_41_

5.8K 582 1.2K
                                    

" හරි හරි මන් මේ තාම ඇදේ අම්මේ "

" ඔව් ඔව් කෝල් එක ඇහිලා නැගිට්ටෙ...."

" නෑ නෑ දවල්ට කඩේකින් කන්න පුලුවන්..ඔව් ඔව්.. නෑ නෑ වහින්නෙ නෑ වගේ... අනේ ඉතින් කාමරේ ඇතුලට ඇහෙනවද අම්මේ එලියෙ වැස්සත්..මන් නැගිටලා ගිහින් බලන්නම් ටිකකින්...."

" හා...හුම්..හරි..හ්ම් හ්ම්...."

" හරි හරි දොරවල් ලොක් කරලා යතුර අන්කල් ට දීලා එන්නම්. හරි තිව්වා එහෙ........"

ඒත් එක්කම ස්ටේෂන් එක ඇතුලින් මහ සද්දෙන් අනවුස්මන්ට් එකක් යද්දි ඉස්සරහින් එන ට්‍රේන් එකක සද්දෙත් ලාවට ඇහෙද්දි සෝනු හේත්තුවක් දාන් හිටිය රේල් පීලි දෙකක් උඩින් හදලා තිබ්බ පාර යි ස්ටේෂන් එකයි යා කරන පාලම් වැටෙන් එහාට පැන්නෙ කෝල් එක කට් කරන්න තරම්වත් සිහියක් නැතුව.
' මල හට්ටි හුට්ටයි නෙ '

ඒ සනිකව කොල්ලා පාර පැත්තෙ ඉදන් පාලම දිගේ ස්ටේෂන් එකට මාරු වෙන ගමන් හිටිය වයසක මනුස්සයෙක්ගෙ ඇගෙත් වැදීගෙනම අනිත් පැත්තට දුවලා ගියෙ යකඩ පඩි ටික වැඩි සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න පඩි දෙකෙන් දෙක පැනලා පාරට බහින ගමන්. ඒ බිමට බැස්ස ගමන් සෝනු දඩිබිඩි ගාලා ෆෝන් එකෙ මෙච්චර වෙලා තිබ්බ කෝල් එක කට් කරලා දැම්මා.
ඒත් එක්කම කන දෙදරලා යන්න තරම් සද්දෙන් ඇහුනු කෝච්චියෙ සද්දෙත් එක්ක කොල්ලා ආයිත් පාරක් ෆෝන් එකෙ බ්‍රයිට්නස් වැඩි කරලා බැලුවෙ කෝල් එක කට් කරලද කියලා.


මේ අගෝස්තුවෙ අග බාගෙ බ්‍රහස්පතින්දා දවසක්... මේ වෙද්දි ලැබිච්ච සතියක පාසල් නිවාඩුව ඉවර වෙන්න තිබ්බෙත් තව දවස් තුනයි. ඒලෙවෙල් කරන උන්ට නම් ඉතින් මොන නිවාඩුද උදේ පටන් ගන්න ක්ලාස් ඉවර වෙන්නෙ හවස. සෝනු ට ඊයෙයි පෙරෙයිදා යි දවස් දෙකේම පේපර් ක්ලාස් එක්ක කෙමෙස්ට්‍රි ක්ලාස් එක තිබ්බා. ඊයෙත් කොල්ලා පොඩි නයිටක් ගහලා අද අටට තිබ්බ එලාම් එකට දොලහත් පහුවෙලා නැගිටලා ලෑස්ති වෙලා එක වෙද්දි එලියට පැනගත්තා. මේඝනා යි ලෝයර් මහත්තයා යි ඊයෙ හවස ලෝයර් මහත්තයා වයි අයාන් ගෙ තාත්තා වයි පොඩි කාලෙදි බලාගත්තා කියන වයසක දෙන්නෙක්ගෙ ගම් ප්‍රදේශය වුනු ගාල්ලෙ යන්න ලෑස්ති වෙද්දි අයාන් ව තනියෙන් ඊයේ ඒ ගමනට පටලවලා සෝනු අද එන්නම් කියලා නැවතුනෙ හිතේ කාලෙක ඉදන් තිබ්බ අහිංසක ආසාවක් ඉෂ්ට සිද්ධ කරගැනීමේ අරමුණින්.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now