උලු සෙවිලි කරලා තිබ්බ වහලෙ තැනින් තැන තිබ්බ හිඩැස් වලින් පෙරිලා කාමරේ ඇතුලට ගලන් ආව ඉර එලියෙ රස්නෙට සෝනු ඇස් දෙක ඇරියෙ නිකන් ගල් දෙබොක්කක හිරවෙලා වගේ දැනුන ෆීලින්ග් එකක් එක්ක. අතක් කකුලක් උස්සගන්නවත් බෙල්ල හරවන්නවත් බෑ දකුනු පැත්තෙන් දිමිත්‍ර ගෙ හයිය කකුලක් ඇවිත් බඩ මැදින් වැටිලා තියෙද්දි අනිත් පැත්තෙන් ආයුෂ් ගෙ අතක් සෝනු ගෙ බෙල්ල උඩින් වැටිලා. යන්තම් ඇස් දෙක ඇරගත්ත සෝනු හිටියෙ පර්වත දෙකකට මැදි වෙලා තැලිච්ච කටුස්සෙක් වගේ.
සෝනු ගෙ වගේ නෙවෙයි උන් දෙන්නට තියෙන්නෙත් ස්පෝර්ට්ස් කරපු පැය ගනන් ජිම් අස්සෙ රිංගලා හදාගත්ත මස් දාපු ඇගවල්..ඉතින් කොල්ලට උදේ පාන්දරම ඇග දාලා ගිහින් වගේ වේදනාවක් දැනෙන එක සාධාරණයි. තව ටිකක් වෙලා මෙහෙම හිටියොත් එහෙම ආයුෂ් ගෙ අතට යටවෙලා කොල්ලගෙ බෙල්ල මිරිකිලා යනවා ශුවර්.
යන්තම් ආයුෂ් ගෙ අත මුලු හයියම දාලා සෝනු අත් දෙකෙන්ම අරන් පැත්තකට කරලා බඩ උඩ තියෙන දිමිත්‍ර ගෙ කකුලත් පැත්තකට රෝල් කරලා දාලා සෝනු බඩයි බෙල්ලයි අතගාගෙනම නැගිට්ටා. දිමිත්‍ර හිටියෙ ඔලුව දක්ෂිත් නිදාගෙන හිටිය ඇද යටට දාගෙන. සෝනු නැවිලා ආයිත් කොල්ලගෙ ඔලුව බෙඩ්ෂීට් එක උඩින් තියලා විසිවෙලා තිබ්බ බෙඩ්ෂීට් ටික අරගෙන කොල්ලො දෙන්නටම පෙරෙව්වෙ උදේ වුනාට හිරිගඩු පිපෙන සීතලක් තිබ්බ නිසා. ඇදේ හිටිය එකත් හීතලටම ද කොහෙද අත් දෙක කකුල් දෙක අස්සෙ ගහගෙන ගුලිවෙලා ඉද්දි තව බෙඩ්ෂීට් එකක් අරන් දක්ෂිත් වත් වහලා සෝනු කාමරෙන් එලියට බැස්සා.
දෙන්නා අතරේ මොන වගේ ප්‍රශ්නයක් තිබ්බත් සෝනු ගෙ හිතේ කොනක දක්ෂිත් කියන්නෙ තාමත් අවුරුදු දෙකකට කලින් තමන් ගාව සහෝදරයා වගේ හිටිය යාලුවා කියන එක පිළිගත්තා.කාමරෙන් එලියට බැහැලා ඊයෙ රෑ කලුවරේ හරියටම දැක්කෙ නැති ගෙදර සාලෙ දිහා බලන් ඇස් කැරකැව්ව සෝනු මේසයක් උඩ පිච්ච මල් මාලයක් දාලා තිබ්බ ෆොටෝ එක දිහාවට ඇවිදන් ගියා. පිං පාට රූපයක් එයාට තිබ්බෙ. හිනාවෙලා ඉද්දි නම් ඇරපු අතක් නෑ අයියා මල්ලි ඩබල වගේමයි. අතකින් ඒ රූපෙ දෙපාරක් පිරිමැදලා සාලෙ පිටිපස්සෙන් ඇහුනු සද්දයක් නිසා සෝනු ඒ පැත්තට ඇවිදන් ගියා.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka