_10_

622 94 107
                                    

" කවුද හුත්තො ටැප් ලයින් එක වහපු පරයා.."

" කෝ ඔය බෙල්ල විතරක් දිග් කරපන් සෝනු. තොට තියෙන විසේ බලපන් හැමදාම මොකක්හරි කරගන්නවා "

" අඩෝ ඒ වතුර පල් රහයි නෙ "

" වෙන්න ඇති ටොයිලට් එකෙ බාස්කට් එකක තිබ්බ වතුර එකක්...- "

" පුහ්..කැහැ කැහැ තුහ් විතරක් හුත්තො මට පෙවුනත් එක්ක මොන ජරාවක් ද.. අඩෝ මගේ මූන වන වෙයි ද බන් "

" ටැප් වල වතුර නෑ යකෝ.. මන් හෙන ගේමක් දීලා තනි අතින් මේක උස්සන් ආව එක ගැන සතුටු වෙයන් "

" අනේ රවිදු මේ... කුනුහුරප දන්නවද උබ දන්නැත්නම් කියපන් දිව අගටම ඇවිල්ලා තියෙන්නෙ මට හොදවයින් ටිකක් "

ඉස්කෝලෙ ගේම්ස් කැප්ටන් වුනු රවිදු එක්ක උදේ ට ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එක වටේ හයියෙන් වට ගාන ගනන් කර කර දුවන කැඩෙට් බෑන්ඩ් ලීඩර් මේ හිටියෙ ග්‍රවුන්ඩ් එකෙ පැත්තක සෙට් කරලා තිබ්බ ටැප් එකක් ගාව. මුන් ඩබල වටේට හය වසරෙ හත වසරේ පොඩි උන් ටිකක් වතුර බෝතල් දෙක තුනක් අතේ තියන් කටවලුත් ඇරන් බලන් ඉන්නෙ තඩි බකට් එකක් උස්සන් ඒකෙන් සුදු හුණු වලින් නෑවිලා තිබ්බ සෝනු ගේ මූන ට වතුර වක්කරන ගමන් කා කොටා ගන්න මේ ආදර්ශවත් අයියලා දෙන්නා දිහා.

" ඒහ් මල්ලි ඔය වතුර බෝතලයක් දීපන් "

සෝනු තඩි වතුර බොතලයක් බෙල්ලෙ බැදන් පැත්තකින් හිටගෙන ඉන්න කොට කලිසම් ගහපු පොඩි කොල්ලෙක් ට කියද්දි ඌ අඩියට දෙකට දුවන් ඇවිත් දෝත බදලා අර වතුර බෝතලයෙ මූඩියත් ඇරලම සෝනු ට දිග් කරද්දි සෝනු බෝතලෙ තිබ්බ වතුර ටික ඔලුවෙ ඉදන්ම හලාගත්තෙ සුදු පාට හුණු ටික වතුර එක්ක දියවෙලා පහලට ගලන් යද්දි.

" තෝ.. තෝ... පලයන් යන්න බේසික පුතා බලපන් අප්පිරියයි හුත්තෝ තුහ්....."

කටේ තියෙන කෙල ටික ඔක්කොම බිමට ගහලා අර බෝතලෙන්ම කට සෝදගත්ත සෝනු බෝතලෙ රවිදු ගෙ ඇගේ ගහලා හැරුනෙ ආයිත් ක්ලාස් එක පැත්තට යන්න.
සදුදා උදේම ඉන්ටවල් එක වෙලාවෙදි නවය වසරේ උන් වගයක් එක්ක දාගත්ත පොඩි පහේ වලියකට පිංසිද්ධ වෙන්න තව කොලු ගැටයෝ දෙන්නෙක් ගෙ ඇග කාලා ඉවර වුනු අතේ තිබ්බ ඉදුල් වතුර වලින් නාවලා ඒකට අනිත්පැත්තෙන් උන්ගෙන් ලැබුනු හුණු කොට්ට දෙකක ප්‍රහාරයෙ ප්‍රතිඵලයක් තමයි මේ. සුදු යුනිෆෝම් එක එක්ක සෝනු ගෙ ලා දුඹුරු පාට හම හුණු වලින් නෑවිලා යද්දි සෝනු ගෙ වලි වලට කවදත් මැදිහත් වෙන රවිදු එක්ක එලියට බහිද්දි සෝනු ගෙ විසේ ගැන හොදටම දන්න අනිත් තුන නම් සෝනු ට ඕන මගුලක් කියලා පාඩුවෙ ක්ලාස් එක ඇතුලට වෙලා හිටියා. මොකද ඉතින් ඉස්කෝලෙ දවසක නම් වලියක් නැතුව කොල්ලා ගෙදර යන්නෙ සෑහෙන අඩුවෙන් ඒකත් වලියක් නැතිම වුනොත් ගෙදර යන මගදි හරි අහක ඉන්න එකෙක්ව කුලප්පු කරලා ගලකින් හරි කෙලල යන සයිස් එකෙ විසයක් මූට තිබ්බෙ.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now