මහා හයියෙන් කඩන් වැටුනු මුරුගසන් වැස්ස ඝන රාත්‍රියක තනිකම මකන්න වගේ තව තවත් සැර කරද්දි මේ වෙද්දි රාත්‍රී එකොලහෙ කණිසම පහුවෙලත් විනාඩි ගානක්..
අගුල් දාලා තිබ්බ දොරවල් ජනෙල් අස්සෙනුත් අඩුවක් නැතුවම ඇහෙන හුලං පාරවල් වල ඝෝෂාවන් එක්ක අද රෑ වෙන කවරදාටත් වඩා මොකක්දො මහ අමුතු විදියෙ අන්ධකාරයක ගිලිලා තිබ්බදත් මන්දා.
" නිදිද..? "
වෙනදට ලෝයර් මහත්තයා එක්ක මේඝනා විතරක් අයිතිය ගත්ත නිදන කාමරයෙ තිබ්බ ඇදට අද තව කොලු රූපයක් රිංගලා. ඒකත් වෙනදට ලෝයර් මහත්තයා ගෙ තැන සම්පූර්ණයෙන්ම අයිති කරන් හරහට වැටිලා. මුලු අත් දෙකම ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා උන්නු මේඝනා ගෙ බද වටෙන් දාගෙන ගුලිවෙලා ඉද්දි ඒ අතක හුරුබුහුටි ඇගිලි එකට එක නවාගෙන පුලුවන් තරම් ගුලි කරන්.. කම්මුල් දෙපැත්තෙන් තාමත් ලාවට පෙනුන කදුලු පාරවල් අස්සෙන් තෙත බරිත වෙච්ච ඇහි පිහාටු.. කුණාටුවකට අහුවෙලා වගේ මැලවිලා ගියපු ඒ මූන දිහා බලාගෙනම ලෝයර් මහත්තයා ඇස් අතර රදවන් හිටිය කන්නාඩි කුට්ටම ගලවලා පැත්තකින් තිබ්බා.
" හ්ම්..කෑවෙත් නෑ "
එක පැත්තකින් ලොකු හුස්මක් බිමට අතැරෙද්දි ඔය මුකුත්ම දන්නෙ නැති ඇදේ පැත්තක්ම බදු අරන් සනීපෙට ඇස් පියන් උන්නු කොලු රූපෙ තාමත් හිටියෙ ලොකු නින්දක් තුරුල් කරන්.
" මන් මොකක්ද මේඝා මේකට කරන්නෙ."
වෙනදට හැමතිස්සෙම ගැබුරු බවක් ගන්න ඒ පිරිමි කටහඩ අද සෑහෙන්න තරමට පහුබැහැලා. ඒ ඇස් වල ඉදලම කලු ගැහිලා ගිහින්. පසුතැවීමක් ද වේදනාවක් ද මන්දා ඒ තියුණු ඇස් වල පැහැදිලිවම ඇදිලා ගිහිල්ලා තිබ්බා. ඇද උඩට වෙලා නිශ්ශබ්දවම හිටිය මේඝනා ඒ සුදුමැලි බවක් ගත්ත මූන දිහාවට ආදරේ පිරිච්ච බැල්මක් දුන්නෙ දැනටමත් රට පටලන් සෑහෙන්න දුරට කල්පනා කරලා හිත රිද්දන් ඉන්න තමන් ගෙ හස්බන්ඩ් දිහාවට නිදහස් අතක් දිග්කරන ගමන්.
" අපි නැති දවසක සුදූ ට පිට මිනිස්සු මොනවා නොකියයිද.. ඇට්ටරකම් කරාට මූට තාම හරියෙකට සමාජෙ ගැන දැනුමක්වත් නෑ මේඝා. මගේ පපුව ගිණිරත් වෙලා තියෙන්නෙ. මන් ඉන්නකම් හැම එකාගෙම කටවල් වහලා මූව බලාගත්තා කියමු ඒත් දවසක ඔය ප්‍රශ්න එක්ක සුදූ ට තනි වෙන්න වුනොත් මන් කොහොමද එහෙම දෙයක් දැන දැන නිදහසෙ දවසක මැරිලවත් යන්නෙ "
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka