ජීවිතේ එකම රටාවකට ඕනවටත් වඩා හුරුවෙලා එතනින් එහා ලෝකයක් නොදැක්ක මනුස්සයෙක්ට එකසැරේ ම තමන් වටේ සිද්ධවෙන දේවල් වෙනස් වුනාම දරාගන්න අමාරුයි.
ඒ ඇස් අද වචන වලින් කියන්න බැරි තරමට හිස් වෙලා ගිහින්. වෙනදට මුවින් නැතත් දගකාරකම් බේරෙන ඒ ඇහි බෝල.. උඩට පහලට හරි හරියට දුවන විසේකාර ඇහි බැමි අද එකම එක තැනක නැවතිලා.. ඒකත් කොහේදො දුර ඈත ලෝකෙක.ඇග පතේ වේදනාව අංශුවක් තරමටවත් නැතත් හිතේ වේදනාවට උණ අරගෙන දැන් දවස් දෙකක් වෙනවා. තාමත් කිසි අඩුවක් නෑ.. දවසට දෙතුන් පාරක් ලිපේ රත් වෙන කොත්ත මල්ලි ටික හැම රෑකම දෙහි කොල දාලා රත් කරන වතුර කේතලය හැරන් ගෙ අතින් මේ වෙද්දි වැරදෙන්නෙ නැතුව වෙන සාත්තු සප්පායම් ටිකක් වෙලා ඉවරයි. එක බත් ඇටයක් ගිලගන්න බැරුව කදුලු වත්කරද්දි ඒ මැදිවයසෙ මිනිහගෙ පපුවත් මේ කොල්ලා ඉස්සරහ පිච්චිලා යන්න පටන් ගෙන තිබ්බෙ. දැන් මාස ගානකට කලින් බාරදුන්නු ජොබ් එකේදි තමන්ට හැමතිස්සෙම එහාට මෙහාට දුව දුව බලන්න වුන පුංචි පහේ දගකාරයා ගැන තාත්තෙක් ළමයෙක් ට කරන ආදරයක් ඇතිවුනෙ කොයි කවදද කියන්න හැරන් වත් දන්නෙ නැතුව ඇති. එක අතකින් කාටද ඒ දගකාරකම් දැක්කම ආදරේ නොහිතෙන්නෙ මේඝනා ගෙ පුංචි දගකාරයා... මේඝනා ගෙ ආදරණීය බව අඩුවක් නැතුව පුරවගත්ත විජෙත් අන්ද්‍රෙව් ගෙ දඩබ්බර කම ඕනවටත් වඩා පිහිටලා තිබ්බ මේ කොල්ලා දැනගෙන හිටියෙ නෑ ඒ මනුස්ස ප්‍රාණින් දෙන්නා නැති දවස් ගතකරන්නෙ කොහොමද කියන්න. ඉතින් මේ හිතේ වේදනාව ට උණ ගත්ත එකට කොහෙන් බෙහෙත් හොයන්නද කියන්න හැරන් ට තේරුනෙත් නෑ.
" ඔයා අඩන්නෙ ඇයි "
චූටි අත් දෙකකින් සෝනු ගෙ කම්මුල් දෙපැත්ත තද වෙද්දි කාමරේ ඇදට කෙලින්ම උඩ තියෙන සිවිලිම දිහා බලන් කදුලු බේර බේරම බාගෙට නිදා වැටෙන ගමන් හිටිය සෝනු ඇස් ඇරියා. මේ දවස් දෙකේම උණ හැදිලා ඇදට වැටෙද්දි සෝනු ගවින්ම හිටියෙ මේ පුංචි කෙල්ල එදා අතින් අල්ලන් කැෆේ එකට එක්කන් ගියපු කෙල්ල. ප්‍රින්සිපල් සර් ගෙ මිණිබිරිය ලු.. සෝනු මේ පොඩි කෙල්ල ගැන දන්නෙ එච්චරයි. උණ හැදිලා කන්න බොන්න බැරුව ඉද්දි මොකක්දො නමක් දන්නෙ නැති කහ පාට රසම රස අමුතු විදියෙ හොදි එකක් එක්ක ගෙනල්ලා පිට්ටු වගේ තද පාට ට මොනවගෙ ගුලි වගයක් මේ ගමේ ප්‍රින්සිපල් සර් කියන මනුස්සයා කැව්වා වගේ සෝනු ට මතකයි. කවුද කියලා බලන්නවත් ඇස් ඇරගන්න පුලුවන් කමක් තිබ්බෙ නැති වෙද්දි සෝනු අමාරුවෙන් ඇරගන්න ඇස් වලිනුත් උපරිම උත්සහ කරලා පේන වටපිටාව පුරා ඇස් යවලා බැලුවෙ අම්මා හරි තාත්තා හරි පේන්න ඉන්නවද කියලා ඒත් නැති වෙද්දි කොල්ලා තව ටිකක් වැටුන එක විතරයි වුනෙ. හේතුවක් නොකියම ලෝයර් මහත්තයා ට අරන් දෙන්න කියන කෝල් එක හැරන් මගහරිද්දි මෙච්චරක් කියන්න බැරි අසරණ කමක් සෝනු ට දැනුනා. හොටෙල් එකෙ පැත්තක් සම්පූර්ණයෙන්ම ගිනි අරන් කිව්වා මිසක් එතනින් එහාට කිසිම විස්තරයක් හැරන් ගෙ කටින් අහගන්න බැරි වෙද්දි අඩ අඩම නිදාගත්ත කොල්ලා ඊට පහුවෙනිදා හිටියෙ ඇස් ඇරගන්න බැරි තරමට උණ අරගෙන.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka