හරි ඉක්මනට ගෙවිලා ගිය දවස් තුනකට පස්සෙ ආව පෝය නිවාඩු දවසෙත් ක්ලාස් පාර තැනිත් තැන පිරිලා ගිහින් තිබ්බෙ කොහොමත් ටියුෂන් සර්ලට ආගමක් ජාතියක් අදාලම නෑ කියලා මෙදාපාර ඒලෙවෙල් කරන සෙට් එකට සිය දහස් වෙනි වතාවටත් මතක් කරලා දෙන ගමන්.
මේ දවස් දෙක තුන ගෙවිලා ගියේ හරිම සාමාන්‍ය විදියට වෙද්දි විශේෂ දෙයක් කියලා වුනානම් වුනේ කෙයාන්ගෙ බැන්ඩේජ් අයින් කරලා දවස් දෙකක්ම හොස්පිටල් එකේ ඇදට වැටිලා හිටිය කොල්ලව ඊයෙ ඩිස්චාර්ජ් කරපු එක. ආයුෂ් ට කොහොමත් මේ දවස් දෙක තුන හුස්ම ගන්නවත් වෙලාවක් තිබුණු දවස් ටිකක් නෙවෙයි කෙයාන් ව තනියෙන් ගෙදර තියන්න බැරි කමට ආයුෂ් දක්ෂිත් දිමිත්‍ර තුන්දෙනාම සැරින් සැරේ ඒ ගෙදර නයිටක් අදිද්දි සෝනු ට වුනේ දෙවෙනි වතාවටත් අයාන් එක්ක ගාලු දිස්ත්‍රික්කය බලා පිටත් වෙන්න.
" මචන් දැන් උබ කියන්නෙ ඒකි උබට නෑදැ වෙන අයියෙක් කියලා කිව්ව බුවෙක් එක්ක හිල්ස් ස්ට්‍රීට් එකෙ රූම් තියෙන හරියක හිටියා කියලද "
" මාමගෙ පුතා කියලා කිව්වෙ හුත්තෝ. මාත් විශ්වාස කරානෙ ඒකිව ඉතින්. "
දක්ෂිත් අතේ තිබ්බ සී ආර් පොත එතන තාප්පෙට ගහන් ඒ උඩින් වැලමිට තියාගත්තෙ සෝනු ඒ එක්කම ඒ හරිය පාස් කරන් ගියපු ගර්ල් ස්කූල් එකෙ කෙල්ලෙක් ට අතක් වනලා ආයිත් ඉස්සරහට හැරුනෙ එතනම බයික් එකක වාඩිවෙලා හිටිය රවිදු ගෙ හෙන ගහලා වගේ තිබ්බ මූන දිහාවට හෙනම සංකීර්ණ බැල්මක් දෙන ගමන්.
" ඉතින් උබ කලින් දැනන් හිටියෙ නැද්ද ඒකිගෙ මාමට ඉන්නෙ දුවෙක් විතරයි කියලා "
සෝනු දෙවෙනි වතාවටත් මෙලෝ ගානක් නැතුව ඉස්සරහ තාප්පෙකට කකුලක් ගහන් බයිට් පැකට් එකකට අත් ඔබන් සැරින් සැරේ බයිට් අහුරු කටට හලාගන්න ගමන් ඉන්න ආයුෂ් ටයි දිමිත්‍ර ටයි රැව්වෙ උන් දෙන්නා ' ඕවා අපි කලින් කිව්වා ' ටයිප් එකෙන් අහක බලාගනිද්දි
" දැනන් හිටියනම් මෙහෙම වෙනවද "
තැබිලි පාට තීන්ත ගාපු කොට තාප්ප කෑල්ල උඩ කකුල් දෙක දෙපැත්තට දාගෙන වාඩිවෙලා ඉන්න සෝනු ගෙන් පෙනුනෙ හරි මහන්සිය බේරෙන පෙනුමක්. තද නිල් පාට ස්කූල් බොටමකට අලු පාට කැඩෙට් ෂර්ට් එකක් ගහන් නලල සම්පූර්ණයෙන්ම වැහිලා යන්න දාපු කැප් එකයි එක හක්කකට දාගෙන හපන ලොලිපොප් එකයි එක්ක කොල්ලගෙන් අද ඉස්මතු වුනේ තනි අපත සීන් එකක්.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka