදර වටේ වෙන කිසිම දෙයක සාමාන්‍ය බවක් සෝනු ට පෙනුණෙ නෑ. එක අතකින් මේඝනා හිටියෙ හැමතිස්සෙම සෝනු ගැන බයෙන්. කොටින්ම කිව්වොත් සෝනු එක විනාඩියකට පේන්න නැති වුනු ගමන් මේඝනා ගෙදර දෙක කරලා සෝනු ව හොයනවා. එහෙන් ලෝයර් මහත්තයා දැඩි නීති යටතෙ සෝනු ට ගෙදරින් එලි බහින එක සීමා කරලා තිබ්බෙ. ඔක්කොමත් ඉවසන්න පුලුවන් ඒත් කොල්ලා  දන්න කියන කාලෙ ඉදන්ම හිටිය උඩ තට්ටුවෙ තමන් ගෙ කාමරෙන් කොල්ලව අයින් කරලා පහලින් අම්මා තාත්තා දෙන්නගෙ බෙඩ් රූම් එක ගාවින්ම කාමරයකට සෝනු ට ට්‍රාන්සර් වෙන්න වෙද්දි තමයි කොල්ලගෙත් ඉවසීම ලෙප්ට් වුනෙ. ඔය වගේ පොඩි අමුතු අමුතු සිද්ධි දාමයන් ටිකක් නිසා මේ වෙද්දි සෝනු හිටියෙ තාත්තා එක්ක හොද මුඩ් එකකින් නෙවෙයි.

අනිත් පැත්තෙන් ඉස්කෝලෙ නොගියා වගේ නෙවෙයි ගෙදරටම ඇවිත් උගන්නන කෙමෙස්ට්‍රි පිසික්ස් ක්ලාස් දෙක නිසා සෝනු මේ වෙද්දි අයිලන්ඩ් රෑන්ක් ගහන්න වැඩ කරන එකෙක් ට දැනෙන ස්ට්‍රෙස් එක ඔලුවට අරගෙන හිටියෙ.
කොල්ල ට කොහොමත් ගෙදර ඇතුලට වෙලා ඉන්න එක පුරුදු දෙයක් නෙවෙයි. බාහිර වැඩකට කියලා කරපු කැඩෙට් වලට යන එකත් නැවතෙද්දි සෝනු දවසෙ පැය විසි හතරෙන් විස්සක් ම කරේ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න එක.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now