ලස්සන වසිලිස්සා.. රෝස පාට ලැවැන්ඩර්..
සරසවියෙ පොත් රාක්ක දෙකක් මැද්දෙ සෝනු හිටගෙන හිටියෙ රෝස පාට කවරයක් තිබ්බ පොතක අන්තිම පිටුව කියවන ගමන්. කොල්ලා මේ බුක් ෂොප් එකකට ගිහින් පොතක් අතට ගත්ත පලවෙනි වතාව. මොන වගේ පොතක් ගන්නවද කියන්නවත් සෝනු ට ලොකු අදහසක් තිබ්බෙ නෑ. නවකතා පරිවර්තන චරිතාපදාන කියලා වෙන් වෙන් ව තිබ්බ පොත් රාක්ක අස්සෙ දැන් විනාඩි විස්සක විතර ඉදන් එහෙට මෙහෙට වෙවී ඉදලා සෝනු අන්තිමට පොත් දෙකක් තෝරලා අතට ගත්තා.
රෝස පාට ලැවැන්ඩර්.. ඒකෙ පිටු තිබ්බෙ පොඩි ගානයි.
අනිත් එක ලස්සන වසිලිස්සා.." ඔය දෙකද..? "
" නෑ.. මේකත් ගන්නද "
නවකතා තියෙන පැත්තෙන් අයින් වෙලා පරිවර්තන තියෙන පොත් රාක්කෙ ලගට ගිහින් යටම තිබ්බ පොත් සෙට් එකකින් ගත්ත කහදුබුරු පාට මික්ස් වෙච්ච කොල තියෙන පොතක් පෙරලන ගමන් ලොකු උනන්දුවකින් බලන කොල්ලා ඉන්න තැනට ආව ආයුෂ් එතනම එහාපැත්තෙ රැක් එකකට හේත්තු වුනෙ ඒ අතක තිබ්බ පොත් ටික එකට කරලා පිටිපස්සෙන් රැක් එකට තදකරගන්න ගමන්.
මොන්ත ක්‍රිස්තො සිටුවරයා...
සෝනු දිලිසෙන ඇස් වලින් පොත ආයුෂ් ට දිග් කරලා අහද්දි ආයුෂ් ගෙ මුව කෙලවරකින් හිනාවක් මැවුනෙ ඒ දිග් කරපු පරිවර්තනෙ දැකලා නෙවෙයි අනිත් අතේ තිබ්බ ලස්සන වසිලිස්සා පොත දැකලා." ඕකෙ පොත් හයක් තියෙනවා ඔය අරන් තියෙන්නෙ දෙවෙනි කොටස"
" පලවෙනි එක මෙතන නෑනෙ "
සෝනු ආයිත් පොත් රැක් එක අස්සටම මූන දාගෙන එකෙන් එක ඒ මොන්ත ක්‍රිස්තො පොත් සෙට් එකෙ දාරේ ගහලා තියෙන ඉලක්කම් දිගේ ඇගිලි ගෙනිච්චා.
" නෑනෙ අප්පා "
සෝනු ආයිත් කෙලින් වෙද්දි ආයුෂ් එතන පහුකරන් ගිහින් බුක් ෂොප් එක ඇතුලෙ නිල් පාට සාරියක් ඇදන් හිටිය ගැහැනු කෙනෙක්ට මොනවදො කියද්දි ඒ කෙනා හැරිලා ගිහින් වෙන රැක් එකක් අස්සෙන් හොයලා ගත්ත පොතක් ආයුෂ් ගෙ අතට දුන්නා.
" පොතක් හොයාගන්න නැත්නම් ඇතුළෙ වැඩ කරන කෙනෙක් ගෙන් අහන්න ඕන. උබ ඕක කියවනවානම් මුලින්ම මේක කියවපන් ඊටපස්සේ දිගටම කියවන්න හිතුනොත් ඉතුරු කොටස් පහ ගමු නැත්නම් අපරාදෙ උබ ඕවා අරගෙන ගිහින් අල්ලලා බලන එකක්වත් නෑ "
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka