_46_

5.9K 516 804
                                    

පාසල් මෑණියන් ට අනූ හයක්... අද උදේ පාන්දරම කොල්ලොන්ගෙ ෆෝන් වල ස්ටේටස් පිරුනෙ ඉස්කෝලෙ ගැන වෙනදට නැති දාරක මාතෘ ප්‍රේමයක් දෝත බදාගෙන වෙද්දි හා හා පුරා කියලා අවුරුදු දෙකකින් තියන්න බැරි වෙච්ච ඉස්කෝලෙ පිරිත යෙදිලා තිබ්බෙ අද රෑට. හරියටම කිව්වොත් තව පැය එක හමාරකින්..
ප්‍රිෆෙක්ට්ස්ලා නම් අරහෙට දුවනවා මෙහාට දුවනවා උන්ව ආයිත් ඉතින් අද දවස ඉවර වෙනකම් තත්පරයකටවත් අල්ලගන්නවා නම් බොරු.

ඉස්කෝලෙ වටේටම ඔතලා තිබ්බ බල්බ් වැල් හැම පැත්තෙන්ම එන හදුන්කූරු මල් සුවද වල් වලින් මුලු වටපිටාවම මේ වෙනකොටත් පිරිලා ගිහිල්ලා තිබ්බා. එහාට මෙහාට දුවන සුදු ඇදගත්ත ලමයි ටීචර්ස් ලා ගෙන් මේන් හෝල් එක ගාව පිරිලා යද්දි
මේන් හෝල් එක ඇතුලෙ හදලු පිරිත් මණ්ඩපය ඒ වටට එලපු පැදුරු.. මණ්ඩපය වටේට එකතු කරලා තියෙන නෙලුම් මල් පොකුරු.. මුලු ඉස්කෝලෙම මේ වෙද්දි පිරිසිදුව ට පිලිවෙලට හදලා දැනටමත් ඉවරයි.
ගේට් එකෙන් ඇතුලට එන කොටම පේන බෝධිය සුදු පාට බල්බ් වැල් වලින් හිඩැසක් නැති වෙන්නම අද ආලෝකමත් වෙලා. ඒ වටට තියෙන අට විසි බුද්ධ ප්‍රතිමා ඉස්සරහින් මල් දැහැත් ගිලන්පස හැම ජාතියෙන්ම හදලා තිබ්බා.

හය හත අට පොඩි පන්ති වල කොල්ලො නැතත් ඕලෙවෙල් ඒලෙවෙල් සෙක්ෂන් දෙකෙන් බහුතරයක් අද පිරිතට ඇවිත් තියෙද්දි ඕබී එකෙන් සංවිධානය කරන බෙලිමල් දන්සලක් ඉස්කෝලෙන් එලියෙ මේන් ගේට් එක ගාවටම වෙන්න දැනටමත් පටන් අරන් තිබ්බෙ දිමිත්‍ර ලයි තාත්තගෙ පැමිණීමත් එක්ක.
හැබැයි තාත්තා ආවා විතරයි මෙච්චර වෙලා ඕබී එකෙ සෙට් එකක් කයියක් ගහන් හිටිය ඒ පුතන්ඩියා නම් ඒ සැනින් ඉස්කෝලෙ ඉස්සරහ හරියෙන් වාෂ්ප වෙලා තිබ්බා.

" ඒ මල්ලි උබ මොන පන්තියෙ ද..? "

සෝනු හිටියෙ ස්කූල් යුනිෆෝම් එක ඇදන් ඇවිත් හිටිය බහුතරය ඇතුළෙ. කොහොමත් කොල්ලා කැඩෙට් කරන නිසා ඉස්කෝලෙ ඔය වගේ දේවල් වලදි නිකන් ෂර්ට් එකකට බැහැලා එන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ.
අත් දෙකේම තිබ්බ මල් වට්ටි දෙක තව කොල්ලෙක්ට දෙන ගමන් සෝනු කතාකරේ ඒ හරියෙන්ම බෙලිමල් එක්ක දුන්න හකුරු කෑල්ලක් දත් වලින් කඩන ගමන් හිටිය පොඩි ඇච්චෙක්ට.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now