_06_

581 99 61
                                    

මේ ගෙවෙන්නෙ බ්‍රහස්පතින්දා දවසක හවසක්. එදා ගියපු ගමනින් පස්සෙ ආයිත් කොලබ ඇවිල්ලා අදට දවස් දෙකක් වෙනවා.
මේ දවස් දෙක පුරාවටම සෝනු ට ගෙදරින් එලියට බහින්න ඉඩක් ලැබුනෙ නැති තරම්. ඒකට එක හේතුවක් තමයි දවස් දෙකක CCTV රෙකෝඩ්ස් ඩිලීට් කරපු නිසා කොල්ලා අම්මලා ගෙදර නැති දවස් හතර ගෙදර හිටිය කියලා පේන්න වැඩ සිද්ද කරන ගමන් හිටියෙ. ඒ අස්සෙ අද උදේ ම ගෙදරට ආව පිසික්ස් ක්ලාස් එක කරන සර් එක්ක පැය හතරක් එක දිගට ක්ලාස් එක කරන්න වෙද්දි සෝනු හිටියෙ ගෙදරින් එලියට පනින්න වෙලාවක් ලැබෙනකම් බලාගෙන.

" කෙයාන් උබ ගෙදර නෙ.. මන් මේ ඔය පැත්තෙ එන්න කියලා "

කොල්ලා කොලබ ආවට පස්සෙ ම ආයිත් හම්බවෙන්න යන්න බැරි වුනු නිසා සෝනු ගෙදර දොර ලොක් කරලා එලියට බැහැලා පැත්තකින් තිබ්බ CCTV කැමරාවක් දිහා ඇස් කොනින් බලාගෙනම කාර් එක අරන් පාරට දැම්මා. ආයුෂ් දක්ෂිත් දෙන්නා මේ දවස් දෙකේ බැලුවොත් ඇත්නම් හිටියෙ කෙයාන් ට ආයුෂ් ගත්ත අලුත් ගෙදර අස්සෙ. කොහොමත් කෙයාන් ට තාම කොලබ පාරක්වත් පුරුදු නැති නිසා ගෙදරට ඕන බඩු ටිකේ ඉදන් හැමදෙයක් ම ආයුෂ් ගෙනල්ලා දෙද්දි කෙයාන් ට තිබ්බෙ ඔය මොනාහරි උයන් කාලා දවස ගෙවන්න විතරයි. එහෙන් දිමිත්‍ර තාත්ත ගෙ නම ගාවලා සල්ලි ටිකක් යටින් දෙන්නත් එකග වෙලා කෙයාන් ව ආයුෂ් ලා යන ඉස්කෝලෙටම දාගන්න කෙරෙන්න ඕන වැඩ ටික ගානට කරලා ඉවර කරලා තිබ්බා.

අතුරු පාරකින් ඇතුලට ටික දුරක් ගිහිල්ලා තිබ්බ දුබුරු පාට ගේට් එකක් ඉස්සරහින් සෝනු කාර් එක හෝන් කරා. අදත් අර ඩබලම මෙහෙ කියලා ගේට් එකෙන් ඇතුලෙ තියෙන වාහන දෙක දැක්ක ගමන් සෝනු ට තේරුනා. උන් දෙන්නටත් ඉන්න ගෙවල් නෑ වගේ උදේ වැටුනම ආයිත් යන්නෙ රෑට. මේ වෙද්දි සෝනු දිමිත්‍ර දෙන්නටම වඩා දක්ෂිත් කෙයාන් එක්ක හරි ඉක්මනට ලං වෙලා තිබ්බා.

" ඇතුලට දාන්න අයියෙ.. ඉඩ ඇතිනෙ "

මොකක් නැතත් කොල්ලගෙ සරම් අදින පුරුද්දනම් නැති වෙලා නෑ. නිලුයි සුදුයි සරමකට වෙනදා වගේම උඩට මුකුත් නැතුව ඇවිල්ලා ගේට් එක ඇරලා දුන්නු කෙයාන් ට හෝන් එකක් ගහගෙන ම සෝනු කාර් එක ඇතුලෙ මිදුලට කරලා දැම්මා. තනි තට්ටුවෙ ගෙදරක් වුනාට මේකෙ මිදුල සෑහෙන්න ඉඩයි. කොහොමත් ආයුෂ් හොයලා බලලා අරගෙන තියෙන්නෙ එලියට පුංචියට පෙනුනත් ඇතුලින් ඕනකරන හැම පහසුකමක් ම තියෙන ගෙදරක්. දැනටමත් ගෙදර වටේ ට වැහෙන්න හදලා තිබ්බ තාප්පෙ එක්ක එලියෙ ඉන්න මිනිහෙක්ට ලේසියෙන් ඇතුලෙ ගෙදරක් තියද කියලාවත් හිතන්න බෑ. ආයුෂ් කෙයාන් ට අරන් දීලා තිබ්බ බයික් එක දවසින් කොල්ලා පදින්න පුරුදු වෙද්දි ලයිෂන් එක ගන්න වැඩේ ට දක්ෂිත් ඊයෙ දවසෙම කෙයාන් ව එක්කන් ගිහින් ඒ වැඩ ටික කරලා තිබ්බා.. දිමිත්‍ර ට නම් කොලබ ආව දවසෙම ආයිත් අනිත් පැත්තට තාත්තා ගෙ කැම්ප් එකට නුවර යන්න වුනු නිසා දිමිත්‍ර ඇර අනිත් තුන් දෙනා කෙයාන් ට මේ අලුත් පරිසරයට හුරු වෙන්න උදව් කරා.
දක්ෂිත් ගෙ යි ආයුෂ් ගෙයි දඩුමොණරු දෙක මිදුලෙ තිබ්බ අබ ගහක් යට හෙවනෙ දාලා තියෙද්දි එද්දි මග තිබ්බ කීල්ස් එකෙන් නවත්තලා ගත්ත ෂෝටීස් වගයක් එක්ක ලීටර් දෙකෙ අයිස්ක්‍රීම් එක දාපු ෂොපින් එක කෙයාන් ගෙ අතට දීලා සෝනු ඇතුලට ඇවිදන් ගියා.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now