' මේ රතු පාට මහරත් මල් ඇතුලෙ සුරංගනාවියෝ හැංගිලා ඉන්නවා '
සෝනු ට අදටත් මතකයි පොඩි කාලෙ සෝනු ව බලාගන්න හිටිය වයසක ගෑනු කෙනා ගෙදර ඉස්සරහ ජනේලයක් ගාවින්ම තිබ්බ මහරත් මල් පොහොට්ටු පෙන්නලා සෝනු ට කියනවා.
එදා ඒ පුංචි ලා රෝස පාට අත් වලට හැම උදේකම එළියට එක්කන් ගිහින් කවන බත් කට ගානේ ඒ මහරත් මලක් ඒ අතැගිලි අස්සෙන් චොප්ප වෙලා යනවා....
අර සුරංගනාවියොන්ගෙ කතාව එදා හිටිය පුංචි සෝනු ගෙ කන් ඇතුලින් ගිහින් හදවතේ පැලපදියම් වෙන්න කලින්..උඩ ඉදන් පඩිපෙල බැහැගෙන එන ගමන් ජනේලෙන් එලියෙ උදේ ම පිපිලා තිබ්බ මහරත් මල් පොහොට්ටු දෙක තුන දැකලා මතක් වුනු ඒ කතාව නිසා කොල්ලගෙ මූනෙ ලා හිනාවක් ඇදුනා.
අද ලෝයර් මහත්තයා සාලේ සෝෆා එකෙ වාඩිවෙලා උදේම ටීවී එකෙන් පත්තරෙ විස්තර බලනවා. කුස්සිය පැත්තෙනුත් හොද බටර් සුවදක් දැනෙනවා. සුවදින් කියන්න පුලුවන් මේඝනා අද නිවාඩු දවසෙ ලොකු වැඩකට බැහලා කියලා.
" අම්මේ...සාරිගප්පියා ට හදපු කිරි එක දැන් දෙන්න ද "
සෝනු මේසෙ උඩ වහලා තිබ්බ පොඩි කප් එකක දාපු සුදු කිරි ටිකයි එතනම තිබ්බ පහන්තිරයයි අරගෙන ගිහින් කුස්සිය ඇතුලට බෙල්ල දැම්මා.
" කිරි එක කූල් වෙලා නෑනෙ දැන් දෙන්න කමක් නෑ අර මන් කාමරේ මේසෙ උඩ තියලා ඇති පොඩි රෙදි කෑලි දෙක තුනක් අර දාපු පුලුං ටික අයින් කරලා ඒ ටික ඇතුලට දාන්න "
සෝනු ආයිත් කිරි එකයි පහන් තිරෙයි උස්සගෙන පඩිපෙල ලගට යද්දි ලෝයර් මහත්තයා ටීවී එකෙන් ඇස් අරන් කොල්ලගෙ අතේ තිබ්බ දේවල් ටික දිහා කන්නාඩිය යටින් බැලුවා.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka