_02_

816 102 55
                                    

" මොකද උබ ඔහොම බලන්නෙ "

" උබ ඒ පාර ඩාන්සින් උගන්නන මිස් එක්කත් මුඛ සංසර්ගයක් කරා ද "

" පිස්සුද යකෝ.."

කෑගැහුවා නෙවෙයි ආයුෂ් ට කෑගැස්සුනා. සෝනු ඇස් දෙක හීනි කරලා ආයුෂ් ගෙ ඇස් දිහා කෙලින් බලද්දි පාස්ට් පේපර්ස් වගයක් කරන ගමන් හිටිය දිමිත්‍ර ත් ඔලුව උස්සලා ඒ දිහා බලන් ඇස් රෝල් කරගත්තා. සෝනු ඒක කිව්වෙත් කොහොමත් උන් ඩබලට විතරක් ඇහෙන හඩ පරාසයකින් නෙවෙයි. වැඩි අවුලක් නෑ වටේ පිටේ දෙතුන් දෙනෙක් හැරුනා විතරයි එක අතකින් ආයුෂ් ගෙ ඔය ඉස්කෝලෙ ඇතුලු වුනු පටලැවිලි හැම සෙක්ෂන් එකකම ප්‍රසිද්ධ මාතෘකා වෙච්ච එක වෙනම කතාවක්.

" එහෙනම් මොකද කියපන් කො මගෙන් අච්චර උබ ගැන විස්තර අහන්නෙ. වචන දහයක් කතාකරොත් නවයක්ම උබ ගැන "

" මම දන්න ලබ්බක් නෑ ඕයි. උබ මොකටද ඩාන්සින් රූම් එකක් අස්සෙ රිංගන්න ගියෙ "

මේ යන්නෙ අගහරුවාදා ඉස්කෝලෙ ලාස්ට් පීරියඩ් දෙක. ජෙනරල් ඉන්ග්ලිශ් කියලා ඩබල් පීරියඩ් දාලා තිබ්බට ඕක ඉතින් නමට සබ්ජෙක්ට් එකක් විතරයි. මැත්ස් එක අස්සට කොමස් උනුත් පැනලා තැන් තැන් වල පොඩි පහේ බජව් දානවා. නෑ ඉතින් පොඩි පහේ කිව්වට දැනටමත් සෙක්ෂන් එකෙ පැත්තක්ම මැනිං මාර්කට් එක වගේ වෙලා තිබ්බෙ. ලාස්ට් පීරියඩ් දෙකට ගුරු රැස්වීමක් වැටුනු නිසා හෙඩාලා ඩිපියුටිලා ඔක්කොටම පහල පන්ති වල ඩියුටි වැටෙද්දි ජීසී වුනු රවිදු ත් දැන් ටිකකට කලින් එහා ක්ලාස් එක අස්සෙ ඉදන් ඩෙස්ක් එකක් බදන් උගුර කඩාගෙන සින්දු කියන ගමන් හිටිය සෝනු වත් ඇදගෙන පහලට එක්කන් ගිය ගමන තමයි කොල්ලා අන්තිමට ඩාන්සින් රූම් එක පැත්තෙ කරක් ගැහුවෙ. රවිදු ඇරුනම අනිත් ඩබල ඉතින් ක්ලාස් එකෙන් එලි බහින එකක් ද මල්වර වෙච්ච ගෑනු දෙන්නා වගේ ක්ලාස් එක අස්සෙ එකෙක් පාස්ට් පේපර්ස් පොතක් බදන් ඉද්දි අනිත් එකා උදේ ආව වෙලාවෙ ඉදන් බුදි.
උදේ පාන්දරම ඇදගෙන වැටුනු වැස්ස හින්දද මන්දා අද ලමයි ඇවිල්ලා හිටියෙ සෑහෙනගානක් අඩුවෙන්. ඩාන්සින් රූම් එක පැත්තෙ රවුමක් දාලා කඩන් ආව වෙරලු ගැට ටික අනිත් දෙන්නා ඉන්න ඩෙස්ක් පේලිය උඩින් තියන ගමන් සෝනු කටේ තියෙන වෙරලු ඇටේ සුප්පූ කරලා බිල්ඩ්ම් එකෙ ජනෙල් උඩින් පහලට විසිකරලා දැම්මා. උදේ ඉදන් එක තත්පරයකටවත් නවතින්නෙ නැතුව කඩන් වැටුනු වැහි පොද වලට පිංසිද්ධ වෙන්න ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එක වටේ තැන් තැන් වල මඩ වතුර පිරිලා. අද උදේ ඉස්කෝලෙ ඇතුලට අඩිය තිව්ව වෙලාවෙ ඉදන් කොල්ලා නම් හෙනටම පරිස්සම් වුනා යුනිෆෝම් එකෙ මඩ පාරක් නොවැදි ඉන්න. ඊයෙ වුනු වලියෙ ප්‍රතිඵලයක් විදියට ඊයෙ ඇදන් ආව යුනිෆෝම් එක මහ රෑ තනියෙන් හෝදාගන්න වෙද්දි අද එකෙත් නිකමට හරි මඩ පාරක් වැදුනොත් අම්මාගෙන් ලැබෙන්නෙ ඔයිට හපන් රිප්ලයි එකක් කියලා කොල්ලා දන්නවා.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now