" ප්ස්...ප්ස්...ස්..."
ආර්ට් සෙක්ෂන් එකෙ කෙලවරේම තියෙන දොලහ සී ක්ලාස් එකෙ කොනක ඉදලා එක ඩෙස්ක් එක ගානෙ ඈත් කරලා වාඩිවෙලා හිටිය කොල්ලො විසි පස් දෙනාම හිටි හැටියෙම ඇහුනු ඒ සූ සද්දෙට පේපර් එක ලියන එක පැත්තක දාලා පිටිපස්ස හැරෙද්දි ක්ලාස් එකෙ දොර ගාවම මුල්ලෙ පේපර් එකට මූන ඔබන් ආච්චි වැහිලා වගේ රසාස්වාදයක් ලියන ගමන් හිටිය කෙයාන් පිටිපස්ස හැරිලා බැලුවෙ ඒ සූ එකේ අයිතිකාර පාර්ශවය කටහඩින්ම අදුරගෙන.
" කීයටද ඉවර "
සෝනු අතේ තිබ්බ ලා රෝස පාට කවර දාපු රෙජිස්ටර් ටික එක අතකින් පපුවට තද කරගෙන ක්ලාස් එකෙ එනතැනම තිබ්බ පොඩි බැම්මෙන් ඔලුව විතරක් ඇතුලට දාලා එබීගෙන හිටියෙ
" තව විනාඩි විස්සයි "
" ඉවර වෙලා කැඩෙට් රූම් එක පැත්තට වරෙන් හොදේ.. "
ගුරු මේසෙ ගාව පුටුවට වෙලා කටත් ඇරන් නිදා වැටෙන විනයභාර දිහාවට කින්ඩි හිනාවක් දාලා කොල්ලගෙ අර නසරාණි මූඩ් එකත් ඔන් කරගෙන සෝනු ගුරුමේසෙ අවුස්සලා දාලා හොයාගත්ත රෙජිස්ටර් එකත් අරන් අඩියට දෙකට ආයිත් එලියට දිව්වා.
මැත්ස් බයො දෙකට අද ටර්ම් ටෙස්ට් එකෙ අන්තිම කෙමෙස්ට්‍රි පේපර් එක ඉවර වෙලා දැන් විනාඩි දහයක් විතර ඇති ක්ලාස් එකෙ මොනිටර් වුනු සෝනු පේපර්ස් ටික බාර දීලා ස්ටාෆ් රූම් එකෙන් එලියට එද්දිම කොල්ලගෙ ඇගට වැටුනු බාල්දිය තමයි මේ ආර්ට් එකෙයි මැත්ස් එකෙයි ක්ලාස් ඔක්කොගෙම රෙජිස්ටර් ටික අරන් එන එක. සාමාන්‍යයෙන් ඔය ස්ටාෆ් රුම් අස්සට ආසාවට අඩියක් තිබ්බත් ඇති මොකක්මහරි දඩසාර බාල්දියක් වැටෙනවා ඕවා ඉතින් අර ආයුෂ් ගෙ පාසල් ප්‍රේමයක් වෙච්ච ඉන්ග්ලිෂ් උගන්න ආව ටීචර් ට පින්සිද්ධ වෙන්න සෝනු ට ලැබුනු මොනිටර් බැජ් එක නිසා එදා ඉදන් පැටලුනු ණය ගනුදෙනු තමයි.
සෝනු පපුව ගාවටම ගොඩගහගත්ත රෙජිස්ටර් ටික ගෙනිහින් ස්ටාෆ් රූම් එකෙ මේසයක් උඩින් සද්ද නැතුවම තියලා හැරුනෙ පුලුවන් තරම් ඉක්මනට අනිත් කොල්ලො ටික ඉන්න කැඩෙට් රූම් එක අස්සට පැනගන්න තිබ්බ උවමනාවට.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka