_30_

2.9K 382 133
                                    

වේදනා මැදින් අලුතින් පායා
ආදරේ තරම් පවසන් මා හා
නොදැනුනෙ කොහොමද එදා පෙම පානා
නොහඩලා උන්නෙම දරා හිත සාදා

බ්ලූටූත් එක අස්සෙන් ප්ලේ වෙන සින්දුව නිසා සෝනු දෙවෙනි තුන්වෙනි වතාවටත් මනෝකාය කොහෙදො ඈතක ගෙනිහින් නතරකරලා තිබ්බෙ. බැල්කනි එකෙ ඉස්සරහ බිත්තියට පිට දීලා ටයිල් එක උඩ වාඩිවෙලා දැන් පැයකට විතර කලින් අතට ගනිපු මොන්ත ක්‍රිස්තො සිටුවරයා ගෙ පොත දැන් බාගයකට වඩා කියවලා ඉවරයි.
ගෙනාව පොත් තුනෙන් මුලින්ම කියවන්න අතට ගත්තෙ මේක.. ගත්තා කිව්වට මොකද ආයුෂ් ගෙන් ආව මැසේජ් එකක පොත් තුනෙන් එකක් හරි නිකමට අතට අරන් බැලුවද කියලා අහද්දි තමයි කොල්ලා ඒ වෙලාවෙ ඇදට වෙලා පෙරලි පෙරලි හිටිය එක නතර කරලා ඇවිත් පරිවර්තනය අතට ගත්තෙ.

අද උදේ නවයෙ ඉදන් එක දිගට හවස දෙක වෙනකම් සෝනු ට ගෙදර පිසික්ස් ක්ලාස් එකක් තිබ්බා. පැය ගානක් එක දිගට උඩ සාලෙ මැද තිබ්බ මේසයෙ වාඩි වෙලා සර් එකක් පාස්ට් පේපර්ස් කරලා අත හිරිවැටෙනකම් පෑන අල්ලන් ඉදලා එකම තැන පැය පහකට වඩා එකම ඉරියව්වෙන් වාඩිවෙලා ඉදලා කොල්ල හිටියෙ මහන්සියෙ ඉනිපෙත්තෙ.

ආදරේ කියලා හිත පිළිගන්නට
නුබ තනිකර මගෙ වෙන්නම ඕන ද

මේවා හරිම නෝක්කාඩු හැගීම්..
පපුව ඇතුළෙ හැම අංශුවක් ගානෙම සියුම් ගැස්මවල් ඇතිකරන..
වෛවර්ණ මල් පරවෙලා හෙන්දිරික්කා මල් පිපෙන්න ගනිද්දි කැරමල් පාට හැන්දෑ අහස් එක්ක ' නුබ ' කියන මාතෘකාව බර වැඩියි.
මී පැණි පාට කම්මුල් චෙරි රෝස කරන්න
රික්තකයක් අස්සෙ හිරවුනත් ,
' නුබ ' කියන්නෙ හරි අපූරු කැලෑ මල් ගොමුවක්..

අතේ තිබ්බ පොත වහලා දාලා ප්ලේ වෙන ගමන් තිබ්බ සින්දුවත් නවත්තලා බැල්කනි යෙන් කෙලින් වුනු සෝනු ඇවිදන් ගියෙ පහල තට්ටුවට.
මේඝනා හැම හවසකම වගේ අදත් පුරුදු විදියටම සාලෙ සෝෆා එකට වෙලා නව කතා පොතකට ඇස් හරවන් ඉද්දි පඩිපෙල බැහැන් ආව සෝනු ගෙ අඩි සද්දෙට පොතෙන් ඇස් ඉස්සුවත් සෝනු මේඝනා ට කරදර නොකරම ඊලගට කෙලින්ම අඩිය තිව්වෙ ලෝයර් මහත්තයා ගෙ ඔෆිස් රූම් එකට.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now