_24_

2.8K 376 56
                                    

හවස් වෙද්දි වැටුනු හීනි වැහි පොදයක් නිසා බංගලාවෙ ඉස්සරහ මිදුල මඩ වෙද්දි සෝනු වේවැල් වලින් හදපු හාන්සි පුටුවෙ තව ටිකක් ගුලි වුනා. වෙනදට නම් හවසට වැටෙන වැස්සක් කියන්නෙ සෝනු ට කාමරේ ඇද ට වෙලා ස්නැක්ස් කකා Netflix බලන්න කියාපු ටයිම් එකක්. කකුල් දෙකත් හාන්සි පුටුව උඩට අරන් එලියෙන් පේන මඩ පාරක් දිහා බලාගෙන කල්පනාවක ගිලිලා ඉන්න කොල්ලා දිහා හැරන් දැන් කීපසැරයක්ම හැරිලා බැලුවෙ අනුකම්පාවක් එක්ක බැදුනු හැගීමකින්.

කොල්ලට මේ වටපිටාව හුරු නෑ. වැස්ස වෙලාවට බිමට කකුල් තියද්දි සිමෙන්ති පොලවෙ තියෙන සීතලට යටිපතුල් දෙක දන්න ගන්න නිසා ඇගිලි ටික නවාගෙන කකුල් දෙක උණ්ඩි කරන් අත් දෙක කකුල් අස්සෙන්ම ගහගෙන සෝනු ඇස් පියාගත්තා. ඒ අස්සෙ ගෙදර මතක් වෙද්දි කවදාවත් දැනිලා නැති විදියෙ පපුව පාරවගෙන යන පාලුවකින් හිත වෙලිලා යනවා. අද දවල්
හැරන් උයලා දුන්නු සුදු බත් එක්ක පරිප්පු යි මාලු කූරියො දෙක තුනක් බැදලයි තව මොනවදො සම්බලකුයි කාලා බඩ පුරවන් හිටිය කොල්ලා දැන් ටිකකට කලින් ආයිමත් හැරන් බංගලාව පිටිපස්ස ගහකින් කඩන් ඇවිත් දුන්නු මල්බෙරි ටිකකුත් කාලා මේ වෙද්දි හිටියෙ බුරිය උල්වෙනකම් ගිලලා.

කොල්ලා මේ බංගලාවට අඩිය තියලා දැන් පැය විසි හතරකුත් ගතවෙලා ඉවරයි. ඊයෙ රැයින් පස්සෙ මේ වෙනකම් නොවදිනා වැදුම් වැදලා හැරන් ට කීප සැරයක් ම කිව්වත් තව එක පාරක් තාත්තට කෝල් එකක් අරන් දෙන්න කියලා හැරන් නෙවෙයි ඒකට ප්‍රතිචාර දැක්වුවෙ. දැන් දැන් කොල්ලට හිත කොච්චර හයිය කරන් හිටියත් ඇඩෙන්නත් වගේ වටපිටාව කලුවෙන් වහගෙන තියෙද්දි මිනිස් පුලුටක් පේන්න නැති ගස් ගොඩකින් වැහිච්ච පාරාදීසයක් අස්සෙ හිරවෙලා වගේ. ආයුෂ් දිමිත්‍ර ලා මොනවා කරනවද දන්නෙ නෑ. අඩුම ඒ කවුරුහරි හිටිය නම් තමන් ට මීට වඩා හයියක් දැනෙන්න තිබ්බා.පලවෙනි වතාවට සෝනු ට තනිකම කියන්නෙ මොකක්ද කියලා තේරෙන්න පටන්ගත්තා.

" වැහි පොදේ නම් පායලා පොඩි සර් එලියට යනවද "

දොර ගාව බිම පඩියෙ වාඩි වෙලා හිටිය හැරන් නැගිටලා එලියට ගිහින් ඇවිත් ආයිත් සාලෙට එබුනෙ සෝනු කතාවක් නැතුවම පුටුවෙන් නැගිටලා හැරන් වත් පාස් කරන් එලියට ඇවිදන් ගියා.
හැරන් එක්ක තරහ වෙලාලුනෙ මේ එක්කෙනෙක් ඉන්නෙ ඊයෙ රෑ ඉදන්... හැරන් ටනම් ඕවා ගානකුත් නෑ ඔය පොඩි සර් ගෙ හැසිරීම් මාස ගානක් තිස්සෙ නිරීක්ෂණය කරපු කෙනෙක් නෙ හැරන් කියන්නෙ.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now