_32_

4K 458 162
                                    

" අඩි සීයේ පාර ගාව දුටුවා නුඹේ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගේ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී.. "

මල් වත්ත පාර.. දවල් එකයි තිහ යි දෙකයි අතර ගතවෙන පැය බාගෙ ඇතුළෙ තරම් ජනාකීර්ණ වෙන තැනක් තව කොහෙන්ද.
ඒකටම ගැලපෙන්න සුදු පාට ගවුම් ඇදන් යන ඇහැට කනට පේන කෙල්ලෙක් ව දැක්ක ගමන් ඔටෝ චූන් වෙලා ටිකකට කලින් ඉගෙනගත්ත බයෝ තියරි මැත්ස් සමීකරණ අකවුන්ටින් වල හර බැර ජ'නල සිංහල සාහිත්‍ය පොතේ කවි ටික වෙනුවට ඉහල රිදම් එකකින් යන මල් සිංදු එක දෙක කොල්ලොන්ගෙ මුව වල් වලින් ඉබේම එලියට පනිනවා.

" බලන්න හඳහන් ගලපා.. කියන්න කැමතිද කියලා..
රන් සඳ වැනි පින් කද මගෙ නෙළුම් පොඩිත්තී.. "

මොන රන් සදවල් ද ඉතින්.. දාඩිය පෙරාගෙන ඒකාකාරී පැය හයකට පස්සෙ එලියට පනින කෙල්ලෝ කොල්ලො ගාව තිබ්බෙ පුදුම කඩිකුලප්පුවක්. වෙන මොනවටවත් නෙවෙයි උන්ට බස් අල්ලගන්න ට්‍රේන් වලට වෙලාවට පැනගන්න ටියුෂන් එකට යන්න තිබ්බ හදිස්සිකාරකම් වලට.. හැබැයි ඔය කියන පිරිස අතරෙන් ම තව ටික දෙනෙක් හිටියා මල් වත්ත පාරෙ දවල් එකයි තිහ වෙද්දි රජ කරන්න බලාගත්ත. උන් ටික තමයි මෙතන තිබ්බ කහ පාට මල් වලින් පිරිලා තිබ්බ ගහ යට පාස් කරන් යන්න තිබ්බ ඒ බිම් කෑල්ලෙ නිදහස් අයිතිය අරගෙන තිබ්බෙ.

ඔය කියන ගහ යටින් එතන පාස් කරන් යන යුනිෆෝම් දාගත්ත කෙලි රූප වලින් බාගෙට බාගයක්ම ඔතන පාස් කරලා යන්නෙ රතු වෙච්ච මූනූ වලින් එහෙමත් නැත්නම් උන්ගෙ දෙපැත්තට බෙදලා ගොතපු කොන්ඩෙ කරල් අස්සෙන් නැති ප්‍රේම කැරලි මූනෙන් පහලට වට්ටවගෙන.
ටිකක් කැපිලා පේන කෙලිරූපයක් නම් ඔතනින් යද්දි ඇහෙන සිංදුවක පද පේලි නිසා මූනු බිමට හරවන් යන එක සාමාන්‍යයි. ඔතන අරක් ගෙන ඉන්නෙත් කොහොමත් එසේ මෙසේ යක්කු ටිකක් නෙවෙයි නෙ. අහවල් බෝයි ස්කූල් එක කිව්වම ඉතින් නමේ ඉදන් මතක් වෙන ගැටවරයො ටිකක්....

අද කොල්ලො ටික හිටියෙ වෙනදට වඩා සූර් වෙලා ඕකට හේතුව නම් දැන් ලග ලගම එනවත් පේනවා.

" පපුව කෙලින් තියන් ගිහින් අහපන්. අපි මන මස්ත මගන් මියුසික් එකක් දෙන්නම් "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now