ඒක හරිම සාමාන්‍ය විදියට ගතවෙලා ගිය ඒත් මහන්සිය යහමින් ඇගට කාවැද්දුනු දවස් ගොන්නකට පස්සෙ ආව හරිම නිස්කලංක දවසක මැද භාගයක්. වංගුවක් නැතුවම ඇවිල්ලා පොලවට වැටෙන ගිනි ගහන අව්වත් දෝත බදලා තුරුල් කරන් සෝනු බස් එකෙන් බැහැපු හෝල්ට් එකෙ ඉදලම අත් දෙක වන වන ඇවිදන් ආවේ පාරේ පැත්තක නිදහසෙ තිබ්බ කලු ගල් කැටයකට පයින් ගහන ගමන්.
ඒකත් කොහෙදෝ දිගන්තයක් හොයාගෙන යන්නන් වාලේ විසිවෙවී කාපට් පාර දිගේ තල්ලු වෙද්දි කලු පාට ගේට් එකකින් ඇතුලත සම්පූර්ණයෙන්ම වැහුනු ගෙදරක් ගාවින් නතරවෙලා වහලා තිබ්බ ගේට් එක ඇරන් ඇතුලට රිංගපු සෝනු ගේට් එක ආයිත් වහලා දාලා ඒ ඇතුළෙ මිදුලට අඩිය තිබ්බෙ හොද පුරුදුකාරයෙක් වගේ.පැත්තකින් හෙවනට වෙන්න නතර කරලා තිබ්බ නිල් පාට දඩු මොණරෙ කලු පාට රෙද්දකින් පරිස්සමට වහලා තිබ්බා. ඒ ගාවින්ම ඇතුලට වෙන්න තිබ්බ වාහන දෙකක් පේලියට නතර කරලා තිබ්බෙ වටේටම වවලා තිබ්බ එක එක ජාතියෙ ගස් වල කොලයක්වත් වැටිලා නොතිබුනු ලොකු තණ ගොල්ලක් ගාවට වෙන්න.
මිදුලට පැහැදිලිව ඇහෙන චූටික්කිගෙ හිනා සද්දෙ එක්ක මොන මොනවදෝ බෙරිහන් දෙන ඒ කෙලි කටහඩ තනි හුදෙකලා බවක් ගත්ත ගෙදර වගේ ම මිනිස් පුලුටක් ඉන්නවද කියලා පිටතට නොහැගුනු ලොකු මිදුල පුරාවටම එකම තාලේකට තනි මැකුවා." ඉවාන් කුමාරයා ඉන්නෙ සින්ඩරෙල්ලා එකෙ නෙවෙයි අයියෝ ලස්සන වසිලිස්සා එකේ "
සම්පූර්ණයෙන්ම ඇරලා තිබ්බ දොර ගාවින් ඇතුලට ගිහින් යන තැනම දොරට හේත්තු වුනු සෝනු ගෙ මූනට හිනාවක් ආවේ චූටික්කි ගෙ කටහඩ එක්ක ආයුෂ් ගෙ හති දාන කටහඩ ඇහෙද්දි.
" අහ්.. අර බූරුවෙක් එක්ක කුමාරිකාවක් බේරගන්න යන්නෙ ඉවාන් නෙවෙයි ද එතකොට "
" මොන..අයියො අයියේ...ඒ ශ්‍රේක් නෙ.. සින්ඩරෙල්ලා කියන්නෙ අර සපත්තුව මාලිගාවෙ හලලා යන කතාව "
" එතකොට ඉවාන් ඉන්නෙ ඔය දෙකේම නෙවෙයි ද..හරි හරි මන් ඉතින් ඔය කතා බලන්නෙ නෑනෙ "
" ඉවාන් කුමාරයා තමයි අර ගෙම්බෙක් වෙන්නෙ "
ආයුෂ් ටයිල් එක උඩට අත් දෙක බරදීලා ඩිෆ් ගහද්දි චූටික්කි හිටියෙ ආයුෂ් ගෙ නිරුවත් පිට උඩ කකුල් දෙක දෙපැත්තට දාගෙන තඩි කතන්දර පොතක් දිගැරගෙන. ආයුෂ් හති දාගෙන කෙල්ලවත් පිටේ තියන් ඩිෆ් ගහනවා චූටික්කි ඒක ගනන් කරනවා.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka