_21_

588 100 72
                                    

සුදු පාට ෂෝටකට ඒකට මැච් වෙන්නම ලා රෝස පාට බැගී ටී ෂර්ට් එකක් ඇදන් ඉන්න වීඩ් එකක් තොල් අතරින් රදවගත්ත කොලු ගැටයෙක්. වීඩ් එක රදවන් ඉන්න අතේ ගැටගහලා තිබ්බ පිරිත් නූල් දෙකට වඩා ඉඩක් ගත්තෙ ඒ අස්සෙන් ම දාලා තිබ්බ කලු දුඹුරු පාට බේස්ලට් සෙට් එක. අනිත් අත එතනම බැම්මට තද වෙලා ගිහින් තිබ්බෙ සැරින් සැරේ තාලෙකට ඒ ඇගිලි පහේම ඇගිලි තුඩු එතන බැම්ම ස්පර්ශ කරද්දි.
වීඩ් එක නැති හිස් අතේ ඇගිලි පහෙන් තුනකම කලු පාට මුදු සෙට් එකක්ම රදවලා. පිටින් බැලුවොත් බෙල්ලෙන් පහලට එල්ලෙන පොඩි කොටි දතක් තියෙන මාල පොඩ්ඩ එක්ක අතේ කරේ තියෙන භාණ්ඩ ටික දැක්කම මූ අමු රස්තියාදුකාරයෙක් කියලා කියන්න පුලුවන්. ඒත් ඉතින් ඔය මුදු මාල සෙට් එකයි ෆැෂනබල් විදියට ඇදන් ඉන්න වස්ත්‍ර ටිකයි ටිකකට පිලිවෙලක් කරානම් මේඝනා ගෙදර ඇතුලෙදි හුරතල් කරලා හදන මේඝනා ට අනුව නම් තාම අවුරුදු දහ අටක් වත් නොවුනු එයාගෙ පුංචි දගකාරයා ව බලාගන්න තිබ්බා.

තොල් දෙක උල් වෙලා සැරින් සැරේ වීඩ් එක ඇදලා අහසට පිබින දුම් පාරවල් රෝල් වෙලා ඉහලට නගිද්දි ඊටත් ටිකකට පස්සෙ සෝනු කලිසම් සාක්කුවෙන් ඇදලා ගත්ත ලිප් බාම් එක තොල් පෙති අතර ලාවට තවරගත්තා.
දවසට සිගරට් දෙකකට වඩා ගහලත් අද වෙනකනුත් කොල්ලට තිබ්බ ලා රතු පාට තොල් පෙති දෙකෙ කොන් එක ඩිංගක් කලු ගැහිලා ගිහින් නෑ.










මිල අධික ගැහැණු පිරිමි සුවද විලවුන් වල නොයෙක් ජාතියෙ සුවදවල් වලින් පිරිලා තිබ්බ ලිවින් ඒරියා එකක්. ලී වලින් ඔපදාපු මොනවදො ගල් වගයක් අල්ලලා සරසලා තිබ්බ පොඩි ප්ලේට් එක උඩ තිබ්බ මිදි ගෙඩියක් සෝනු කටට දාගත්තෙ දත් අතරින් හිරවුණු මිදි ගෙඩියෙ යුෂ ටික දිවෙන් උරා බොන ගමන්.

" මහන්සියි.. දැන්ම යනවද "

ඇස් දෙක තදට පියාගන්න ගමන් රතු පාට සෝෆා එකට බර දීලා සෝනු කිව්වෙ ඒ සැනින් සෝනු ගෙ හිස් උරහිස් වටේ හැඩි දැඩි අතක් පැටලෙද්දි.

" මොකෝ අද අපි අස්සෙම.."

" ඇයි ඉතින් එදා බැන්නෙ එකා එකාගෙ ඇගවල් අස්සෙ රිංගනවා කියලා "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now