_53_

7K 571 790
                                    

ලැවැන්ඩර් සුවද දෙන හදුන්කූරක දැන් දැල්විලා යන්නෙ අග භාගේ. ආයුෂ් සෝපා එකෙන් නැවිලා ඉස්සරහ ටීපො එක උඩ තිබ්බ පලතුරු කපලා දාලා තිබ්බ බාජනෙ ත්‍රිකෝණයක් හැඩේට කපලා තිබ්බ කොල පාට ඇපල් කෑල්ලකට ටූත්පික් එකකින් ඇනලා අරන් කටට දාගත්තා.
ඉස්සරහින් ඔන් වෙලා තියෙන ටීවී එකෙ දවල් දොලහට යන නිව්ස් වල හෙඩ්ලයින් යනවා.

" අද ලෙක්චර්ස් ද..? "

ඒ සෝපා එකේම එහා කෙළවරේ වාඩිවෙලා හිටිය ඩොක්ටර් අහස්ම ගෙ කටහඩට ආයුෂ් බෙල්ල හරවලා ඒ පැත්ත බැලුවෙ උත්තර විදියට ඔලුව දෙපැත්තට කරන ගමන්.

" නෑ..දැන් වැකේෂන් "

" එක්සෑම් එකටත් දැන් ලගයි නෙ..වැඩ ටික කොහොමද කරගෙන යනවද "

" අවුලක් නෑ ශේප්..තව ටිකක් කල් තියෙනවා නෙ ගේමක් ගහගන්න පුලුවන්"

ආයුෂ් දෙවෙනි වතාවටත් ටූත්පික් එකෙ රැදුනු ඇපල් කෑල්ලක් අරන් දත් අස්සට රදවගත්තා.

" දැන් තාම ෆස්ට් ඉයර් ද කැම්පස් එකේ..? "

" හ්ම්..තව මාස දෙකකින් සෙකන්ඩ් ඉයර්. ගිය මාසේ නෙ සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් එක ලිව්වෙ. ඒකෙ රිසාල්ට්ස් දීලා මාසයක් දෙකක් තියලා සෙකන්ඩ් ඉයර් පටන් ගනියි "

" සෙකන්ඩ් ඉයර් වලින් ඩිග්‍රිය යූකෙ වල එහෙ යුනිවර්සිටි එකෙන් කරන්න පුලුවන් නෙ "

" හ්ම් "

" එක්සෑම් ඉවර වෙලා මෙහේ ඉන්නද දිගටම බලාපොරොත්තුව..? "

අහස්ම ඇහුවේ ටීවි එකෙ සද්දෙ අඩු කරලා ආයුෂ් දිහාවට හැරෙන ගමන් වෙද්දි ඇගිලි දෙකක් අතර තිබ්බ ටූත්පික් එක ආයෙත් පාරක් පොතු අයින් කරලා තිබ්බ මිදි ගෙඩියක් පසාරු කරන් ගියේ මිදි ගෙඩියෙ යුෂ ටූත් පික් එකෙන් උඩට විසිවෙලා යද්දි.

" ඇයි..? මන් මෙහෙ ඉදන් අවුරුදු හතරම කරලා දාන්න හිතන් ඉන්නෙ. කොහොමත් තව අවුරුදු තුනයි නෙ "

" සෙහස් වත් යූකෙ යවන්න හදන්නෙ එහෙම වුනොත් ඔයත් යන්න ඕන "

" ඌව යවන්නෙ මොකටද..? "

" එහේ යුනිවර්සිටි එකකට. කොහොමත් ඔයාගෙ යුනිවර්සිටි එක යූකෙ වල තියෙන නිසා ප්‍රශ්නයක් නෑනෙ. ඕකම කන්ටිනියු කරන් යන්න පුලුවන් නෙ එහෙදිත් "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now