" හෝමෝසේපියනි...!! "
" යකෝ මම මේ ක්ලාස් එකෙ මොනිටර්..වාඩිවෙයල්ලා ඔක්කොම ටික. බලපන් අපේ ක්ලාස් එක විතරයි මේ සද්දෙ තව ටිකක් විනයබාරයා ඇවිත් කොනක ඉදන් දෙසන්න පටන්ගත්තම තොපිලට ආයිත් ඩබල් පීරියඩ්ම කන්න වෙනවා "
සෝනු ගුරුමේසෙ කොනකට අතක් තියන් අනිත් අත ඉනෙන් ගහගෙන උගුර කඩාගෙන බෙරිහන් දුන්නෙ මැත්ස් සෙක්ෂන් එකෙ කෙලවරකම තිබ්බ ක්ලාස් එකක මේ වෙනකොටත් උණු උණුවෙන්ම නැගලා යන ගමන් තිබ්බ පොඩි පහේ බජව්ව මැද්දෙන්.
" අඩෝ අහගනිල්ලා මූට මොනාද කියන්න තියෙලු "
" උබ ඔය හුණු කොට්ටෙ පැත්තකින් තියපන් දක්ෂිත් ඉස්සෙල්ලා...අඩෝ ඔය මන් අද උදේ ගෙනල්ලා තියපු මාකර් පෙන් එකද...? තොපිලා ඒ ඩිංගට ඒකට කෑවද. දැන් ආයිත් කෙමෙස්ට්රි වලට පාට පාට මාකර් පෙන් ඕන කිව්වොත් මවන්නද හුත්තො මන් "
" එහා ක්ලාස් එකෙන් ඉල්ලගමු බන් ඕවා මොනාද.. අපි එහෙම උබව අපහසුතාවයට පත්කරනවද නැතිවුනොත් මවලා හරි දෙන්නම් "
" හරි හරි ඒක වැඩක් නෑ..අහපන්කො..
ඔය මල් වට්ටියෙන් බෙර ගහන්න ගත්තද යකුනෙ..දැන් මල් තියන්නෙ තොගේ අහවල් එකේද.."" අඩෝ කැඩුනෙ නෑ වස්තු මේ ලස්සනට තියෙන්නෙ "
" මේ ටර්ම් එකෙන් මම ඉල්ලා අස් වෙනවා ඇත්තමයි මට බෑ තොපිලා එක්ක මේ වැඩ කරන්න. බලපන් ගිය සතියෙ යද්දි එකෙක් පහන උස්සන් ගිහිල්ලා ඇයි තොපිලයි ගෙවල් වල පහන් නැද්ද..උස්සන් ගියත් කමක් නෑ යකුනෙ ආයිත් එද්දි අරන් වරෙන්කො. එහෙමත් නෑ බලපන් අද උදේ පාන්දරම මන් බැනුම් ඇහුවා පහන තියලා නෑ කියලා. දැන් කඩපන්කො පුලුවන් නම් මල් වට්ටියත් "
සෝනු කොල්ලට අද උදේ ඉදන් ලැබිච්ච දුක් කන්දරාව ගැන කියවන් යද්දි ක්ලාස් එකෙ බජව්ව නවත්තලා ඔය ඉඩ තියෙන තියෙන තැන් වලින් බාගෙට අඩුටික තියාගත්ත අනිත් කොල්ලො ටිකත් හෙනම සෝකජනක විදියට ක්ලාස් මොනිටර් දිහා බලන් හිටියා.
ඔය මොන ක්ලාස් වලත් මොනිටර් බැජ් එක පටලැවෙනවා කියන්නෙ ඉතින් රජ නඩු ටිකක් තමයි. උදේ ට පන්තිය අතුගාන උන් හොයාගන්න බැරි වෙද්දි අන්තිමට කොස්ස අරන් මුලු පන්තියම අතුගාලා දාන්න වෙන්නෙ ක්ලාස් මොනිටර් ට. පහන තියලා ඔක්කොම ලෑස්ති කරන්න වෙන්නෙත් ඌට අන්තිමට ඔක්කොමත් කරලා ක්ලාස් එකෙ මොකෙක්ගෙහරි මජර වැඩටකට බැනුම් අහන්න වෙන්නෙත් පැත්තක ඉන්න මොනිටර් ට..ඔව්වා ඉතින් සෝනු ට නම් දැන් මාස ගානක් තිස්සෙ හුරු පුරුදු ණය ගනු දෙනු වෙලා ඉවරයි.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka