_26_

2.7K 366 95
                                    

කන් දෙක වැහෙන්න දාපු අයිස් කැප් එකක් කොට අලු පාට ෂෝටකට තද නිල් පාට දනහිස් ගාවට ටිකක් උඩට වෙන්න තිබ්බ හූඩි එකක් ඇදලා පිටේ එල්ලන් ඉන්න තඩි බෑග් එකකුත් එක්ක සෝනු ව පෙනුණෙ හරි ලාමක විදියට. දැන් කොහොමත් ආයිත් පැය ගානක් උදේ පින්න අස්සෙන් බයික් එකෙ යන්න තියෙන නිසා තාමත් සම්පූර්ණයෙන්ම මැකිලා තිබ්බෙ නැති ඇගේ රස්නෙත් එක්ක සෝනු බෑ බෑ කියද්දිම ඔලුවෙ ඉදන් වැහෙන විදියට ඇදුම් අන්දවලා තමයි හැරන් මේකව බංගලාවෙන් එලියට යවන්න කැමති වුනෙ.

අන්තිමට හැරන් ගෙන් වගේ ම ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් අර පොඩි කෙල්ල දෙන්නගෙන්ම සමුඅරගෙන සෝනු මේ ලෑස්ති වෙලා හිටියෙ ආයිත් කොලබ යන්න. දවස් ගානකට පස්සෙ මැලවිලා තිබ්බ ඒ මූනට අද පන ඇවිත් හැංගිලා තිබ්බ දගකාරකම් ආයිත් අද උදේ පාන්දරම එලි බැහැලා. ඒවට පින්සිද්ධ වෙන්න අවුරුදු විස්සක් තිහක් තිස්සේ පරණ බංගලාව ඇතුළෙ ලෝයර් මහත්තයා අතට ආවටත් පස්සෙ වෙකකම්ම පරිස්සම් වෙලා රැකුනු තෙල් සායම් චිත්‍ර දෙකක් සෝනු ගෙ අද උදේ කොලබ යන්න ඕන කියලා දියත් කරපු අරගලය හේතුවෙන් විනාස වෙලා තිබ්බා. බංගලාවෙ මැරුනු උන්ගෙ ආත්ම ටික ඕක දැක්කනම් අනේ අර අච්චර වටින චිත්‍ර ටික මේකා වගේ නාහෙට නාහන එකෙක් නිසා විනාස වුනා කියලා දැකලා ආයිත් පපුවෙ අමාරු ඇවිල්ලා වලකජ්ජ ගහනවා ෂුවර්.





" අමාරුයි ද වාඩිවෙලා ඇවිත් "

හුලගෙ සද්දෙ එක්ක ආයුෂ් ගෙ කටහඩ ලාවට ඇහෙද්දි පිටිපස්සට වෙලා හිටිය සෝනු බයික් එකෙ ඉස්සරහට ලිස්සලා ගිහින් ඒ උරහිසකින් බෙල්ල ඉස්සරහට දැම්මා.

" අවුලක් නෑ කොන්ද ටිකක් රිදෙනො "

" ඉස්සරහ මුලටියන කැලේ හරියෙ පොඩි කඩ දෙක තුනක් තියෙනවා නවත්තනම් මොනා හරි කාලා යමු "

" කොලබට යද්දි හවස් වෙයි ද "

" දෙක පහුවෙයි "

" පෙට්‍රල් ගහන්න සල්ලි..? "

" තියෙනවා "

හුඩී එක නිසා ඇග උඩ ඉදන්ම වැහිලා තිබ්බත් ෂෝටෙන් නිරාවරණය වෙච්ච හරිය සීතලට ගල් වෙලා වගේ. ආයුෂ් ගෙ රේන් කෝට් එක පට පට ගාලා සද්දෙට හුලගට දෙපැත්තට වෙද්දි සෝනු තව ටිකක් ඉස්සරහට වෙලා රේන් කෝට් එකෙ දෙපැත්තෙ කෑලි දෙකත් අල්ලගෙන ඉස්රහට අත් යවලා ඒ දෙක ආයුෂ් ගෙ පපුව මැදින් එකතු කරලා ඊට උඩින් අත් දෙක බැදගත්තා.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now