_27_

4.1K 491 239
                                    

අද තිබ්බෙ හරි වැනිලා පාට අහසක්.. පාට පාට වළාකුළු වලින් පිරිච්ච අහසක් දිහා බලන් මනෝ පාරක් ගහනවට වඩා හිස් වෙච්ච වැනිලා පාට අහසක් දිහා බලන් ගහන මනෝපාරවල් සාපේක්ෂව දුර යනවා වැඩියි..

මිදුල ඉස්සරහ ගේට් එක ගාව තාමත් දෙතුන් දෙනෙක් ගැවසෙනවා. වෙනදටත් ඔතන දවසම එක ගාර්ඩ් කෙනෙක් හිටියා වුනත් මේ වෙද්දි වෙච්ච කෙරිච්ච සිදුවීම් ටිකක් යට ගියාටත් පස්සෙ ගෙදරට දාපු ගාර්ඩ් එක තාමත් සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබ්බෙ නෑ.
උදේ පාන්දර ඉදන් රෑ මැද වෙනකම් ටීවී එකෙ හැම චැනල් එකකම යන නිව්ස් වල එක දිගට ළමා නිවාසයක් ගැනයි ඕෆනේජ් එකක් ගැනයි විස්තර යද්දි අවුරුදු ගානක් තිස්සෙ ඒවයින් පිටරට සල්ලිකාරයොන්ට විකුණපු පොඩි ලමයි ගැන විස්තර එලිවෙද්දි.. උදේ සිකියුරිටි අන්කල් ගෙදරට ගෙනල්ලා දෙන පත්තරෙ එකදිගට සතියක් විතර ඒ විස්තර මුල් පිටුවෙ ලොකු අකුරින් ලියවිලා තියෙද්දි ඒ හැම තැනකම කොහෙන්මහරි ලෝයර් මහත්තයා ගෙ නමත් ගෑවිලා තිබ්බා. සෝනු ට ඒවා දකිද්දි තමන් ගෙ තාත්තා ගැන දැණුනෙ ලොකු ආඩම්බරයක්. ඔය වගේ කේස් එකකට අත දාන්න පොලිසියෙ ලොක්කෙක් වුනත් දෙපාරක් හිතන එකෙ නම ගියපු ලෝයර් කෙනෙක් වුනත් සාමාන්‍ය මනුස්සයෙක් ඔය වගේ කේස් එකක් අතට ගත්ත එක සමාජ මාධ්‍ය වලත් මේ වෙද්දි ටිකක් තදට පැතිරිලා තිබ්බා.

ඒ දේවල් එහෙම වෙද්දි මේ ටිකේ ම මේඝනා ට නම් ගෙදර ඇතුළෙ නිවනක් නැති තරම්.. හොස්පිටල් එකෙන් ආයිත් ගෙදර ආව දවසෙ ඉදන් ලෝයර් මහත්තයා බලන්න කියලා ගෙදරට එන පිරිස අර කේස් එක ගැන එලියට යද්දි තව වැඩිවුනා. පොලිසියෙන් මීඩියා වලින් සැරින් සැරේ ලෝයර් මහත්තයා හම්බවෙන්න එද්දි ඒ එන එන සැරේ ට කන්න බොන්න දෙන්න ගෙදර අස් කරන්න ගිහින් එපා වෙලාම මේඝනා මේ ටිකේම ඉන්නෙ රියල් කාලි අම්මා ඇගට ආරූඩ කරගෙන.
ඒකට ඉතින් මේ ගෙදර ඉන්න අනිත් පාර්ශවය....

" සුදූ... "

" එනවා.... "

ඇගිලි දෙකක් අස්සට රදවන් හිටිය ඩන්හිල් එක එහෙම්මම බැල්කනි එකෙ කොනකට විසි කරලා සෝනු කාමරෙන් එලියට ආවේ ආයිත් හැරිලා ගිහින් උඩ සාලෙ ඩෝර් වින්ඩො එකෙන් එලියට දුවලා එතන බැල්කනියෙන් පහලට නැවිලා උඩට තිබ්බ පේර ගහෙන් දල්ලක් කඩාගත්ත කොල්ලා ඒක කටට දාලා හොදට හපන ගමන් පහලට ඇවිදන් ගියා.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now