_38_

3.9K 489 209
                                    

නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

සෝනු කාර් එකෙ රේඩියො එක වහලා දැම්මෙ අත් දෙකම මුලු මූනෙම උඩට පහලට අතුල්ලන ගමන්. අහේතුකව දැනුන හැගීම් ආවේගයන් නෙවෙයි මේ.. පාලනය කරගන්න තරම් අමාරු පසුතැවිලි වීමක් හිත් රිදවීමක් කොල්ලගෙ හිත ඇතුලෙ උඩු දුවනවා.

දැන් අඩුම පැයක් හමාරක් වෙන්න ඇති කොල්ලා ගෙ නිල් පාට මෝටර් රථය පාරක් අයිනෙ නතර වෙලා තිබ්බා. එලියට ආවරණය වෙච්ච ෂටර්ස් වලින් එලියෙ පේන වාහන එහෙ මෙහෙ යන හැටි කාර් එක පහුකරන් එහාට මෙහාට කලබලෙන් ඇවිදින් යන මිනිස්සු එකෙන් එක වීදුරු දොරවල් වල ඕපන් කියන බෝඩ් එක පැත්ත හරවලා උදෙන්ම අරින කඩවල් දිහා සෝනු පැය එක හමාරක් තිස්සෙ ඔහේ බලන් හිටියා.

හැමදාමත් වගේ ඕවර්ඩෝස් හැගීම් එක්ක ගහන මනෝපාරවල් තමයි සැරම..

සෝනු ටත් එකින් එක මේකයි කියලා තෝරලා බේරලා ගන්න බෑ. කොල්ලට දැනුනෙ තමන් ගැනම ලොකු පසුතැවිල්ලක් අනිත් පැත්තෙන් ගත්තොත් එක වචනයක් ගානේ ආයුෂ් ගෙ කටින් තාත්තා ගැන පිටවුනු කතා ටික ඔලුවෙ ඇතුළෙ ආයිත් ආයිත් ඇහෙනවා වගේ. සෝනු දන්නවා ආයුෂ් ගෙ කතාවලින් වැඩිම වුනොත් සීයට දහයක් හරි ඇති කියන්න.

ලෝයර් මහත්තයා මිතුරු සමාජයෙ ඉන්න සමහර ලොකු ලොක්කොන්ගෙ කුනු වහන කතාව ඇත්ත. ඒක සමහර පිරිස් අතර ප්‍රසිද්ධ රහසක් වෙද්දි සෝනු ටත් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. තාත්තෙක් ගැන පුතෙක් ඇරෙන්න වෙන කවුද හොදටම දන්නෙ.. සෝනු ඇස් දෙකෙන් දැකලා තියෙනවා සමහර අසාධාරණ හේතු නිසා දුක් විදින පහල පන්තියෙ මිනිස්සුන් ගෙ කේස් විසදන්න ලෝයර් මහත්තයා රැයක් දවාලක් නැතුව මහන්සි වෙන විදිය. කිසිම ප්‍රතිලාභයක් නැති කේස් වෙනුවෙන් ඒ මනුස්සයා ජොබ් එකෙන් එලියට බැහැලා වැඩ කරන විදිය.. ලගදි වෙච්ච ළමා නිවාසයක සිද්ධියෙ වුනත් තාත්තා අතට ගත්තෙ තනි කැමැත්තට කියන්න සෝනු දන්නවා ඒවයින් මොනා කියලා ලැබෙන්නද දවස් ගානක් අනාරක්ෂිත වටපිටාවක පවුලෙ අයවත් තියලා මොනවා ලබාගන්න මහන්සි වුනාද අඩුම වුනොත් ඒ කේස් එක විසදුවට පස්සෙ සමාජය ඇතුළෙ පොඩි ප්‍රසිද්ධියක් ලැබෙන්න ඇති.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now