_03_

673 102 74
                                    

පහල මාලයේ තියෙන බිත්ති ඔරලෝසුවෙ වෙලාව දහය සටහන් වෙලා තියෙද්දි සෝනු ලී වලින් කැටයම් කරලා තිබ්බ අත් වැට අල්ලගෙනම තාමත් නිදිමත බේරෙන ඇස් දෙක පුංචි කරගෙන පහලට බැහැන් ආවේ දැන් ටිකකට කලින් පහලින් ඇහුනු අන්තිම වෝනින් එකට.

" අද උදේ ම නැගිටලා ඉස්කෝලෙත් නොයා අර ග්රූප් ක්ලාස් එකට යනවා කියලා නේද ඊයෙ නවය වෙද්දිම ඇදට වැටිලා නිදාගත්තෙ දැන් ඔය උදේ ම නැගිට්ට හැටි ද.. රෑ ඉදන් කාමරේ දොරත් ලොක් කරගෙන... තාත්තත් හොදයි පුතාටම දෙකක් කියන්නෙ නැතුව කරන කරන හැම වැඩේටම උල්පන්දම් දෙන්නෙ "

" අනේ අම්මේ.. පිටි එක "

" පිටි එක විතරයි උබටත් වෙලාවට තියෙන්න ඕන අනිත් වැඩ වල කිසිම වගකීමක් නෑ. උදේ පිසික්ස් ක්ලාස් එකෙ සර් කෝල් කරත් එක්ක අන්තිමට මම ඒ මනුස්සයට බොරු කියන්න ඕන. "

බැන බැනම බලන ගමන් හිටිය පොතත් සෝෆා එක උඩ දාලා කුස්සිය පැත්තට ඇවිදන් යන අම්මගෙ පිටිපස්සෙන් සෝනුත් නිශ්ශබ්දවම අඩි තිව්වෙ ඔය කියන ඒවට කටගහන් ගියොත් ගිය මාසෙ දවල් වෙනකම් නින්ද ගියපු ඒවටත් එක්ක අද අහගන්න වෙන නිසා. හීටර් එක ඔන් කරලා සෝනු ට වෙන්කරලා තිබ්බ පොඩි කාලෙ ඉදන් තිබ්බ බැට්මෑන් කෙනෙක් පේන්ට් කරලා තිබ්බ මග් එකට පිටි සීනි දාන ගමන් ඉන්න අම්මගෙ පිටිපස්සෙන් අත් දාලා සෝනු තුරුල් වුනෙ ආයිත් ඇස් පියාගන්න ගමන්.

" කොල්ලො ඇග රස්නෙයි නෙ මොකො මේ "

ඔහොම තමයි සාම්ප්‍රදායික අම්මගෙ චරිතය අරන් උදේ පාන්දරම පොඩ්ඩක් කෑගහලා හිටිය ට පවුලෙ එකම ලමයා වුනු සෝනු ට අම්මගෙන් වගේ ම තාත්තගෙන් ආදරේ හිඩැසක් නැතිවෙන්නම ලැබෙනවා. තාත්තා ලෝයර් කෙනෙක් වෙද්දි උදේම සෝනු එක්කම ගෙදරින් එලියට බහින තාත්තගෙ වැඩ ටිකත් කරලා සෝනු ගෙ වැඩ ටිකත් කරලා ඉවර වෙලා කොහොමහරි සෝනු ආයිත් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකම්ම අම්මා ගෙදර වැඩ. එක්කො ගෙදර එලියෙ මල් වවයි නැත්නම් ගෙදර ඇතුලෙ අස් කරනවා. එකා යකා කොල්ලෙක් හිටිය නිසා ඉතින් අස් කරන්න තියෙන දේවල් වල කොහොමත් අඩුවක් නෑ.

" නිදාගෙන හිටිය නිසා වෙන්න ඇති. තාත්තා ගියා ද "

" දැන් ටිකකට කලින් ගියෙ. අද කලින් එනවා කිව්වා "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now