_16_

598 90 77
                                    

" හැලෙන එකක් නෑනේ තාත්තෙ "

" උබේ දැගලිල්ලට අනුලෝම සමානුපාතික යි සරම හැලෙන එක. අන්න ඒක මතක තියාගෙන ඉදපන්කො එතකොට ප්‍රශ්නයක් නෑ "

" අනුලෝම සමානුපාතික කියන්නෙ අර අච්චරට මෙච්චරක්නම් මෙච්චරට කොච්චර ද කියන සීන් එක නේද "

සෝනු හිටියෙ සෝෆා එකෙ වාඩිවෙලා ඉන්න ලෝය මහත්තයට ඉස්සරහින් හිටගෙන අත් දෙකෙන්ම සුදු ෂර්ට් එක බඩ ගාවට එනකම් උස්සගෙන. ලෝයර් මහත්තයත් පුතන්ඩියගෙ විසේ තරම දන්න නිසාම දන්න කියන ගැට ටික ඔක්කොම ගහලා සරම තද කරලා බදින ගමන් හිටියෙ.

" හරි...තද නෑනෙ හුස්ම ගන්න පුලුවන් නෙ "

සරම හදලා ජයග්‍රාහී විදියට අත ගත්තා විතරයි ලෝයර් මහත්තයගෙ මූන ඒ තත්පරෙන්ම කලු වෙලා ගිහින් සෝනු ට රැව්වා. කොල්ලා මෙච්චර වෙලා සරම තදකරලා හදනකම් ඉදලා තිබ්බෙ බඩ පුලුවන් තරම් ඇතුලට කරගෙන වැඩේ ඉවර වුනු ගමන් ම ඉතින් ඇතුලට අකුලව ගත්ත බඩ ඉස්සරහට දාද්දි සෝනු ගෙ මූනත් එක්ක පිම්බිලා ගියෙ බඩ තද වුනු එකට.

" අනේ පුතේ.. උබට බැරිද අදත් කලිසම ම ඇදන් යන්න "

" අම්මේ තාත්තා ට අන්දවන්න බෑලු "

" විජේ.. "

" නෑ නෑ මේඝා මේ අන්දවනවා.. බඩ දාගනින්කො සාමාන්‍ය විදියට පස්සට ගන්න එපා. පුතේ උබෙ මොලේ ගැනනම් කතාකරලා වැඩක් නෑ "

යන්තම් හතයි දහය වෙද්දි තුන් වෙනි වතාවටත් සරම අන්දවලා ඉවර වෙද්දි සෝනු ස්කූල් බෑග් එකත් අරන් එලියට බැස්සෙ ඒ පිටිපස්සෙන් යුද්ධයකට ගිහින් ආවා වගේ මූඩ් එකකින් එලි බැස්ස ලෝයර් මහත්තයා ගිහින් කාර් එක එලියට දාද්දි.

" අම්මේ අපි ගියා.. පරිස්සමින් ඉන්ඩෝ "

" බුදුසරණයි සුදූ.. මල් වට්ටිය කරකවන්න එපා මල් ටික තැලෙයි.. බෑග් එකෙ සයිඩ් පොකට් එකෙ දැහැත් ටික ඇති මතක ඇතුව දෙන්න ආයිත් ගෙදර එහෙම උස්සන් එනවා නෙවෙයි. ඔය සරම බලාගෙන කොට කලිසමක් ඇදගත්තනෙ "

" අපෝ කෑගහන්න එපා මේඝනො පාරෙ යන උන්ට උදේ පාන්දර විහිලු සපයනවානෙ මෙයා "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now