_11_

609 96 111
                                    

අද ජුනි මාසෙ මැද දවසක වෙලාව ගත්තොත් උදේ නවය වෙන්න තව තිබ්බෙ විනාඩි දහයයි. සෝනු ලී වලින් හදපු පඩි පේලිය දිගෙ පහලට බැස්සෙ ගෙවිච්ච දවස් හයකට පස්සෙ අද පහල තට්ටුවෙ ජනෙල් දොරවල් ඇරලා කර්ට්න්ස් ඈත් කරලා සාලෙ පුරාම උදේ එලිය වැටිලා තියෙනවා දකිද්දි...
සෝනු අන්තිම පඩි ටික එකක් ඇර එකක් බැහැන් ගිහින් කුස්සිය පැත්තට ගියෙ මේ දවස් ටික පුරාවට ගෙදර ඇතුළෙ නැතිවෙලා තිබ්බ එලිය අද ආයිත් ඇවිල්ලා තියෙනවා කියන්න සාක්ෂි නැගිට්ට ගමන් දැකපු නිසා.

" ගුම් මෝනින් මිසිස් මේඝනා... කොහොමද පුතා නැතුව ගෙවිච්ච දවස් හය "

" ගුඩ් මෝනින් සුදූ.. පුදුමයි මෙයා අද කලින් නැගිටලා."

සෝනු ගිහින් පුරුදු විදියටම රයිස් කුකර් එක ගාව හිටගෙන මොනවදො කරන ගමන් හිටිය අම්මගෙ පිටිපස්සෙන් අත් දෙක යවලා තුරුල් වුනා.

" කෝ තාත්තා..? "

" කාමරේ ඇතුලෙ ඇත්තෙ වැඩට යන්න ලෑස්ති වෙන ගමන්. මොකෝ අද ඉස්කොලෙ යන්නෙ නැත්තෙ "

" අද පූජා ආන්ටි එහෙ එන්න කිව්වා දවල් වෙන්න ආයුෂ් යන්නෙත් නෑ කිව්වා දිමිත්‍ර ත් කෑම්ප් ගිහින් "

සුදු පාට ඉදිආප්ප ටිකක් කොනක ඉදන් අඩුක් කරලා තිබ්බ පිගානට අත දිග් කරලා එක ඉදිආප්පයක් අරන් සෝනු කටට දාගත්තා.

" සුදු මාළු හොදි ඕනෙ.. "

" ඔයාට සුදු මාළු හැදුවා ඊයෙ එද්දි නැන්දා දීපු චට්නි වගයකුත් ඇති කට සෝදන් එන්න කන්න "

ලා රෝස පාට හවුස් කෝට් එකට අම්මගෙ ගන කලු පාට කොන්ඩෙ ඔක්කොම එකතු කරලා උඩට කරන් කට්ටක් ගහලා සෝනු පිටිපස්සෙන් අම්මව තව ටිකක් තදකරන් බදාගන්න ගමන් ලොකු හුස්මක් ඇදලා ගත්තා. අම්මගෙ ලගින් හැමදාම වගේ එන්නෙ රෝස පෙති වල සුවද. හැමදාම පඩි දවසට තාත්තගෙ අත් දෙකේ තියෙන බෑග් දෙකෙන් එකක් පිරිලා තියෙන්නෙ අම්මට ගෙනාපු පෆියුම් බොඩිලෝෂන් ලිප් බාම් මේකප් සෙට් වලින් වෙද්දි අම්මා ඒවයින් හැඩ වෙලා ඉන්නවට සෝනු වගේ ම ලෝයර් මහත්තයත් ආස කරා.
මුලින්ම ඔය රෝස පෙති සුවද ට ආස කරේ සෝනු ගෙ තාත්තා වුනාට දැන් දැන් සෝනු ඒ සුවදට හරි ආසයි පුරුද්දක් විදියට උදේ නැගිටලා පහලට බහිද්දි කුස්සියට වෙලා ඉන්න මේඝනා ව බැක් හග් කරන ගමන් ඒ සුවදින් නාස් පුඩු පුරවගන්න එක දැන් සෝනු ගෙ උදේ පුරුද්දක් වෙලා. සෝනු ට තිබ්බෙ හරි ආදරණීය කැදැල්ලක්. කවදාවත් අම්මා ජොබ් එකක් කරේ නෑ කියලා තාත්තගෙන් අම්මට ඕන කරන දේවල් නොලැබිලා නෑ. කොටින්ම කිව්වොත් තාත්තා ගොඩක් වෙලාවට සෝනු වත් ඇදන් ෂොපින් ගිහින් තරුණ පෙම්වතෙක් යාලුවෙක් එක්ක ගිහින් පෙම්වතියකට දෙන්න ගිෆ්ට් තෝරනවා වගේ සෝනු එක්ක අම්මා ට ගෙනිහින් දෙන්න බඩු තෝරනවා. ඒ හැම ගමනට ම සෝනු ටත් අකමැත්තෙන් හරි යන්න වුනා මොකද මිස්ටර් විජෙත් අන්ද්‍රෙව් ට තිබ්බෙ බෑඩ් චොයිසස්. ඉදලා හිටලා ගෙනල්ලා දෙන මල් බොකි එකක් චොකලට්ස් පැක් එකක්.. සති අන්තෙ දවසක දෙන්නා එක්ක යන ඩේට්ස්.. සෝනු ගෙදර ඇතුලෙදි දැක්කෙ තනිකරම ආදරය පුරවලා තිබ්බ වටපිටාවක් විතරයි. ඒ හේතු නිසාම වෙන්න ඇති සෝනු කියන්නෙ කොච්චර දගකාරයෙක් වුනත් සෝනු කියන චරිතය ගැන දන්න උන් දන්නවා ඒ චරිතෙ ඇතුලෙ කොච්චර ආදරණීය පැත්තක් හැංගිලා තියද කියන්න.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now