මධ්‍යම රාත්‍රී දොලහ පහුවෙද්දි මීදුම් පටල බැදිච්ච කදු පන්ති මැද්දෙන් කහ පාට ලයිට් දල්වපු නවීන පන්නයෙ මෝටර් රථය තිබුනෙ මේ වෙද්දි ගස්වල අතු හෙලවෙන සද්දෙ එක්ක රාත්‍රී සතුන්ගෙ සද්දෙ රජකරපු මිනිස් පුලුටක්වත් පේන්න නැති මුලටියන කැලය මැද්දෑවෙන් ඉදිරියට ඇදෙන ගමන්. කොළබින් හයිවේ එකට ඇතුලු වෙලා දකුනු පලාතෙන් එක්සිට් වෙද්දි දහයි තිහ පහුවෙලා තිබ්බා එතනින් අකුරැස්ස පැත්තෙන් ගමන් කරලා ගමනාන්තය වුනු දෙනියායට යන්න තව පැය දෙකක්වත් යන්න වෙයි. හයිවෙ එකෙන් එක්සිට් කරද්දි ම ආයුෂ් ව පිටිපස්සට යවලා ඒ වෙද්දිත් බාගෙට නිදි කිරමින් හිටිය සෝනු වත් පැසෙන්ජර් ෂීට් එකෙන් පිටිපස්සට දාලා දිමිත්‍ර ඩ්‍රයිවින් ෂීට් එකට ගොඩවුනා. එතනින් පස්සෙ දැන් මේ ගෙවුන දෙවෙනි පැයේ දි දිමිත්‍ර පිටිපස්ස ෂීට් එකට බහිද්දි දක්ෂිත් එක්ක ආයුෂ් ඉස්සරහින් වාඩි වුනා. මේ වෙද්දි කාර් එක ඇතුලෙ නම් තිබ්බෙ සෑහෙන නිශ්ශබ්දතාවයක්.. සෝනු මේ වෙද්දිත් ගෙදර ඇද වගේ දිමිත්‍ර ගෙ අස්සෙ නිදාගෙන තියෙද්දි ආයුෂ් දක්ෂිත් දිමිත්‍ර තුන්දෙනාටම නින්ද අහලකවත් තිබ්බෙ නෑ සමහරවිට ඒ දැන් ටිකකට කලින් හිස්තැන් සෑහෙන්න ඇතුව ආයුෂ් කියලා ඉවර කරපු කතාව නිසා ඇතිවුනු ශොක් එක නිසා වෙන්න ඇති.
කෑලි කපන අදුර මැද්දෙන් ඉස්සරහට ඇදෙන කාර් එකෙ අඩුම තරමේ රේඩියො එකවත් ඔන් වෙලා තිබ්බෙ නෑ. මුලටියන කැලෑව කියන්නෙ ගස් වලින් පාරෙ ටිකක් දුරට යනකම් දෙපැත්තෙන්ම වටවෙච්ච පැත්තක්. සාමාන්‍යයෙන් මේ වගේ ටයිම් වලදි මේ පැත්තෙ වාහන නොයන බව ආයුෂ් දන්නවා. ඒත් මේ ගමන තව එක විනාඩියක්වත් පරක්කු කරන්න කොල්ලට ඕන වුනෙ නෑ. කදු මැද්දෙන් වැලමිට වංගු පාස් කරලා යද්දි දොලවල් දිය ඇලි දෙක තුනකම පාර දෙපැත්තෙන් සද්දෙ ඇහුනත් ඒවට මේ තුන් දෙනාගෙන් පොඩිම අවධානයක් ලැබුණෙ නෑ .රෙයා විව් එකෙන් දැන් දෙතුන් පාරක්ම ඩ්‍රයිව් කරන ගමන් ඉන්න ආයුෂ් දිමිත්‍ර ගෙ උකුල උඩ ඔලුව තියන් ඒ අතක් අස්සෙ තුරුල් වෙලා ඉන්න සෝනු දිහා බලනවා දිමිත්‍ර නොදැක්කා නෙවෙයි. සෝනු නම් මේ වෙද්දිත් කිසි විස්තරයක් දන්නෙ නෑ. මුන් ඩබල මොන ලෝකෙ එක්කන් ගියත් එල්ලිලා යන එකනෙ. එක අතකින් මූව තැනකදි පරිස්සම් කරන එක තමයි අමාරුම. සෝනු ට තියෙන්නෙ පරිණත වෙච්ච ඒලෙවෙල් වයසෙ කොල්ලෙක් ගෙ හැසිරීමක් නෙවෙයි කොල්ලා සෑහෙන්න දගයි.. දහයෙ එකොලහෙ පොඩි ඇට්ටරයෙක් වගේ හැසිරෙන කොල්ලව කන්ට්‍රෝල් කරගන්න කොහොමත් ලේසිම වුනෙ දිමිත්‍ර ට.
වකුටු වෙලා නිදන් ඉන්න සෝනු දිහා බලන් කල්පනා කරපු දිමිත්‍ර ට මතක් වුනෙ කොල්ලව පලවෙනියටම දැකපු දවස. එතකොට දිමිත්‍ර වගේ ම ආයුෂ් දක්ෂිත් දෙන්නත් හිටියෙ ඕලෙවෙල් එකම ක්ලාස් එකක. දැන් අවුරුදු දෙකකට විතර කලින් එදා පලවෙනි පීරියඩ් එක වෙලාවෙදි පන්ති භාර ටීචර් ගෙ පිටිපස්සෙන් ආව කොලු ගැටයා. මූනෙ හිනා පොදක් නැතුව රවාගෙනම ඇතුලට ඇවිත් හිස් වෙලා තිබ්බ දිමිත්‍ර ගෙ එහාපැත්තෙ පුටුවෙන් වාඩි වුනා. එදා ඉදන් දවස් ගානක් යනකම් ක්ලාස් එකෙ කිසිම කනෙක්ව ගනන් නොගෙන කතාවක් නැතුව කොන් වෙලා හිටිය මේ කොල්ලා ගැන එක එක ජාතියෙ කතා සෙක්ෂන් එක ඇතුලෙ යන්න පටන්ගත්තා. කලින් ඉස්කෝලෙන් අස්කරලා තියෙන හේතු කියලා එක එක ජාතියෙ දේවල් මූ ගැන කට්ටිය අතරෙ කතා යද්දි මාසෙකට විතර පස්සෙ දිමිත්‍ර ට පුලුවන් වුනා සෝනු ව කතාවට අල්ලගන්න. දිමිත්‍ර ටත් ඕනකමක් තිබ්බෙ නෑ එදා හිටිය ඒ මුරන්ඩු ලොකු ලයින් දෙන කොල්ලා ව සතේකට ගනන් ගන්න ඒත් එක දවසක් ක්ලාස් එකෙ ටීචර් පන්තියෙ මොනිටර් වුනු දිමිත්‍ර ට කතාකරලා කියපු දෙයක් නිසා දිමිත්‍ර කොහොමහරි කොල්ලගෙ යාලුවෙක් වෙන්න ට්‍රයි කරා. එතනින් පස්සෙ මාස දෙක තුනක් යද්දි සෝනු දිමිත්‍ර ආයුෂ් දක්ෂිත් කියන්නෙ ඉස්කෝලෙ ෆේමස් ගැන්ග් එකක් වුනා. සෝනු කියන්නෙ මේ හතර දෙනා අතරෙ දඩබ්බරම චරිතෙ වෙද්දි මූ දාගන්න නඩු බේරන්න අනිත් තුන් දෙනා සෑහෙන කට්ටක් කෑවා. හැබැයි ඒ ලස්සන පාසල් ජීවිතෙ හතර දෙනාටම තිබ්බෙ ඒලෙවෙල් මුලට යනකම් විතරයි.
දිමිත්‍ර අදටත් දන්නෙ නෑ සෝනු ගෙ ඉස්සර තිබ්බ අර විසේකාර හිනාවයි දග හැසිරීමයි එක සිද්දියකට පස්සෙ අඩු වෙලා යද්දි දක්ෂිත් එයාලයි ඉස්කෝලෙ න් අයින් වෙද්දි.. සෝනු ගෙයි දක්ෂිත් ගෙයි වලි පටන්ගත්තෙ කවද්ද කොහොමද මොන වගේ හේතුවක් උඩද කියන්න අදටත් දිමිත්‍ර දන්නෙ නෑ. ඇහුවට නෙවෙයි සෝනු ගෙ කටින් එක වචනයක් දක්ෂිත් ගැන කියවුනෙත්.
ඒ සිද්ධි දාමයෙන් පස්සෙ හතර දෙනා අතරෙම ලොකු බැරියර් එකක් ඇතිවෙලා තිබ්බා. නොකිව්වට දැන් ලක්ෂිත් ඉස්සරහ වාඩි වෙලා ඉද්දි සෝනු නිදාගෙන ඉන්න එක ගැන දිමිත්‍ර සිය දහස් වතාවක් සතුටු වුනා.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka