අලු පාට අහසක හඳ ට ලංවෙන්න අච්චරක් ගනන් ඉස්සුව සුදු පාට තරු කැට පොඩි වැහි වලාවකින් වැහිලා ගියාට අමනාපෙන් ද මන්දා හඳත් අද පාළුවට ගිහින්....
කිව්වත් වගේ අද හරි අමුතු අලු පාට අහසක් තිබ්බ කලුවර රැයක්...රාත්‍රිය පුනර්භව කරන උන් වගේ ම හද එක්ක බරසාර කයි කතන්දර ගහන උන් මහා පරිමාණයෙන් තනිවෙච්ච රැයක්..
" ආධීර්.. "
කාමරෙන් එලියෙ තියෙන පොඩි බල්බ් එකෙන් ටයිල් එකට වැටෙන කහ පාට එලිය උඩ බිම දිගේ කලු පාටින් හෙවනැල්ලක් දියසායම් මෝස්තරයක් වගේ ඇදිලා ගියා.
" දැන්ම නිදාගන්නවද.."
" දැන්ම නෑ උබ නිදාගන්නවනම් ඇදට පලයන්. දෙහි එකක් ඇති මේසෙ උඩ "
ඉතින් කවුද කියන්නෙ මේ අලු පාට අහස තරම් ඒ අහස යටම තිබ්බ බැල්කනියට වැටිලා ඉන්න ගැටවරයො දෙන්නත් සාමකාමී කියලා..
ඉතින් තාමත් අර නෝක්කාඩුකම් නම් ඒ හිත් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා තිබ්බෙ නෑ.ආයුෂ් ඇදන් හිටියෙ සෝනු ගෙ බොටමක් විතරයි. කොන්ඩ ගස් තාම තෙත පිටින් කූරු කූරු ගැහිලා ගිහින්. අර අමුතු තැබිලි පාට වංකගිරි ඇස් දැන් මලානික වෙලා. වෙනදට ගව් ගානක් දුරට ගැබුරු ඇස් වල අද මත් බව පෙරෙනවා.
" කොන්ඩෙ පිහිදගනින් නැත්නම් රෑ වෙද්දි හචින් යන්න ගනියි "
" උබ මන් එක්ක තරහින් ද "
සෝනු ගෙ ඇදන් හිටිය ටී ෂර්ට් එකෙ අතේ වැදෙන නොවැදෙන දුරින් ආයුෂ් ඇවිත් බැල්කනියට හේත්තු වෙලා එතනින් එලියට එබුනා. පහලින් පේන මිදුල එලියෙ සවිකරලා තිබ්බ විදුලි පහන් දෙක තුනකින් විහිදිච්ච ආලෝකයෙන් විතරක් පාට වෙලා තිබ්බා. එතනම පහල කෙලින්ම තියෙන පොන්ඩ් එක ඇතුලෙ සෙට් කරපු පුංචි නිල් පාට බල්බ් එකට පොන්ඩ් එක ඒ කහ පාට එලි මැද්දෙන් ලා නිල් පාටට දිලිසෙනවා.
" තරහක් නෑ මගේ වැරැද්දකුත් තියෙනවා නෙ සොරි උබලා දෙන්නා මැද්දට පැන්නට.. ආදි - "
" ඒක ගැන කතා නොකර ඉමු ද "
" නෑ මේක දැන් ඇති මට උබේ දිහා තරහකාරයෙක් දිහා බලනවා වගේ බලන්න බෑ. බොරුවට රගපාන්න ගියාම හරි මහන්සියි ආයුෂ්.
මන් කියන්න හිටියෙ ආදි මන් කියපු නිසයි එහෙම දේකට කැමති වුනෙ ඒකි උබට තාම ලව් පුලුවන් නම් ආයිත් චාන්ස් එකක් දීපන් කෙල්ලට. මන් නිසා නිකන් බොරුවට දෙපැත්තට වෙලා ඉන්න එපා. එහෙම දකිද්දිත් මට මහ වැරැද්දක් දැනෙනවා "
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka