_43_

5.9K 518 897
                                    

වැනිලා පාට අහස් ලාව පාට වලාකුලු ඕවයි යට ගෙවුණු තරගකාරී ජීවන රටාවලින් ටිකකට මිදිලා පාට පාට නියෝන් එලි කැරකෙන රහස් කයි කතන්දර ඇහෙන අහු මුලු වල නහය කඩාගෙන යන්න දැනෙන සැර  සුවදවල් අස්සෙන් තනි වෙද්දි සමහරුන්ට' පොඩි ආතල් එකක් ' ඕවා ඉවර වෙන්නෙ මහා පරිමාණ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැනිලා පාට අහස් ලාව පාට වලාකුලු ඕවයි යට ගෙවුණු තරගකාරී ජීවන රටාවලින් ටිකකට මිදිලා පාට පාට නියෝන් එලි කැරකෙන රහස් කයි කතන්දර ඇහෙන අහු මුලු වල නහය කඩාගෙන යන්න දැනෙන සැර  සුවදවල් අස්සෙන් තනි වෙද්දි සමහරුන්ට
' පොඩි ආතල් එකක් '
ඕවා ඉවර වෙන්නෙ මහා පරිමාණයෙන් සිද්ධවෙන මනෝපාරවල්.. ස්වයං ගැටුම්.. එක්ක.

ඕකයි කියන්නෙ සමහරුන්ට මීවිත බදුන අතට ගන්න කලින් දෙපාරක් හිතන්න ඕන..

ලා සංගීත රටාවන් රැව්දෙන මහල් තුනක මැන්ෂන් එකක පහලම කොටසක වක්‍රාකාරව උඩට හැදුනු පඩිපේලියක් ගාවටම වෙන්න බිත්තියටම අල්ලලා හදලා තිබ්බ වයින් රැක් එකක්. නිල් පාට සුදු පාට එලි මැද්දෙන් වයින් බෝතල් වල හෙවනැලි බිත්තිය පාමුල එකපෙලට සිතුවම් වෙලා තිබ්බා.

කවුන්ටර් එක උඩ තිබ්බ ග්ලාස් එකක් ඇදලා අතට ගත්ත සෝනු බෙල්ල හරවලා බැලුවෙ මීට ටිකක් එහායින් ඉන්න කොල්ලො සෙට් එක දිහා. උන් ටික මොනාහරි කතාවක ඒ මූනු වල තනි අයිතිය අරන් තියෙන  සෙල්ලක්කාර හිනාවල් එක්ක අත් වල ඇගිල්ලක් වටේට කරකැවෙන බයික් යතුරු කැරැල් එක්ක ඊලගට වෙන්න යන්නෙ මොකක්ද කියලා සෝනු ට ලාවට වගේ තේරුනා.
දැන් ආයුෂ් දෙපාරක් විතර පිටිපස්ස හැරිලා සෝනු දිහා බැලුවා තමයි ඒත් අද අර වෙනදට ඒ මූනෙ තියෙන විසේකාර උනන්දු හිනාව ආයුෂ් ගෙ මූනෙන් මේ විනාඩි ගාන ඇතුලත මැකිලා තිබ්බා.

ස්වෙට් පෑන්ට් එකක් විතරක් ඇදන් එක අතක් ඉන උඩින් තියන් අනිත් අත එතන ඉස්සරහ තිබ්බ දඩුමොණරයක ටැංකිය ට බර කරන් හිටිය ආයුෂ් ගෙ නිරුවත් උඩුකය ඇතුලෙ තිබ්බ කහ පාට බල්බ් වලට දිලිසෙද්දි මේ වෙනකොටත් එතනම තව කොල්ලො දෙතුන් දෙන්නෙක් ගෙ අත් අස්සට වෙලා හිටිය ගැහුනු රූප වලින් සමහර බැල්මවල් ආයුෂ් තමන් වෙතට නොඋත්සාහයෙන්ම ලබාගන්න සමත්වෙලා තිබ්බා. ආයුෂ් කියන්නෙ තනි නිශ්ශබ්ද චරිතයක් හැබැයි උගේ ගැහුනු චරිත එක්ක ගතවෙන ජීවිතේ එලිය ලෝකෙට සෑහෙන්න විවෘතයි. ඒ ඇරුනම ආයුෂ් අභිමන්ත්‍ර කියන චරිතයෙ යටගිය තැන් දන්න කියන උන් ඉන්නෙ පොඩි ප්‍රමාණයයි.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now