_37_

4.4K 503 555
                                    

ඒකත් සාමාන්‍ය දවසක්.. හවස තුන පහු වෙද්දි ආයුෂ් ගෙ තනි කලු දඩුමොණරෙ දුබුරු පාට උස තාප්පයකින් වටකරලා තිබ්බ නවීන පන්නයේ දෙමහල් ගෙදරක මිදුලක් ඇතුලට දැම්මෙ එලියෙ ගේට් එක ගාව හිටිය සිකියුරිටි එකෙන් අවසර ලැබුනට පස්සෙ.

එක එක ජාතියෙන් මල් පැල මිදුලෙ පිරිලා ගිහිල්ලා. ඒ මිදුල ආයුෂ් ට පෙනුණෙ චූටීක්කි බලන සුරංගනා කතා වල කුමාරිකාවො ඉන්න මාලිගාවන් වල තියෙන මිදුලක් වගේ. ඒ තරම් ලස්සනයි.. හරිම පාට පාට යි. මිදුලෙ ගෙදරට යන තැනම හදල තිබ්බ තැබිලි කලු පාට මාලු පැටව් පිරිච්ච පොන්ඩ් එක හිටිය ගමන් ඒ හරියෙන් දුවන් යන ලා දුඹුරු පාට ලෝම පිරිච්ච පූස් තඩියෙක්. තනිකරම දැක්කම ඔලුව නිදහස් කරන ස්වාභාවික ලස්සනක් පිරිච්ච තැනක්. පූජා ගෙ ඉන්ඩෝර් ගාඩ්න් එක මීට වඩා කොච්චර ලස්සන රූපයක් ගත්තත් ආයුෂ් ට හැමදාමත් වගේ එතන පෙනුණෙ හරි කෘතීම බවක් මික්ස් වෙච්ච හුදෙකලාවක්.

මිදුල හරි මැදින් වවලා තිබ්බ තණ තීරුවට එහයින් ආයුෂ් බයික් එක නතර කරලා බැස්සෙ වෙනදට මිදුලෙ ඇතුළෙ කෙලවරක නතර කරලා තියෙන වාහන තුනෙන් අද නිල් පාට civic එකයි කලු BMW එකයි විතරක් තියෙනවා පෙනෙද්දි. වහලා තිබ්බ දොරෙන් එලියෙදි දාගෙන හිටිය සපත්තු දෙකයි මේස් නුයි ගලවලා තියලා ආයුෂ් දොර ඇරගෙන ගෙදර ඇතුලට ගියා.
ඇතුලෙ සාලේ මෙලො සද්දයක් නෑ..
පහල තට්ටුවෙ සාලෙ පහුකරලා ගිහින් උඩට යන්න තිබ්බ පඩිපෙල නැගලා ආයුෂ් පුරුදුකාරයෙක් වගේ ආවේ උඩ තට්ටුවෙ තිබ්බ සාලෙට. උඩ සාලෙ තිබ්බෙ කාමර දෙකයි එකක නම් අයිතිකාරයා මේ වෙලාවෙ ඕක ඇතුළෙ ඉන්නවා කියන්න ආයුෂ් දන්නවා. පොඩි පහේ සාලයක් එක්ක බිත්තියෙන් බාගයක්ම අයිතිය ගත්ත ලොකු ටීවී එකක් සෝපා එකක් මිනි ෆ්‍රිජ් එකක් එක්ක බැල්කනියක් විතරයි උඩ තිබ්බෙ. කොහොමත් උඩ තට්ටුව නාමිකව නැතත් ගෙදර ඉන්න එකම යකාට වෙන් කරපු බිම් බාගයක් වෙලා ඉවරයි. ලෝයර් මහත්තයා වුනත් මේඝනා වුනත් ඕනවට වඩා උඩට යන්නෙ නෑ. පලවෙනි වතාවට සෝනු ට අම්මා තාත්තගෙ කාමරෙන් වෙන්වෙලා තනියෙන් කාමරයක ඉන්න ඕන වුනු දවසෙ ඉදන් ගෙදර උඩ තට්ටුව ඉබේම කොල්ලගෙ යටතට ගියා.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now