_20_

608 106 110
                                    

" කොහෙද ඔය යන්න හදන්නෙ.."

" කන්න මොනාහරි අරන් එන්නම් බඩගිනියි අනේ. අම්මා පරිප්පු වලට නිවිති දාලා බිත්තරෙත් බුල්සයි දාලා පලා ත් හදලා තියෙන්නෙ කන්නෙ නැති ජාතියක් "

" ඊයේ රෑ තිස්සෙ ෆිල්ම් එකක් බලලා උදේ පාන්දර ඇස් දෙක බොදයි වගේ කිව්වෙ මොන එහෙකටද බන් දැන් ඉතින් මාත් කාපංකො අමුවෙන් කොල "

" අමුවෙන් නෙවෙයි තාත්තේ.. පලා උයලා තියෙන්නෙ. "

සාලෙ වෙන කතාබහ ගියෙ ලාවට ඇහෙන කටහඩවල් වලින්. ඒ අස්සෙන් කුස්සිය ඇතුළෙ ආයිත් හැදි වලං පෙරලෙන්න වගේ සද්දෙ ඇහෙද්දි තාත්තගෙයි පුතාගෙයි මූණු ආයිත් චොර වෙලා ගියා.

" තාත්තා මොන එහෙකටද තාත්තෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් වැඩ කරන ෂොප් එකක් අස්සෙ රිංගන්න ගියෙ. අන්තිමට මේ පැත්තක ඉන්න මටත් කෑම කන්න නෑ "

" අනේ බන් උබේ අම්මට මගේ කලින් එක ඉන්න ෂොප් එකෙ නම මතක තිබ්බට මට ඒ මගුලක් මතක තිබ්බෙ නෑ ඇතුලට ගියාම තමයි මාත් දැක්කෙ දත් ටික විරිත්තන් ඒකි ඉන්නවා "

" අඩුම බිල් එක අයින් කරලා දෙන්න එපැයි එහෙනම්. කොහෙද ඉතින් මහ ලොකුවට ලෝයර් වුනාට ඒ වගේ සාමාන්‍ය දැනීමක් නෑනෙ. හරිම අගෙයි දැන් ඉතින් අද රෑට පොලුයි බතුයි උයයි ද දන්නෙත් නෑ අනේ "

මේ ඔක්කොම වින්නැහියන් පටන් ගත්තේ ඊයේ රෑ ලෝයර් මහත්තයා ආදරේ නාමයෙන් මේඝනා ට ගෙනල්ලා දීපු flowers bouquet එකෙ ගහලා තිබ්බ කොල කෑල්ලෙ ෂොප් එකෙ නමට ලෝයර් මහත්තයා ගෙ කලින් ප්‍රේමයෙ අදාල පාර්ශවයේ නම ප්‍රින්ට් කරලා තිබ්බට පස්සෙන්.

" සැහ්.. ඒකිටත් ෂොප් එකෙ නමට ඒ හුචක්කු නම ම දාගන්න ඕන වුනා නෙ. දැන් ඉතින් සතියක්වත් යනකම් ඉදපන්කො කටේ තියන්න බැරි කෑම කකා "

සෑහෙන්න ලොකු කලකිරීමකින් කතා කරපු ලෝයර් මහත්තයා නලල දෙපැත්ත ඇගිලි දෙකකින් තෙරපගත්තෙ අතේ තියන් හිටිය ටැබ් එක සෝෆා එක උඩට අතැරලා.

" එහෙනම් තාත්තෙ මන් ගියා. කුස්සිය පැත්තෙන් ඇහෙන සද්ද බද්ද වැඩිම වුනොත් මගේ කාමරේ ඇති JBL එක ගෙනත් සාලෙන් තියාගන්න. ටේක් කෙයා "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now