_18_

635 101 86
                                    

අවුරුදු එකොළහක කොල්ලෙක්... නිදිමතින් පියවෙන ඇස් බෝල කම්මුල් එක්ක වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සෑහෙන්න හුරතල් කොලු පැටියෙක්.
එදත් අද වගේ ම හවසක වැටුන වැස්සක් යටින් යන ගමන් තිබ්බ කාර් එකක පිටිපස්ස ෂීට් එකක තනියෙන් වාඩිවෙලා නිදිකිරමින් හිටිය පොඩි කොල්ලා නින්දෙන්ම ඇහුනු ලොකු පෙරලීම් කෑගැසීම් ශබ්දයක් නිසා
ඇස් අරිද්දි යකඩ ගොඩකට යට වෙලා පාරේ තිබ්බ කනුවකටයි සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරලුන කාර් එකටයි අතරමැද තදවෙලා හිටියෙ. පොඩි කොල්ලට කෑගහලා අඩාගන්නවත් සිහියක් තිබ්බෙ නෑ.
ඇස් ඉස්සරහින් පෙනුන ඩ්‍රයිවින් ෂීට් එකෙ හිටිය කළු පාට ඇදුමක් ඇදලා උන්නු තාත්තගෙ ඩ්‍රයිවර් එදා සෝනු දැක්කෙ ලේ වලින් පිරිච්ච මල කදක් විදියට. බෙල්ල මැදින්ම ගිහින් තිබ්බ යකඩ කූරක් එක්ක ඇස් ඉස්සරහින් පෙනුන එකපැත්තකට ගැලවිලා වැටිලා තිබ්බ ඒ මිනිස් ඔලුව
ඒ පොඩි වයසට කොල්ලට මාස ගානක ලොකු ෂොක් එකකට බලපෑවා. වැහි වතුර ට ඔලුවෙ ඉදන් පහලට ගලාගෙන යන ලේ පාරවල් අස්සෙන් එදා සෝනු දැක්ක අන්තිම දර්ශනය තමයි ඒක.

සෝනු වැස්සට ආදරේ කරන්නෙ නෑ.. වැස්ස දවසට වාහන වල යන්න ආසත් නෑ. අවුරුදු ගානකට කලින් සිද්ධ වෙච්ච අමිහිරි මතකයන් සිද්ධි දාමයන් වෙලා ඔලුව ඇතුලෙ මැවෙද්දි වැස්ස වෙලාවකදි වාහනයක් ඇතුලට වෙලා ඉන්න සෝනු පුදුමාකාර විදියට බයයි. ඒක නිසාම වෙන්න ඇති මේඝනා වුනත් සෝනු වාහනයක් අතට ගන්නවට කලින් ඉදලම අකමැති වුනෙ. හැබැයි අද වෙනකම් සෝනු ට ඒ මතක ඔලුවට එන්න තරම් දෙයක් වෙලා තිබ්බෙ නෑ. වැස්සක් පේන මානෙකදි සෝනු කවදාවත් වාහනයක් ඇතුලෙ තනිවෙලා හිටියෙ නෑ. අද වෙනකම්....

" ගෑනි දැකලා ඌට එච්චර චූන් වෙලාද. තොගෙත් ඔලුවෙ මැටි නෙ ඉතින් වහිනවා කියලා පෙනි පෙනි අරූ එනකම් බලන් හිටියෙ "

යන දිගට අයාන් කියවනවා. සෝනු ෂීට් බෙල්ට් එක තද කරලා අල්ලන් ෂටර් එකට මූන තද කරන් හෙලවීමක්වත් නැතුව එළියෙන් වැටෙන වැහි බිංදු දිහා බලන් හිටියා.
ආයුෂ් ගෙ අතින් තමන් ව මගහැරුනු පලවෙනි වතාව මේක නෙවෙයි. ඒත් සෝනු ගෙ ඇතුලාන්තය අද අමුතු රිදවීමක් අත්විදින ගමන් හිටියෙ. නොසලකාහැරීම්... මගැහැරීම්.. දිමිත්‍ර වුනත් දක්ෂිත් වුනත් ඒ දෙන්නත් ආයුෂ් වගේ ම චරිත සහතික දෙකක්.. ඉතින් සෝනු ගෙත් කියලා ඊට ලොකු වෙනසක් නෑ. කෙල්ලො සම්බන්ධ දේවල් වලදි සෝනු අනිත් කොල්ලො එක්ක ඉද්දි පැත්ත ගැහුවත් දන්නම කියන අය මැද්දෙ සෝනු පොඩිම බයක්වත් නැතුව තව පිරිමි ඇගවල් එක්ක ගැවසුනා. ඒත් ආයුෂ් එහෙම නෙවෙයි කෙල්ලෙක්ව ඇග අස්සට දාගෙන දෙපැත්තට නැලවෙන්න.. රාත්‍රී වරු ගණන් ගැහැනු ඇගවල් එක්ක ගැවසෙන එක ආයුෂ් ගෙවන දවස් ඇතුළෙ හරිම සාමාන්‍ය දෙයක්. සෝනු ඇස් දෙකෙන් අනන්තවත් දැකලා තිබ්බා තමන් ඉස්සරහම ආයුෂ් තව කෙල්ලො එක්ක රාගයෙන් මත් වෙලා ඉන්නවා. ඒත් එදා අංශුමාත්‍රයක තරම්වත් රිදුනෙ නැති තමන්ගෙ හදවත අද මේ පොඩි දෙයක් නිසා සෑහෙන්න තරමින් රිදිලා ගිහින්.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now