_13_

618 89 62
                                    

මේ ගෙවුනෙ කිසිම විශේෂයක් නැති දවස් ටිකක්. උදේ ට ඉස්කෝලෙ යනවා හවසට ටියුෂන් වැටිලා තිබ්බොත් ඒ ගිහින් ගෙදර එනවා. ඒ මදිවට පුතන්ඩියගෙ වැඩ වල හොද කමටම මේඝනා දැන් සබ්ජෙක්ට්ස් දෙකකටම ගෙදරට ගෙනල්ලා සෝනු ට උගන්නන්න දාලා. ඔය ඔක්කොමත් හරි සෝනු මේ ටිකෙ හිටියෙ කාලි අම්මා වැහිලා වගේ බැලුවොත් ඇත්නම් මල පැනගෙන ගෙදර දි ලෝයර් මහත්තයා එක්ක දෛනිකව දාගන්න වලි දැන් මේඝනා ට දැකලම පුරුදුයි ඉස්කෝලෙදි ගත්තොත් නිකමට කොල්ලෙක් මූන දිහා බැලුවත් ඇති මේකා ගිහින් ඌට කෙලිනවා. වෙලාවකට සෝනු ටත් තේරෙන්නේ නෑ තමන් ට වෙලා තියෙන්නේ මොකක්ද කියන්න.

අනිත් පැත්තෙන් සෝනු ටයි ලෝයර් මහත්තයට යි ගෙදර ඇතුළෙ තිබ්බෙ හොද වාතාවරණයක් නෙවෙයි මොකද කිව්වොත් කොල්ලා මහ දවාලක ඔතපුවා වගයක් පත්තු කරන්න ගිහින් අතටම අහුවෙලා  තිබ්බෙ එතනින් සෝනු ට ගෙදර තිබ්බ නිදහස සහමුලින්ම නැති වුනා කිව්වොත් හරි.
ඉස්සර සෝනු ට ගෙදරින් එලි බහින්න ඕන වුනු ගමන් ම කාටත් හොරෙන් ගෙදරින් පනිනවා.. දුමක් අල්ලන්න ඕන වුනොත් කාමරෙන් බැල්කනියට බැස්සා ඉරුවා ඒත් දැන් කොටින්ම කිව්වොත් සෝනු ඉන්නෙ රතු පාට දල්වපු වටපිටාවක කිව්වොත් හරි.

ඒක පබ් එකක් උඩ ෆිෆ්ත් ෆ්ලො එකක විහිදිලා තිබ්බ ඕපනින් ඒරියා එකක්. මොනා නැතත් මෙතන බොන්න කියාපු තැනක්.. එක පැත්තකින් හෙල වගේ තට්ටු පහක් පහලින් තියන කාපට් පාර පේනවා උඩින් කෙලින්ම කලුවර අහස තව ටිකක් ඉස්සිලා බැලුවොත් පාරෙන් එහා තියෙන මුහුද ත් බලාගන්න තිබ්බා. ෆට්ටම ලස්සන වීව් එකක් තිබ්බෙ. ඒකම වෙන්න ඇති දැනටමත් වැදිලා හිටිය දෙතුන් දෙනෙක් ම මේ සයිඩ් එකට ඇවිත් කොහේදො ඈතක් බලාගෙන මනෝ පාරවල් ගහන්නෙ.

සල්ලිකාර අප්පලාගෙ සල්ලිකාර පුත්තු.. උන්ට ඉතින් මේ වගේ function එකක් කියන්නෙ අඩුම මාසෙකට එක සැරයක්වත් යන්න ලැබෙන ඒවා. ලොකු ලොකු වාහන වලින් බැහැලා ඇතුලට ඇවිදන් යන බ්‍රෑන්ඩඩ් දේවල් වලින් ඉහේ ඉදන් පතුලටම පුරවගත්ත පුත්තු එක්කො මධ්‍යම රාත්‍රිය පහු වෙන්න කිට්ටු කරලා ඇදිවතත් බාගෙට ගලවන් මෙතනින් හතරගාතෙන් එලියට යනවා නැත්නම් උන්ගෙම ඩ්‍රයිවර්ස්ලට වාරු වෙලා ආයිත් යන්න යද්දි තවත් සමහරු එදා එළිවෙනකම් රූම් අස්සෙ රති රමණ වල යෙදෙනවා. ඕකයි උන්ට සාමාන්‍ය ජීවිතේ.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now