_35_

4K 480 200
                                    

සෝනු ඇදන් හිටිය ටී ෂර්ට් එක කොලර් එක ලගින් උස්සලා ඒ දැනුන ජැස්මින් සුවද නාස්පුඩු ඇතුලට තව ටිකක් ඇදලා ගත්තා. ආයුෂ් ගෙ ස්කූල් යුනිෆෝම් එකෙන් දැනෙන්නෙත් මේ සුවදමයි. කොල්ලට වඩා ටිකක් ලොකු ටී ෂර්ට් එකෙ අතක් එක උරහිසකින් පහලට හැලිලා ගිහින්...
සෝනු ගෙ ඇස් වල බැල්ම කාමරේ කොනක එල්ලලා තිබ්බ dream catcher එකක් අස්සෙ කිසිම චලනයක් නැතුව හිරවෙලා තිබ්බෙ.
වෙන කිසිම දෙයක් ඔලුව ඇතුළෙ අංශූමාත්‍ර ඉඩක් නොගනිද්දි සෝනු ගෙ ඔලුව ඇතුලෙ ගතවෙන තත්පරයක් ගානෙම මැවුනෙ මීට ටිකකට කලින් වුනු සිද්ධි මාලාව.
හරියට නිකන් හීනයක ඉදන් ඇහැරුනා වගේ දැනෙන්නෙ. ඇත්තද බොරු ද මවාගැනිල්ලක් ද කියලා කොල්ලට තාම හිතාගන්න බෑ.
තාත්තා ආයුෂ් දිමිත්‍ර ඒ තුන් දෙනා ගැනම සෝනු ට දැනුනෙ මහා ගුප්ත සංකීර්ණ බවක්.
අදුරු වටපිටාවක් තිබ්බ ඒ ගෙදර ඇතුළෙ තමන් ගෙ අතින් ම තමන් ගෙ ඇස් ඉස්සරහම වෙච්ච ලේ විසිරුණු සිද්ධිය ඊටත් පස්සෙ කිසිම ගානක් නැතුව හැසිරුනු ආයුෂ් හිටි හැටියෙම එතෙන්ට කඩන් වැදුනු දිමිත්‍ර එහෙන් එන්න කලින් එක කෝල් එකකින් කලබලෙන් දුවන් ආව තමන් ගෙ තාත්තා... මොනවා නැතත් සෝනු ට ශුවර් මේ වෙද්දි අර ගෙදර එක ලේ බිංදුවක් නැති වෙන්න වැඩ සැලැස්විලා ඇති කියන්න. මිනිහෙක් මැරුවා හෝ මැරුනා තියා ඒ ගෙදර මිනිස් වාසයක් තිබ්බද කියලා හොයාගන්න බැරි වෙන්න හැමදෙයක්ම අනිත් පැත්ත ගහලා ඇති.

" සුදූ.."

ඒසී එකෙ හීතලට බ්ලැන්කට් එකක් අස්සෙ ගුලිවෙලා හිටිය සෝනු කාමරේ දොරෙන් ඇතුලට ආව ලෝයර් මහත්තයා ව දැකලා ඇදෙන් කෙලින් වුනා.

" දැන් කොහොමද.. සුදුමැලි ගතියනම් ඇරිලා ගිහිල්ලා "

" අවුලක් නෑ "

ලෝයර් මහත්තයා දිග් කරපු අතක් අල්ලගෙන ඒ ඇග අස්සෙ දැවටුන සෝනු ගෙ හිස් මුදුනට චූටි චූටි හාදු ගොඩක් වැදුනා. ලෝයර් මහත්තයා ගාවින් එන්නෙ සැර පෆියුම් සුවදක් ඒකින් මෙච්චර වෙලා ආයුෂ් ගෙ ටී ෂර්ට් එකෙන් දැනුන ජැස්මින් සුවද මැකිලා ගියා වගේ...

" ආයිත් කලින් වෙච්ච කෙරිච්ච දේවල් ගැන ආපස්සට හිතන්න ඕන නෑ තේරුනාද.. මන් ඒ හැමදෙයක්ම හරිගස්සලා ඉවරයි "

CAFE 20 ( BL ) ONGOING Where stories live. Discover now