" කැන්ටිමෙ බඩ බුරුල් වෙන සමෝසෙට වඩා නානගේ පරණ තෙල් දාපු වඩේ කෑවම මීට සනීපයි "
" කෝ බන් මේක අස්සට රිංගපු එකා බොක යන්නත් කිට්ටුයි..අඩෝ ඉවසන්න බෑ බල්ලෝ මන් එහාපැත්තෙ ටීචර්ස්ලගෙ ටොයිලට් එකකට පැනලා එන්නම් "
අද සාමාන්‍ය බදාදා දවසක්...ඒකාකාරීව ගතවුණු සති අන්තයක් එක්ක පහුවුනු දවස් දෙකකට පස්සෙ ආව තවත් එක පැය විසි හතරක මැද බාගයක්.
ඉස්කෝලෙ අවසන් වෙන බෙල් එකට කලින් වැදෙන එකයි විසි පහ බෙල් එක වදිනවත් එක්කම සින්ක් එකට අල්ලලා අත් දෙක සෝදන ගමන් හිටිය සෝනු ඉස්සරහ මිරර් එකෙන් බලන් හිටියෙ කඩාගෙන බිදගෙන ටොයිලට් එක ඇතුලට ආව ආර්ට් එකෙ කොල්ලො දෙන්නත් ඒ පිම්මට ආයිත් හැරිලා එලියට යන හැටි.ඕවා ඉතින් හෙනගහන ඇත්ත කතා..කැන්ටිමෙ සමෝසයක් කෑවා කියන්නෙ ආයිත් ඉතින් කෙලින්ම දවස් දෙකකට පහසුවෙන්ම වැසිකිලි පහසුකම් සපයනවා වගේ තමයි. ඕවට ඉතින් වචනයක්වත් කියන්න ගියොත් කෙලින්ම ඇන්ටි එන්නෙ නැති රෙදිත් උස්සන්. වැල්ලෙ ගෑනු පරාදයි ඔය කැන්ටිමෙ කලු සෝමෙගෙ කට ඇවිස්සුනාම.
සෝනු ආයිත් බෙල්ල පහලට නවලා අත් දෙකේ තිබ්බ වතුර ටික සින්ක් එකට ගසලා දැම්මෙ ටැප් එක වහලා දාන ගමන්.
" ඔහ්.."
ටැප් එක වහලා පිටිපස්ස හැරෙන්න ගිය කොල්ලව එහෙම්මම ආයිත් පාරක් සින්ක් එකට හොද පාරක් වැදිලා තද වෙලා ගියේ සින්ක් එකෙ පහල ටයිල් දාරෙට වැදුනු යටිබඩ නිසා සෝනු ගෙ කටින් හිතන්නත් කලින් කෙදිරුමක් පැන්නා.
පිටිපස්සෙන් ඇවිත් සෝනු ගෙ ඇග දෙපැත්තෙන් ටැප් එකට අත් දෙක ඇල්ලුව සෝනු තරමටම උස ඒ පිරිමි රූපෙ එක්කලා පැහැදිලිවම තමන් ගෙ පිටුපසට ස්පර්ශ වුනු ඒ පිරිමි කය එක්ක සෝනු දරදඩු වෙලා ගියෙ අත් දෙකේ තැවරිලා තිබ්බ වතුර බිදු වෙනුවට ඒ නුපුරුදු ස්පර්ශයන් මැදින් පැන්න දාඩිය පාරක් ඒ අත්ල උඩට සේන්දු වෙද්දි.ඇවිත් හිටියෙ දැන් මාස කීපෙකට කලින් මල් වත්ත පාරෙදි ටිකක් දරුණුවට ගියපු වලියක අනිත් පාර්ශවය වුනු ධීරක ගෙ මල්ලි ධනුජ..
සෝනු ට හැරෙන්නවත් වෙලාවක් නොතියා වෙච්ච සිද්ධියත් එක්ක සෝනු ගෙ කකුල් දෙකේ ඉදලම ලොක් වෙලා ගියෙ ඉස්සරහින් ඇරුනු ටැප් එකෙන් ප්‍රෙශර් පිට වැටෙන වතුර පාරේ සද්දෙ විතරක් ඇහෙන විදියට සෝනු ගෙ කන් දෙක ඇතුලත් බ්ලොක් වෙලා ගියා. මොනා කරන්නද හදිස්සියෙම කලබල වෙන වෙලාවට ඉබේටම ඇග ඇතුලේ සිද්ධවෙන මේ සිද්ධීන් ට සෝනු හෙන ඉල්ලන්නෙ අදක ඊයෙක ඉදලා නෙවෙයි.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka