" නොකියාම ඉන්නම් මගේ ප්රාර්ථනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා.."" මොකද උබ..? "
පිටිපස්සෙන් කනට ලංකරලා ඇහුනු කටහඩ ට සෝනු ගැස්සිලා ගියා කොච්චර ද කිව්වොත් අතේ තිබ්බ ශැම්පේන් ග්ලාස් එකෙන් බිංදු තුන හතරක් ඇදන් හිටිය ෂර්ට් අත උඩ තැන් තැන් වල ස්ථානගත වුනා.
" මන් දන්නෙ නෑනෙ උබ අරූ දිහා ඈතට වෙලා බලන් ඉන්න ඔච්චරටම ආසයි කියලා "
සෝනු පිටිපස්සෙන් ඇවිත් තමන් ගෙ කරවටේ බැදුන අයාන් ගෙ අත උත්තර රහිත විදියට ගස්සලා දැම්මෙ ආයිත් අයාන් සෝනු ගෙ උරහිස් වටෙන් අත යවලා කොල්ලව ලං කර ගනිද්දි.
" බොරු මරිසි එපා සගොර්.. මන් ඕක දැනගෙන දැන් දවස් දෙකක් හරිතෙ "
සෝනු ඇස් දෙක හීනි කරලා අයාන් දිහා බැලුවෙ මෙච්චර වෙලා භාවනාවක් වගේ සමවැදිලා හිටිය රූපෙන් ඇස් අරගන්න ගමන්.
" උබ දන්නවා නෙ ඉතින් මට හොරෙන් උබ ඔය නටන නැටුම් වල තාලෙට අඩියක්වත් තියන්න ඉඩක් නෑ කියන්න. මට කියලා
ඉන්න එකම එකා උබනෙ බන්. උබ හැරෙද්දි මන් දන්නවා මොකක්ද ඊලගට වෙන්න යන්නෙ කියලා.
උබ දැන් අද මෙතනට ඇවිල්ලත් අරූට පේන්න සෙහස් එක්ක දැගලුවට උබේ ඇස් කැරකිලා කැරකිලා යන්නෙම අරූ ගාවට මන් බලන් හිටියෙ "" උබට මන් ගැන බලන්නත් වෙලාවක් තිබ්බ ද පුදුමයි.. මන් ඒත් බලන් හිටියෙ අර පොඩි කොල්ලෙක්ව අරන් නලවනවා "
සෝනු රවලා කියද්දි අයාන් අමුතු ලුක් එකක් අරන් අනිත් අතින් උස්සලා තිබ්බ කොන්ඩෙ ටික පිටිපස්සට කරගෙන හෝල් එකෙ වෙන පැත්තකට හැරුනා.
සෝනු ටත් වඩා බාල වුනාට මූ හෙන හැඩකාරයා. කොන්ඩෙ උඩට දාලා කිට මරලා ඉද්දි ඉතින් වෙනම කියන්න ඕන නෑ වයසට වඩා තිබ්බ මුහුකුරා ගියපු පෙනුම එක්ක අද කොල්ලා වෙනදාටත් වැඩිය ලස්සනයි.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka