වෙලාව හයයි තිහ පහුවෙලා විනාඩි ගානක්. සාලේ පුරා පැතිරුණු හදුන්කූරු සුවදින් නාස් පුඩු අස්සට කාවැද්දුනෙ සුපුරුදු ආයුර්වේදීය සුවදක්. සැර ගතියක් නැති ඔලුව නිදහස් කරන සුවදක් ඒක..ඔය හදුන්කූරු සුවදවල් ඉදලා හිටලා දැනෙන මල් වැල් සුවදවල් මේ ගෙදර සාලේ ඇතුළෙ හුරුපුරුදු වටපිටාවක් වෙලා ඉවරයි.
ආයුෂ් කෑම මේසෙ ගාව බිම පහලට නැවිලා චූටික්කිගෙ දිග් කරන් හිටිය කකුලෙ සුදු පාට මේස් එක දාලා උඩට ඇද්දේ ආයිත් ටයිල් එක උඩ පෙරලිලා තිබ්බ සුදු සපත්තු දෙක අරන් තමන්ගෙ එක අතකට විතර ගන්න පුලුවන් සයිස් ඒ පොඩි කකුලකට දාන ගමන්. ආයිත් උඩට ඇදලා තිබ්බ මේස් එක දෙපාරක් පහලට නවලා සපත්තු දෙකත් දාලා ඉවර වෙලා ආයුෂ් කෙලින් වුනා. පොඩි කෙල්ලනම් මෙලොව සිහියක් නෑ බරටම තනි රූල් පොතක් අස්සට මුලු ඔලුවම ඔබාගෙන පැන්සලෙන් මොනවදො ලියනවා. ඒ ලියන්නෙත් එසේ මෙසේ කලබලයකින් නෙවෙයි.
කොහෙද ඉතින් ඊයෙ රෑ අයියා එක්ක කාමරේට වෙලා හුරතල් වෙවී හිටියෙ නැත්නම් අද කරන් යන්න තිබ්බ හෝම් වර්ක් ටික කෙල්ලට මීට කලින් මතක් වෙනවනෙ." කට අරින්න චූටි..කෝ.."
පූජා සාරියක් බාගෙට පටලවන් ඇවිත් බත් පිඟානක් උස්සන් චූටික්කි කට අරින අරින පැත්තට බත් කටවල් දිග් කරනවා. උරහිසට චුට්ටක් උඩට වෙන්න තෙල් ගාලා ගොතලා තිබ්බ කොන්ඩ කැරලි දෙකේ පහලින් මේසෙ උඩ තිබ්බ සුදු රිබන් එකක් අරන් ගැටගහන ගමන් ආයුෂ් කෙල්ලගෙ ඔලුවට ඇගිල්ලකින් ඇන්නෙ උදේ පාන්දරම සිහියක් නැතිවෙන්නම කෙල්ලට තිබ්බ කලබලේ දැකලා.
" මන් ඊයෙ රෑ මතක් කරාත් එක්ක ඉස්කෝලෙ වැඩ තියද කියලත් "
කෙල්ලට ඒවා ඇහෙන්නෙත් නෑ..එක කකුලක් පුටුවෙන් එලියට දාලා පද්දන ගමන් හෝ ගාලා ලියනවා.
ආයුෂ් බෙල්ල නවලා පූජාගෙන් ඊලග බත් කට අරගෙන සාලෙන් ඇතුලට ඇවිදන් ගිහින් චූටික්කිගෙ කලු පාට පොඩි සයිස් හෙල්මට් එක අරන් ඇවිත් සාලෙන් තිබ්බෙ මේසෙ උඩ තියෙන ෆෝන් එක අතට ගන්න ගමන්. අද තුන් දෙනාම පරක්කුයි ආයුෂ් නම් පරක්කු වෙලා තියෙන්නෙ චූටික්කිගෙ හෝම් වර්ක් කෙරුවාව නිසා පූජා ටත් අද ඉස්කෝලෙක ලෙක්චර් එකකට යන්න වෙලා උදේ නවය වෙද්දි ඉතින් අද පූජාත් පරක්කුයි. දැනටමත් හයයි හතලිස් පහ පහුවෙලා..
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka