_08_

566 103 61
                                    

යුනිෆෝම් ඇදගත්ත ගැහැනු පිරිමි ලමයි අස්සෙන් රිංගගත්ත සෝනු කහ ඉරෙන් පාර මාරු වෙලා මේන් රෝඩ් එකෙන් එලියෙ අතුරුපාරක් ලගින් නවත්තලා තිබ්බ කැබ් එකක් ඇතුලට නැග්ගෙ මලානික වෙච්ච මූනකින්. එකයි තිහ පහුවුන නිසා පාරවල් වල තිබ්බ ට්‍රැෆික් එක එක්ක හෙමිහිට ඉස්සරහට ඇදුන කැබ් එක දාලා තිබ්බ ලෝකෙෂන් එකට යනකම්ම සෝනු කරේ පිටිපස්ස ෂීට් එකෙ ඉදන් ෂටර් එකට ඔලුව ගහන් පාර දිහා බලන් කල්පනා කරපු එක. ඉන්ටවල් එක වෙලාවෙදි අනිත් තුන් දෙනාගෙ ප්‍රශ්න වලින් අමාරුවෙන් බේරිලා හිටියට ඇත්තටම ඒ අහපු සමහර ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් සෝනු ට තිබ්බෙ නෑ කිව්වොත් හරි. ට්‍රැෆික් ලයිට් වලින් හැරවිලා විනාඩි විස්සකට විතර පස්සෙ කැබ් එක පොඩි පාරක් ඇතුලින් යද්දි ඒ පිටිපස්සෙන් යුනිෆෝම් ඇදගත්ත තව කොල්ලො දෙන්නෙක් ගෙ බයික් දෙකක් ඇදුනෙත් කාටවත්ම නෝට් නොවෙන විදියට.

" සර් ලොකේෂන් එකට ඇවිත් "

ඩ්‍රයිවින් ෂිට් එකෙ හිටිය මැදිවයසෙ කෙනා පිටිපස්ස හැරිලා සෝනු ගෙ උඩ ඉදන් යටට අමුතු විදියට බලලා කියද්දි හරි සිහියට ආව සෝනු කැබ් එකට කාර්ඩ් එකෙන් පේ කරලා තිබ්බ නිසා එහාපැත්තෙන් ෂීට් එක උඩ තිබ්බ ස්කූල් බෑග් එකත් පිටට දාගෙන කැබ් එකෙන් බහින ගමන් බෑග් එක ඇතුලින් ගත්ත කැප් එකක් මූන වැහෙන්නම පහලට කරන් දාගෙන කෙලින්ම එතන ඉස්සරහ තිබ්බ පරණ පාට කඩයක් ඇතුලට ඇවිදන් ගියෙ මේ ප්ලේස් එක හොදට හුරුපුරුදු කෙනෙක් වගේ. ඒක දුර්වර්ණ වෙච්ච බිත්ති මැදින් හදලා තිබ්බ කිසිම ප්‍රසන්න පෙනුමක් නැති වැඩිය මිනිස්සු නොගැවසෙන තැනක් කියලා බැලූබැල්මට කියන්න පුලුවන්. කඩේ ඇතුලෙ ඉදන් වයසක මනුස්සයෙක් ඇවිල්ලා වාඩිවෙලා ඉන්න සෝනු දිහාවට බැල්මක් දීලා ආයිත් කඩේ ඇතුලට ගියෙ මීට කලින් මෙතෙන්ට ආව තරමට සෝනු ව ඒ මනුස්සයටත් මතක තිබ්බ නිසා වෙන්න ඇති. සාමාන්‍යයෙන් මෙතනට එන යන උන් අතරේ යුනිෆෝම් ඇදගත්ත කෙල්ලො කොල්ලො පිරිසක් හිටියට සමාජෙ ඇතුලෙ තැනක් තියෙනවා කියන්න පුලුවන් මිනිහෙක් නම් අඩියක්වත් තියෙන්නෙ නැති පැත්තක් තමයි මේ.
සෝනු වාඩිවෙලා උපරිම වුනොත් විනාඩි දහයක් යන්න ඇති වැහිලා තිබ්බ ඉස්සරහ දොර යකඩ ගොඩක් හෙලවෙන සද්දෙන් ඇරීගෙන ඇතුලට ආවේ කලු පාට බොටම් එකකට කලු පාටම ටී ෂර්ට් එකක් ඇදගත්ත කොල්ලෙක් එක්ක තව ඒ වයසෙම වගේ කියන්න පුලුවන් කොල්ලෙක්.

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now