" අර විජෙත් අන්ද්‍රෙව් ගෙ පුතා නේද...තාත්තා රටේ නම ගියපු ලොක්කො... ඒකට පුතා...."
" බැලුවොත් ඇත්නම් ඕකා කාත් එක්ක හරි පාරවල් ගානෙ කාකොටාගන්නවා. ඉස්කෝල ඉවර වුනාම අනිත් ළමයින්ට පාරවල් වල බැහැලා යන්න බෑ මුන් නිසා "
" අප්පලගෙ රැස් නෙ...."
" වෙන මොනවද කෙල්ලොන්ගෙ ප්‍රශ්නයක් වෙන්න ඇති. "
මල් වත්ත පාර මේ ටයිම් එකට වලියක් කියන්නෙ ඉතින් මහලොකු පුදුමයක් නෙවෙයි. ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට පාරවල් වල ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ ඒ අස්සෙ ප්‍රධාන පෙලේ පාසල් දෙකක් ගාවින් වැටිලා තිබ්බ මල් වත්ත පාරෙ අවසන් කෙලවර ගාව කොල්ලො සෙට් එකක්ම වටවෙලා වලියක්. එහෙන් මෙහෙන් මේ දිහා බලාගෙන වාහන වල යන වැඩිහිටි පිරිස් ගෙන් නම් වැඩිහරියක්ම එළිපිටම මුවින් බැනලා තමයි ඔතන පාස් කරන් ගියෙ.
පොඩියි කිව්වට පොඩිමත් නෑ එකම පාසලක කොල්ලො තුන් හතර දෙනෙක් පටන්ගත්ත වලිය ට මේ වෙද්දි අහවල් බොයි ස්කූල් වල ඒලෙවෙල් සෙක්ෂන් වල උනුයි ඕලෙවෙල් කරන පොඩි උනුයි බැහැලා හිටියෙ.
" වටේ යන පො#..යො "
" කොහෙද හුත්තො දුවන්නෙ. ඇයි කලින් අල්ලපු ලයින් බැස්සද. "
" ඔය කොලුකාරයො එක්ක කතාවට යන්න එපා ඕයි ඕකුන් ගෑවුනත් ඇති "
ගර්ල් ස්කූල් එකෙ කෙල්ලො ටිකකුත් එහාට වෙන්න හිටගෙන වලිය දිහා බලන් නලියනවා. ඕකුන් නම් වලිය පටන්ගත්තෙ ඇයි කියන්නවත් දන්නෙ නැතුව ඇති. උන් ඉතින් නලියන්නෙ එතන උන්ගෙ මිනිහලා ඉන්නවද කියලා බලාගන්න.
" සෝනු අල්ලලා දාපන් දැන් ඇති හුත්තො...බෝඩ් එකෙ උන් ආවොත් අග මුල කියන්න ගිහින් තව කේස් "
" ඇයි ලැජ්ජයි ද...වටේටම බෙදනකොට කොහෙද දන්නෑ ඔය ලැජ්ජාව තිබ්බෙ "
කොල්ලෙක් ඇවිත් සෝනු ව ඇදලා පිටිපස්සට ගනිද්දි ටිකක්හරි කන්ට්‍රෝල් වුනු කොල්ලගෙ ඇග ඇතුලින් ආයිත් ලේ රත් වෙන්න ගියෙ තත්පරයි. කොහොමත් කොල්ලා හිටියෙ දැනුන ආවේගය පාලනය කරගන්න පුලුවන් මට්ටමක නෙවෙයි. වෙන ඕනම මාතෘකාවකදි ඉවසගන්න පුලුවන් ඒත් වලියෙ මුලසුන දැරුව අනිත් පාර්ශවය ඇදලා ගත්තෙ සෝනු ගෙ වීක්ම පොයින්ට් එක... ඒකත් ඉස්කොලෙන් බාගයක්ම උන් මැද්දේ කරන්න පුලුවන් උපරිම අපහාසයන් වලින්.
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka