_23_

2.8K 378 62
                                    

සීතල වටපිටාවක්.. ගල් ගොඩකට වතුර වැටෙන සද්දයක් එක්ක මුහුවෙලා කවදාවත් දැනිලා නැති හරි ස්වාභාවික සුවදක්. එක පෙලට කෑගහන ලේන්නුන් ගෙ සද්දෙ ඒත් එක්කම මොකක්හරි බර දෙයක් එකම තාලෙකට තව හයිය දෙයකට වැදෙන සද්දයක්..

කොන්දෙ එක පැත්තක් වේදනා දෙද්දි සෝනු එක අතක් හාන්සි වෙලා ඉන්න මෙට්ටෙ උඩ එහා මෙහා යැව්වා. වෙනදට උදේ ඇහැ අරිද්දි වැටිලා ඉන්න එක පාරක් වැටුනම දෙපාරක් විතර බම්ප් වෙන මෙට්ටෙ වෙනුවට අද කොහු මෙට්ටයක් අතට අහුවෙද්දි සෝනු ඇස් දෙක පුංචි කරන් අනිත් අතින් නහයත් එක්කම ඇස් දෙක මිරිකගත්තා.

සුදු හුණු ගාපු බිත්ති හතරක් මැද්දට වෙන්න තිබ්බ දෙපැත්තෙන් පහලට තිර දෙකක් එල්ලුන දඩාර සයිස් ඇදක් උඩින් කකුල් දෙක බිමට දාපු කොල්ලා ගෙ ඇස් ඉස්සරහට ඇවිදන් ආවේ ඊයෙ රෑ මුලු පැය ගාන ඇතුලතම පන තියෙන මනුස්සයෙක් ට කියලා සෝනු දැක්ක එකම රූපෙ. තද නිල් පාට බතික් සරමක් ඇදගෙන දුම් දාන පාට මැකිලා තිබ්බ වීදුරු කෝප්පයක් අරන් ඇවිත් සෝනු ගෙ පැත්තට දිග් කරද්දි සෝනු ඒක ගන්න උනන්දු නොවීම ඇස් දෙක කාමරේ වටේට කැරකෙව්වා. ඇරලා තිබ්බ ජනෙල් කවුලු දෙක ගාවට වෙන්න තිබ්බ මේසයක් පුටුවක් ඇරුනම එක පැත්තක බිත්තියක් වැහෙන්න තරම් වුනු ලී අල්මාරියක් විතරක් පාලු මකපු පරණ වෙච්ච කාමරයක්.

" ගුඩ් මෝනින් පොඩි සර්. ඊයෙ එද්දි සර් ට නින්ද ගිහින් තිබ්බ නිසා මන් සර්ව ඇහැරවන්නෙ නැතුවම ඇදෙන් තිබ්බා "

" තාත්තා.."

සෝනු මිමිණුවෙ මේ ඇහුන පෙනුන විස්තර එක්ක ඊලගට ඔලුවට ආව එකම අකුරු තුන.

" ලොකු සර් ට දැන් කෝල් කරන්න පුලුවන් ෆෝන් එක දෙන්නද "

සෝනු ඒ ඕනවටත් වඩා උස මහත මනුස්සයා ලං කරපු වීදුරුව අතට අරගත්තෙ වීදුරුවෙ බාගයක්ම පිරිලා තිබ්බ පිටි තේක දැකලා මූන ඇබුල් කරගන්න ගමන්.
' පෙන නෑනෙ '

උඩට ෂර්ට් එකක් නැතුව එහාට මෙහාට දුවන මේ ඉබි මස් කාලා වගේ හයිය ඇගක් තිබ්බ මේ කනාව පලවෙනි වතාවට සෝනු දැක්කෙ ඊයෙ රෑ ගෙදර වුනු කලබලය වෙලාවෙදි. සාමාන්‍යයෙන් ලෝයර් මහත්තයා ගාව ඉන්න බොඩි ගාඩ්ස්ලා කවුද කියන්න සෝනු දන්නවා. ඒත් මේ කොන්ඩේ නෝට් කපලා පපුව පුරා ටැටූස් තුන හතරක්ම ගහලා උන්නු මැදි වයසෙ පිරිමියාව සෝනු මීට කලින් ඇහැටවත් දැකලා තිබ්බෙ නෑ.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now