" පිස්සෙක් වගේ ඩ්‍රයිව් කරන්න එපා මිනිහො "
කලර් ලයිට් එකෙන් තත්පර ගානකින් කොල පාට දැල්වෙද්දි රේස් කරලා වම් පැත්තට හරවන්න ගිය හොන්ඩා බයික් එක පැත්තට කපපු නිල් පාට civic එක නිසා බයික් එකෙ අයිතිකාර පාර්ශවය පාර මැද ම බෘස් ගාලා බ්රේක් කරේ කුණුහරුප ගංගාවක් ඒ හෙල්මට් ග්ලාස් එක ඇතුලෙ ඉදන් වපුරන ගමන්.
ඉස්සරහින් පිටිපස්සෙන් පොඩි පොඩි ගැජට් කෑලි වලින් වැඩ දාලා තිබ්බ තනි නිල් පාට civic එකෙන් පෙනුනෙ හරි අමුතු විදියෙ දගකාර බවක්. හැබැයි ඉතින් දැන් ටිකකට කලින් මග නතර කරවන්න සලස්වපු බයික් එක ආයිත් ඊට ඉස්සරහින් නිල් පාට කුරුල්ලෙක් වගේ යන වාහනය පස්සෙන් ලොකු ස්පීඩ් එකකින් ඇදුනා.
වාහනෙත් ඌට ම ගැලපෙනවා. ඇතුලෙ ඉන්න දගකරයාව ම ආරූඩ කරගෙන වගේ ඒ නිල් පාට පාර දිගට එක එක වාහන ඕවර් ටේක් කරගෙන හෝන් ගගහා යද්දි මූ බයික් කාරයෙක් ගෙන් කන දවස සෑහෙන්න ලගයි කියන්න එ වේගෙන්ම නිල් පාට පිටිපස්සෙන් ඇදුනු කලු පාට හොන්ඩා එකෙ අයිතිකාර පාර්ශවයට තේරුනා. උගෙ අප්පට ගියපු පාරවල් නෙ මේවා.. එක අතකින් ඒකෙ වැරැද්දකුත් නෑ පාරේ ඉන්න මිනිහෙක් ගෙන් කෑවත් මූව මොකො පොලීසියෙන් කියලා අත දාලා නවත්තන්නද බාප්ප බ්‍රිගේඩියර්..... තාත්තා ගැන ඉතින් තවත් මොකට කතාද..නිල් පාට civic එකට කිට්ටු කරලා හොන්ඩා එකෙ අයිතිකාරයා පාර මැදදිම ඒ ඩ්‍රයිවින් ෂීට් එකෙ ෂටර් එකට ග්ලවුස් දාපු අතකින් ඇගිලි දෙකක් නවලා තට්ටුවක් දාද්දි අර යන වේගෙම පොඩ්ඩක්වත් අඩු නොවීම ෂටර් එක පහලට වෙලා ඇතුලින් කොල්ලා වගේ දෙකක් විතර ලොකු ටෑන්ක් ටොප් එකකට බැහැලා හිටිය කැප් එකකුත් අනිත් පැත්තට හරවලා දාන් හිටිය පොර ගෙ දත් ටික එක්ක විරිත්තන් ඉන්න රූපෙ මතුවුනා.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka