_09_

574 103 63
                                    

" මට අදහසක් තියෙනවා මේ තාප්පෙ වටේට ඩේලියා මල් ටිකක් ඉන්දන්න "

" ඩේලියා..? "

" ඔව් ඇයි ඩේලියා මල් ලස්සනයි නේ.. පාට පාට ට තියෙනකොට ලස්සනට හිටිවී.. අයියා ආස මොන මල් වර්ගෙට ද "

" ම්ම්.. රෝසස්.. ඒකෙත් ඇම්බර් රෝසස් වලට විතරයි "

" ඒවා ලංකාවෙ හැදෙනවාද "

" දන්නෑ මන් ලංකාවෙ තියෙනවා දැකලා නෑ. ඉස්සර තාත්තා UK ගියාම මට ගෙනල්ලා දෙනවා "

" අපි එහෙනම් මේ ටිකෙ රෝස පැළ ටිකක් ඉන්දමුද "

" එපා මන් ආස නෑ "

" ආහ්..? "

" මන් මල් වලට ආස නෑ කෙයාන් හැබැයි ඔයාගෙ අයියනම් මල් වලට පන ඇරලා "

සරමක් ගහන් ඉන්න කෙයාන් එක්ක නුපුරුදු විදියට අත් දෙකෙන්ම පස් හාරන ගමන් එක වැඩේ දෙක කරලා කෙයාන්ටත් තව වැඩ වැඩි කරලා මඩ නාගෙන ඉන්න සෝනු දිහා ගෙදර ඇතුළෙ එලියට තිබ්බ කෑල්ලෙ බැම්මක් උඩ වාඩි වෙලා ආයුෂ් බලන් හිටියෙ. පොඩි බිංකුන්ඩෙක් වගේ එහෙමත් නැත්නම් අර ටීවී එකෙ සර්ෆෙක්සල් ඇඩ් වල යන අම්මලට හොරෙන් පස් නාගන්න පොඩි උන් වගේ සෝනු ත් ඈතට පෙනුනෙ. සෝනු ගෙ ඔලුවෙ කොන්ඩ ගස් වල ඉදන්ම පහලට යනකම් මඩ ගෑවිලා.
කෙයාන් පුරුදුකාරයෙක් වගේ මේ වැඩ කරාට සෝනු  අඩුම මල් පැලයක් හිටවන්නෙ කොහොමද කියන්නවත් දැනන් හිටියෙ නෑ ඉතින් කෙයාන් ට වුනෙ එකින් එක කියාදෙන ගමන් මේ හිතුවක්කාරයා විනාස කරන මල් පැල අයිත් ඉන්දන්න. සැරින් සැරේ අත් වලට පිබින ගමන් ඇස් දෙක හකුලුවා ගන්න සෝනු දැක්කම කියන්න පුලුවන් කොල්ලගෙ අත් දෙක පස් ගල් වලට හීරිලා කියලා කොහෙද ඉතින් කෙයාන් එපා කිව්වට ඇහුවෙ නැතුව බොහොම අමාරුවෙන් මිදුලෙ උක්කුට්ටියට වාඩි වෙලා ඉන්න සෝනු ව දැක්කම ආයුෂ් ගෙ මූනට හිනාවක් ආවා.

" ආධීර් උබ ඔය ගල් වලට අත් දෙක හූරගෙන ඊටපස්සේ වරුවක් විතර අත් දෙක හීරිලා කියලා වැලලුනොත් එහෙම මන්නම් නෙවෙයි පැත්තවත් හැරිලා බලන්නෙ "

" අනේ මේ උබට මාව ලදක් වගේ ද පේන්නෙ මල් පැළයක් හිටවන්න ගිහින් අත් හූර ගන්න "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now