_47_

5.4K 604 701
                                    

අද කාලෙකට පස්සෙ ආව නිවාඩු දවසක්..කෙයාන් හිටියෙ මේන් රෝඩ් එකට හැරෙන තැනම තිබුණු ෆුඩ් සිටි එකට ගිහින් එන ගමන්. ගින්දර වගේ ඇගට කඩන් වැටෙන අව්ව ගැන මෙලොව ගානක් නෑ වගේ අතේ පැටලිලා තිබ්බ ෂොපින් බෑග් දෙක කරකවලා අරන් උරහිසට උඩින් පිට උඩට දාගත්තෙ අනිත් අත ඇදන් හිටිය ෂෝටෙ සාක්කුවක් ඇතුලට ඔබාගන්න ගමන්. ' ඕවා ඉතින් අයියන්ඩිගෙන් ලැබිච්ච දායාද නෙ '
සමාජෙට බැස්ස ගමන් සාක්කු ඇතුලට අත් ඔබාගන්න එක සැරින් සැරේ එක අතකින් ඉස්සරහ කොන්ඩෙ ටික උඩට උස්සගන්න එක..

දැනටමත් දවල් එක පහුවෙලා ඇති..කොල්ලට දැන් ටිකකට කලින් තමයි මතක් වෙලා තිබ්බෙ දවල් ට කන්නත් ඕන කියලා ඒ ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා බලද්දි පිපින්යා ගෙඩියකුයි කරපිංචා ඉත්තකුයි විතරක් ඉතුරු වෙලා තියෙන හිස් ෆ්‍රිජ් එක දකිද්දි තමයි කෙයාන් ටත් තනියෙන් උයාගෙන කාලා ජීවත් වෙන එකේ රගේ පපුකැවුත්තටම කාවැද්දුනෙ.
මෙහෙමයි ඕකෙ රගේ හොදටම දන්නෙ බෝඩිම් ජීවිතයක් ගතකරන උනුයි තනියෙන් උයන් කාලා ඉන්න උනුයි. ඔය කියන පාර්ශවයන්ට ඉතින් උදේ දවල් රෑ කියලා නෑ බඩගින්නක් ලෝඩ් වෙද්දි ඕකුන් අමුවෙන් රම්පෙ කොලයක් හරි කාලා ඉන්නවා එච්චරට කම්මැලියි ෆ්‍රී ඉන්න වෙලාවක එලියෙ පස් පාගන එක. උන්ට තියෙන්නෙත් කොහොමත් හෙන අමුතු විදියෙ ආහාර රටාවන් නිසා යන්තම් ඩයිජින් පෙත්තෙන් ජීවිතේ ගැටගහන්නවා. සමහරුන්ට ජීවිතේ රියල් දුක කියන එක පපු බොක්කටම වැදෙන්නෙ ඔන්න ඔය කියන කාරණාවෙදි.

මොනා කරන්නද ඉතින් උදේටත් නැති එකේ දවල්ට නැතත් රෑට හරි කන්න එපැයි කොල්ලට ඇදන් හිටිය ෂෝටට ම ෂර්ට් එකක් ගහන් මේ අවේලාවෙ පාරට අඩිය තියන්න වුනේ ඒකයි.

" ආහ් අන්කල්..ඊයෙ කඩේ වහලා තිබ්බා "

හන්දියට හැරෙන තැනම තියෙන පොඩි සිල්ලර කඩේ ගාවින් අදත් පුරුද්දටම නතර වුනු කෙයාන් කඩේ ඇතුළෙ සරමක් ගහන් වාඩිවෙලා හිටිය මැදි වයසෙ මනුස්සයෙක්ට හිනාවක් දුන්නෙ කඩේ එලියෙ කෑල්ලෙ පත්තර කොල බාගෙක ඔතලා තිබ්බ බුලත් කොල මිටියෙන් කොලයක් අරන් කඩාගත්ත පොඩි කෑල්ලක් කටට දාගන්න ගමන්. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.. දුම්කොල කෑල්ලකුත් තිබ්බනම් මොනා නැතත් සරු විට...

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now