_19_

576 106 84
                                    

" තමුසෙල ට හවස හය වෙද්දිම ටයිම් කරලා ගෙවල් වලට දුවන්න පුලුවන් උදේ ටිකක් කලින් එන්න කිව්ව දවසට ඇවිල්ලා මෙතන අන්ඩක් කැඩිච්ච බල්ලො ටිකක් වගේ නලියනවා "

" Instrument ටික රූම් එකෙන් දාලා පලයල්ලා.. හෙට එකෙක්වත් විනාඩියක් පරක්කු කරලා අහුවෙන්න එපා. මොකද තොපිලා ඔය කකුල් අබර අබර යන්නෙ කෙලින් පලයන් ලැජ්ජයි හුත්තො පිරිමි ටික වගේ කොදු කෙලින් කරගනින් "

පිටිපස්ස ගේට් එකෙන් ආව ලමයි පාසල් භූමියට අඩිය තිව්ව ගමන් ගැස්සිලා යන්නෙ සෝනු ගෙ බෙරිහන් දීමට. කැඩෙට් බෑන්ඩ් එකෙ උන් ටික නම් මීක් නෑ මේ වෙද්දි එක පෙලට ග්‍රවුන්ඩ් එක පාස් කරන් කැඩෙට් රූම් එක පැත්තට යන ගමන් හිටියෙ. කොට කලිසම් ඇදන් හිටිය පොඩි උන් වගයක් සෝනු පිටිපස්ස හැරුන ගමන් එතනින් වාෂ්ප වෙලා හත වසරේ ක්ලාස් ඇතුලට වැදුනෙ වම් කකුලෙ ලිහිලා තිබ්බ ලේස් එක බිම ඇදි ඇදිම කවීෂ ගෙ උරහිසට වැලමිට තියාගෙන සෝනු එහා පැත්තෙ මැත්ස් සෙක්ෂන් එකට ඇවිද්දා. කවීෂ තමයි මැත්ස්  එකෙ සෝනු ඇරුනම කැඩෙට් කරන එකම එකා. අටේදි පටන් ගත්ත කැඩෙට් කෙරිල්ල එක දිගට ඇදගෙන යද්දි ඒලෙවෙල් වල ආරම්භයේදි කොහොමත් හැම අවුරුද්දකම වගේ කැඩෙට් කරපු සෙට් එකක්ම හැලිලා ගියා.

" හෙටත් හයට..? "

" ඔව් අර පොඩි බේසිකයො ටික පුරුදු කරන්න ඕන. මන් හයට එන්නම් උබ ට්‍රේන් එකෙන් බැහැපු වෙලාවක වරෙන්. මතීෂ අයියත් ඉන්නවනෙ... ශේප් "

" මතීෂ අයියල ගෙත් රිසාල්ට් ඒවි ලගදි එතකොට ඌත් නෑනෙ. ටික ටික ඉස්කෝලෙ ඇතුළෙ හිටිය හොදම සෙට් එක නැතිවෙලා යන්නෙ "

" හ්ම්.. ඒක ඉතින් කොහොමත් එහමනේ ඕයි. ඒලෙවෙල් කරනකම් හිටියා ඊටපස්සේ කැම්පස් ගියා එතනින් එහාට ඉතින් ඕල්ඩ් බෝයිස් ලා තමයි "

සෝනු යුනිෆෝම් ටී ෂර්ට් එකෙ බොත්තම් දෙකක් ගලවගෙන ඇතුලට කටින් පිම්බෙ දාඩියෙන් තෙමිලා තිබ්බ ඇදුම ගසලා හදාගන්න ගමන්. උදේ ඉර එලිය ශරීරයට හිතකරයි පම්ක තමයි ඉතින්.. උදේ පාන්දරම ඇවිත් අව්වෙ වේලෙද්දි දැනෙන සනීපෙ යි ඊටත්පස්සෙ ක්ලාස් එකට ගිහින් එක දිගට දාඩිය පෙරන් වාඩිවෙලා ඉන්න එකෙ සනීපෙයි ගැන ඉතින් කතාකරලා වැඩක් නෑ.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now