හුලං එක්ක හාද වුනු වලාකුලු නිසා හිස් වෙච්ච තනි නිල් අහසක්..
පාට පෙට්ටියක පාට තවරගන්න අමතක කරපු වලාවැල් රොත්තක්..
ඒ අස්සෙන්...
කලු පාට රිබන් දාරෙකට ඇතිල්ලිලා පේන නොපෙනෙන ගානට රෝස පාටක් ගත්ත ඒ ඇගිලි තුඩු.. දත් අතරට තදකරන් ඉන්න ඒ යටිතොල් පට..
' මහා විසාල වැඩක් ' එක්ක කාර්යබහුල වෙලා ඉන්න සෝනු දිහා ආයුෂ් බලන් හිටියෙ මහ දවාලෙත් ගිනිගන්න තරු කැට ලොට් එකක්ම ඇස් අස්සෙ පුරවාගෙන." ඕක පස්සෙ කරන්න කො "
" තව ටිකයි මන් අලවන් ආව කෑල්ලක් ගැලවිලා නෙ අප්පා "
" මන් ගිහින් අලවගන්නම් ඕක පැත්තකින් තියපන් දැන් ඇති "
" ම්ම් රිබන් එක දාලා තියන්නම් "
" ඒකත් මන් දාගන්නම් "
සෝනු පැසෙන්ජර් සීට් එකෙ ඉදන් කර කර හිටිය බාරදූර කාරිය නවත්තලා දාලා බෙල්ල උස්සලා නෝක්කාඩු බැල්මක් ආයුෂ් ට දුන්නෙ ඒ හා සමාන බැල්මක් ආයුෂ් ගෙනුත් සෝනු ට ලැබෙද්දි
" මන් එක්ක ඉද්දි මට වෙලාව දීපන් ආධීර්..වෙන රෙද්දවල් බදාගෙන ඉන්නෙ නැතුව "
" වෙන රෙද්දවල් මොකක්ද ඕයි. දැන් උබට මේකක් එපාද "
" එපා "
ආයුෂ් ඒ කිව්ව පමාවට සෝනු ගෙ මූන කලු වෙලා ගියේ ඒ එක්කම පැසෙන්ජර් සීට් එක පැත්තෙන් ඇරුනු ෂටර් එකෙන් සෝනු අතක් එලියට දාන්න හදද්දිම ආයුෂ් ෂටර් එක වහලා දැම්මා.
" උබ කාර් එකෙන් පැන්නත් කමක් නෑ මට දෙන්න හදාපුවා විසිකරලා අහුවෙන්න එපා උබ "
දෙන්නම හිටියෙ උදේ දහය හමාරෙ ඉදන් දෙක වෙනකම් තිබ්බ හෝල් ක්ලාස් එක ඉවර කරලා එන මග. දැන් ටික දවසක ඉදන් පුරුදු විදියටම අදත් සෝනු ගෙ නිල් පාට කුරුල්ලා ආයුෂ් ගෙ අතට යද්දි සෝනු පැසැන්ජර් සීට් එකට වැටුනා. කොහොමත් මේ වෙලාව කියන්නෙ පාරවල් වල ටැෆ්‍රික් වැඩිම වෙලාවක් ඒ අස්සෙ තව ක්ලාස් වල ළමයිනුත් එලියට බැස්සම ලොකු වාහන වලට යන්න වෙන්නෙ කොට කොට තමයි. ආයුෂ් සාමාන්‍යයෙන් වාහන අතරින් දාලා කොහොමහරි ඇදලා කියලා යන්න දන්න නිසාම සෝනු ගානක් නැතුව කාර් කී එක ආයුෂ් ට බාරදුන්නා.
දැන් ඔය අදාල පාර්ශවය මල පැනලා ඉන්නෙ ට්‍රැෆික් එක මැද්දෙම සෝනු බුක් ෂොප් එකක් ලග කාර් එක නවත්තන්න කියලා බැහැලා ගිහින් අරන් ආව තනි කලු පාට රිබන් පටියත් එක්ක දැන් විනාඩි ගානක් පුරාවටම තමන් කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලා මෙලොව ගානක් නැතුව සෑහෙන්න කාර්යබහුල වුනු එකට.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka